කොළඹ ජාතික කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ සොරාගත් අය දෙසතියකින් අත්අඩංගුවට ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පැවසීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එලෙස පැවසුවේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති ‘සියපත්විල‘ වැඩසටහනට සහභාගී වෙමිනි.
ක්ෂණික සාක්ෂි නොමැතිව වුවද සැකකරුවන් අල්ලා ගැනීමට තරම් ශ්‍රී ලංකා පොලීසියේ දක්ෂ නිලධාරීන් සිටින බව ද ඔහු පැවසීය.
ආරක්ෂක අමාත්‍යංශයෙන් සංවිධානය කරන ‘සියපත්විල‘ ප්‍රසංගයේ අරමුණ පොලිස් නිලධාරීන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් මහජන මිත්‍රශීලී පොලිස් සේවයක් ඇති කිරීමයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ බයිලා නොගහ ඉන්නකෝ
හොරු නැතත් බඩු ටික තමයි මට නම් ඕන. ඕව තවමත් ලංකාවේද එහෙමත් නැත්නම් නැවක, සාගරයක් තරණය කරනවද වෙන දේශයක් බලා මගේ හිතට හරි දුක හිතෙනවා. කව්රු මොනවා කිව්වත් පොලිසියට පුළුවන් වුනොත් බඩු ටික හොයා දෙන්න ඔයාල හැබෑම වීරයෝ.........
ආ.. හොර බඩු විකුණලා ඉවරයි වගේ
හොරු දේශපාලඥයින්ගෙන් උදවු ගන්නවා නම් පොලිසිය මක් කරන්නද?
ධනූෂි නවරත්න මම මේ ආදරේටයි කියන්නේ. ඔයාත් කැමතිද අපේ ජනරාල්තුමාට වුනා වගේ දෙයක් කර ගන්න. රජය විවේචනය කරන්න යන්න එපා. මොකද එහි ප්‍රතිඵල භයානකයි. නඩුවක් දාලා ඔයාවත් හිරේට ඇරලා අවුරුද්දකින් දෙකකින් නිදහස් කරලා දමාවි..
ඇයි සති දෙකක්, දැනමම දාන්න. ලංකාවේ නිතිය හරිම පුදුමයි.
කටින් බතල හිටවන්නේ මේන් මෙහෙම තමයි
හක.... හක.... හක....
තමන්ගේ දේශය ගැන කැක්‍කුමක් නැති දෙවල් කරන්න සහයෝගය දෙන්න එපා. අපි සිංහලයෝය ජාතියක් හැටියට නැගිටින්න බැරි ඔබලා නිසා නේද? (දී)
අපි නම් පොලිස් සේවය ගැන කිසිම පැහැදීමක් නොමැත.ඔබලා හෝ අඩු ගනනේ පැහැදීමක් ඇත්නම් බිරින්දෑවරුන්ට හරි සතුටු විය හැකිනෙ.77 පසු මේ රට අගාදයට ගෙනිච්ච බව ඔක්‌කොම පොලිස් පතිවරු දන්නා රහසක් නේ.ඔය හොරු අල්ලන්න ඔච්චර කල් ගැනීමෙන්ම දක්‍ෂතාව දැක්‌කා.අහිංසක කවුරු හරි ඉදිරිපත් කරයි.බීඩි කොටත් එතන කටුගේ ලග තිබුනානේ.
අනේ බයිලා....
ඉස්සර සින්දු කිවුවා.දැන් බයිලා කියනවා
ටිකක් ඉන්නකෝ පොලිසීය හොරු අල්ලලා දේවී.මේ ගොල්ලන්ටනේ ඉන්න බැරි අමාරුවක් හැදිලා තියෙන්නේ. කොළඹ කෞතුකාගාරය කියන්නේ මොකද ඔහෙලාගේ අම්මගේ අප්පගේ බූදලේයෑ.ඔය සේරම හරි නම් රජයට අයිතියි.රජයට අයිති දේවල් ලබා ගැනීමේ අයිතියත් රජය සතුයි. මට මේක ලියනවට මොනවා හරි ලබා දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා.ඇයි පංචායුධට දෙන්න පුළුවන් නම් අපි වාගේ කෙනෙකුට විශ්වවිද්‍යාලයක කථිකාචාර්ය පෝස්ට් එකක්වත් දෙන්න බැරි..
දැන් කාලේ සැකකාරයෝ සල්ලි වලටත් හයර් කරන්න පුළුවන්
ෂුවර්.ඔබතුමාට පුලුවන්.හොරුන්ට වැඩි කාලයක් හැංගිලා ඉන්න බෑ
වහින්න පටන් ගන්නකොට මම ඒත් හිතුවා ඕක
අනේ හොදයි... පොලිස් මහත්තුරැන්ට මහජනයට කතාකරන විදිහත් උගන්නන්න...
කාවද බලමු අල්ලන්නෙ.....??
දෙසතියෙන් කූඩුවට... දවසින් එළියට.... අල්ලමුද ඔට්ටුවක්?
හොරුනම් අනේ මන්ද බඩු ටික හම්බුනොත් හොඳයි...
