නීත්‍යනුකූල නොවන අන්දමින් 'චුටි පුතා' නම් හොර අලි පැටියකු ළඟ තබාගත් බව කියන උඩුවේ ධම්මාලෝක හිමියන්ට කොළඹ මහාධිකරණය එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට අදාළව නීතිපතිවරයා අද (20) අධිචෝදනා කියවා බාර දෙනු ලැබීය.
එම චෝදනාවලට නිවැරදිකරු බව ධම්මාලෝක හිමියෝ කීහ. ඒ අනුව මහාධිකරණය ඒ හිමියෝ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප මත දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.
නඩු විභාගය අගෝස්තු 2 වැනි දා ට කල් තැබිණි.
ඇප නියම කරමින් මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පැවසුයේ එම හිමියන් මාධ්‍යයට කරන ප්‍රකාශ නඩුවට හානි දායක බවයි. එවැනි ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටින්නැයි විනිසුරු සැකකාර හිමියනට අවවාද කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.