ජාතික කෞතුකාගාරයේ තිබූ මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ සෙරුන් පිළිබඳව තොරතුරු සොයන රහස් පොලිසිය එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දත්ත හා ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණයට අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු රහස් පොලිසිය වෙත කඩිනමින් වාර්තා ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (20) කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු හා තාක්ෂණ පීඨාධිපතිට සහ රාගම අනුක වෛද්‍ය ඒකකයේ පීඨාධිපතිට නියෝග කෙළේය. සොරුන් එහි ඇතුළුවන සමීප රූප දර්ශන කැමරා ක්‍රියාත්මක නොවී තිබූ බව ද අධිකරණයේ දී කියැවිණි. රන් අලේප කළ කස්තාන කඩු දහයක්, නෝට්ටු 4ක්, රන්කාසි 93ක්, රිදීමුදු 18ක්, රිදී කාසි 50ක්, මැණික් එබ්බූ රන් මුදුවක්, ඊයම් කාසි නවයක්, නුගවෙල අදිකාරමගේ කඩුව, ඔහුගේ බස්තම් දෙකක මිටි දෙකක් හා ඔහුගේ රන් බඳපටය සොරාගත් භාණ්ඩ බව පොලිසිය කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd