නීත්‍යනුකූල නොවන අන්දමින් 'චුටි පුතා' නම් හොර අලි පැටියකු ළඟ තබාගත් බව කියන උඩුවේ ධම්මාලෝක හිමියන්ට කොළඹ මහාධිකරණය එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට අදාළව නීතිපතිවරයා අද (20) අධිචෝදනා කියවා බාර දෙනු ලැබීය.
එම චෝදනාවලට නිවැරදිකරු බව ධම්මාලෝක හිමියෝ කීහ. ඒ අනුව මහාධිකරණය ඒ හිමියෝ රුපියල් ලක්ෂ 100ක ශරීර ඇප මත දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.
නඩු විභාගය අගෝස්තු 2 වැනි දා ට කල් තැබිණි.
ඇප නියම කරමින් මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න පැවසුයේ එම හිමියන් මාධ්‍යයට කරන ප්‍රකාශ නඩුවට හානි දායක බවයි. එවැනි ප්‍රකාශ කිරිමෙන් වැළකී සිටින්නැයි විනිසුරු සැකකාර හිමියනට අවවාද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතියට ගරු කරන්න. (ර)
කල යුත්තේ උසාවියට කරුණු ඉදිරිපත් කර නිවැරදි වීමට කටයුතු කිරීමයි. (ර)
අපි නම් කවදත් උඩුවේ හිමියන්ගේ පැත්තේ (නි)
අහිංසක අලි පැටියා (බ)
අපේ හාමුදුරුවනේ මේක යහා පාලනය තිබෙන කාලයක් නිසා බන කියද්දී පරිස්සමෙන් .(හේ)
අලි වැඩට බැස්සහම ඇපත් අලි ගණනින්ම තැන්පත් කරන්න වෙනවා. (නි)
අර මහබැංකු මංකොල්ලය සම්බන්ධයෙන් වැරදිකරුවන් නැද්ද එතකොට? (නි)
හාමුදුරුවෝ හිත මතා වරදක් කර නොමැතිනම් මේවා කරන අයට පව් සිද්ධ වෙනවා (බ)
විනිසුරුවරු කීදෙනෙක් හිටියත් කැලේ කපන අයට නඩු නැහැනේ. නඩු වැටෙන්නේ අහිංසක හාමුදුරුවරුන්ට පමණයි. (නි)
ඉතාමත් හොඳ අවවාදයක්. එහෙම නැත්නම් මේ ප්‍රශ්නය විවිධාකාරයට අර්ථ දක්වන්න පටන් ගනීවි. (ර)
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණ වේවා! (නි)
කොහොම බන කියන්නද මන්ද? (ම)
ඉස්සර ගරැතර ස්වාමීන් වහන්ස්‍ෙලා ගෙන් අවවාද ගත්තෙ මිනිස්සු දැන් උන්වහන් ස්‍ෙලාට අවවාද දෙන ලෝකයක් (ම)
හාමුදුරුවනේ ! ඔබවහන්සේ අපට කියනවනේද පන්සිල් පද 5 වත් රකින්න කියා. මුසාවාද වේරමනී සික්ඛාපදං සමාදියාමි යන ශික්ෂාපදය ඔබ වහන්සේලාට අදාළ නැත්ද ? (බ)
අපි මෙයාලට කොච්චර නම් ගෞරව කරනවාද ? (බ)