කොළඹ කෞතුකාගාරයේ පුරාවස්තු සොරකමේ සැකකරු වන සුරංග ජයකාන්ත හෙවත් කන් ගැට්ටා පෙබරවාරි 15 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
රහස් පොලිසිය උසාවියට දැන්වූයේ පරීක්ෂණ වාර්තාව උපදෙස් පතා නීතිපතිට යැවූ බවයි.
මේ නඩුවේ තවත් සැකකරුවෝ හත් දෙනෙක් ඇප මත මුදාහරිනු ලැබ සිටිති.
කටුගෙයි තිබුණු රන් ආලේපිත කඩු 10ක් මැණික් ඔබවූ රන් මුදුවක් රන් කාසි 93ක් රිදී මුදු 18ක් රිදී කාසි 50ක් තඹ කාසි 9ක් පුරාණ නෝට්ටු 34ක් රන් හා රිදී කඩුවක් මැණික් එබ්බවූ සැරයටියක් රන් රිදී වැඩ දැමූ පටියක් රන් රිදී එබ්බවූ තවත් කඩුද සොරාගෙන ඇතැයි පැමිණිල්ල කියයි.
විභාගය ජූනි 27ට කල් තැබිණි.
මිල කළ නොහැකි රාජාභරණ ද මේ අතර වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ කෞතුකාගාරයේ කැමරා පද්ධිතිය විසන්දි කරලා මෙවැනි දෙයක් කරන්න බැහැ. මම හිතන් හිටියේ යහපලනයේදී නියම හොරු අල්ලලා දැඩි දඩුවම් ලබා දේවි කියලයි. (ර)
මේ කන් ගැට්ටත් කොළඹ කෞතුකාගාරයේ තිබෙන තැනවත් දන්නවද කියන එක සැකයි. (ර)
කන්ගැට්ටාගේ මේ ක්‍රියාව හොරකමක් විතරක් නෙමෙයි, ජාතික අපරාධයක්. (නි)
මේ තරම් දෙයක් කන්ගැට්ටාට කරන්න පුලුවන් නම් මොනවා කරන්න බැරිද? (නි)
දැන්වත් නියම හොරු අල්ලලා මහගෙදරට යවන්න. (නි)
රාජ ඌෂ්ණය තිබුනේ නම් ලංකාවේ එකම එක්කෙනාටනේ. දැන්වත් නීතියක් රීතියක් තිබෙන රටක් කියලා ලෝකෙට පෙන්වන්න. (නි)
ඕවා හොරකම් කරලා ඉන්පස්සේ සිදුවුණේ මොකක්ද කියලා මුළු රටම දන්නවා. (නි)
මොනවා කරන්නද කන්ගැට්ටෝ? පෙර කළ පව් තමයි ඔය ගෙවන්නේ... (නි)
පහුගිය කාලේ ඕක ගැන ප්‍රසිද්ධ ඇමතියෙක් ගැන කිව්වා. දැන් සියලුම දොස් ආපසු කන්ගැට්ටා පිටට හැරවිලාද? (නි)
මේක කළේ කවුද කියලා ලංකාවම දන්නවනම් මොකක්ද මේ කරන විහිලුව අර කොටදෙනියාවේ ඕ අයි සී වගේ. (බ)
අනේ පව් මේ කන්ගැට්ටා.(හේ).
මේ කළ ජාතික අපරාධය ගැන දැන්වත් සොයා බලා උපරිම දඩුවම් දෙන්නේනම් හොදයි (බ)
කටුගෙයි සොරකම දෙවන කොටස - "කන් ගැට්ටා 2" (බ)