අහන්නත් ගොඩක් සන්තෝසයි
බොරු කියන්නේ නැත්නම් තමයි හොඳ
කූඩුවට ඉටි පන්දමක් මම ගාණේ
මෙම කියමනත් කටුගෙටම දාන්න වෙයිද?
නදී මේ අයගේ කතාවේ තරමට වැඩ නැති බව ඔයාට ලගඳීම වැටහෙයි.
හොරු ඇල්ලුවා කියමුකෝ.ඒත් බඩු හම්බ වෙයිද?
අනවශ්‍ය බලපෑම් නැත්නම් පොලිසියට ඕන ප්‍රශණයක් විසදගන්න පුළුවන්....
සති දෙකෙන් හොරැ එන්නං කිව්වද??
බොහොම හොදයි අපි බලාගෙන ඉන්නවා....
ඉතාම හොද ආරංචියක්... අපි සියලුදෙනාම හොද ප්‍රතිඵලයක් බලාපෙරෙත්තුවෙන් ඉන්නවා
ඔය ආරංචිය කවදා එයිද කියල තමයි අපිත් බලාගෙන උන්නෙ...
මමත් උදයන්තිගෙ අදහසට එකගයි..
එහෙම නං ඇත්ත හොරා වෙන්න බෑ
පොලිස්පතිතුමා සමග ගිවිසුමක් අත්සන් කරල වද්ද?
කූඩුව කිව්වෙ සංසථාවක ඔෆිස් එකේ පාටිෂන් කරපු කොටසකටද දන්නේ නෑ
කඩුව හම්බවෙයි නේ.....
හොරුන්ට DPL පාස්පෝට් හදලා රට යවන්න සති දෙකක්ම යනවද?
අනේ මහත්තයෝ අපි නොදන්න පොලීසිය. හොරා කව්ද කියලා හොයලා දුන්නත් අල්ලන්න බැරි පොලීසිය හොරාව හොයලා අල්ලනවලු. කටින්ද කථා කරන්නේ නැත්නම් වෙන පැත්තකින්ද?
අල්ලන්නකෝ බලන්න.අහුවෙයිද දන්නේ නෑ
හොරු කිවුවද දන්නේ නෑ තට සති දෙකකින් භාර වෙනවා කියලා පොලිසියට.නැත්නම් පොලිසිය පේන කියනවද දන්නේ නෑ
සති දෙකක් දීල තියෙනවා රටින් පැන ගන්න ඔන්න...
මෙයත් අනාගතය අඳුරු කරගන්න වගේ සැරසෙන්නේ
හොරාට පළ නොකියා පලා බෙදනවා වගේ ප්‍රකාශයක්
පොලිසියට බාලගිරි දෝෂය හැදී ඇත.එමනිසා හොරු ඇල්ලීම අද නොවෙයි හෙට
මෙහෙම සති දෙකෙන් අල්ලනවා කිව්වම හොරැ ටික පැනල යන් හරි හැංගෙන්න හරි පුළුවන්නෙ...
ෂරි අප්පා.. ෂරි
ආණ්ඩුවට සම්බන්ධ අය අල්ලන්න පුළුවන්ද?
ඒකියන්නෙ හොරැ කව්දු කියල දන්නව... නැකත එනකං ඉන්නෙ අල්ලන්න...
බොරු නැතිනම් මරු
හොරා රට ගිහින් ඇති.. පොලිසිය ඉන්නකෝ එනකල්.. බදලා අල්ල ගන්න පුලුවන් වෙයි
ඇයි සති දෙකක්? අදම ඇල්ලුව නම් ඉවරනේ
"ලලිත් 2012-05-26 20:58:00 අනවශ්‍ය බලපෑම් නැත්නම් පොලිසියට ඕන ප්‍රශණයක් විසදගන්න පුළුවන්.... " කතාව ඇත්ත ලලිත්. මුහුදේ තිබුන කේ.පී. ගේ නැවු අත් අඩංගුවට ගෙන මෙරටට අරන් ඒමට තරම් දක්ෂ නිලධාරීන් අපට ඉන්නවා. ඔවුන්ට වැඩ කරන්න දෙනවනම් ඔවුන් මේ රටේ නීතිය රකින බව සහතිකයි . එහෙත් ඊට ඉඩක් කිසිදු පාලන තන්ත්‍රයකින් නොලැබීම අපේ රටේ අවාසනාවක්. මේකෙදිත් කවුරුන් හෝ අල්ලලා උසාවියට පෙන්වාවි, ඉන් එහාට සිදුවන දේ අපි බලාහිඳිමු... කේ.පීටත් දඬුවම් දුන්නනේ...
හොරු දැනටමත් අල්ලාගෙන ඇති.
කෞතුකාරාගෙ දේවල් හොරකන් කරනවා කියන්නේ අපේ ජාතිය නැතිකරනවා කියන එකයි. ඒ වගේ අයට නිදහසේ ඉන්න දෙන්න එපා...
හොරු කවුරු වුණත් කමක් නෑ.හරි කඩුව මිසක් බොරු කඩු එපා
අනේ, අහිංසකයෙක්ව කොටු කර ගනීද දන්නේ නෑ
පොලිස්පති කම ගන්න ඔන්න අවස්තාව