IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කටුගෙයි සොරකමේ වාර්තා ඉල්ලයි

ජාතික කෞතුකාගාරයේ තිබූ මිල කළ නොහැකි පෞරාණික භාණ්ඩ සෙරුන්  පිළිබඳව තොරතුරු සොයන රහස් පොලිසිය එහි සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා දත්ත හා ඩී.එන්.ඒ. ජාන පරීක්ෂණයට අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු රහස්  පොලිසිය වෙත කඩිනමින් වාර්තා ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (20) කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු හා තාක්ෂණ පීඨාධිපතිට සහ රාගම අනුක වෛද්‍ය ඒකකයේ පීඨාධිපතිට නියෝග කෙළේය. සොරුන් එහි ඇතුළුවන සමීප රූප දර්ශන කැමරා ක්‍රියාත්මක නොවී තිබූ බව ද අධිකරණයේ දී කියැවිණි. රන් අලේප කළ කස්තාන කඩු දහයක්, නෝට්ටු 4ක්, රන්කාසි 93ක්, රිදීමුදු 18ක්, රිදී කාසි 50ක්, මැණික් එබ්බූ රන් මුදුවක්, ඊයම් කාසි නවයක්, නුගවෙල අදිකාරමගේ  කඩුව, ඔහුගේ බස්තම් දෙකක මිටි දෙකක් හා ඔහුගේ රන් බඳපටය සොරාගත් භාණ්ඩ බව පොලිසිය කියයි.



අදහස් (0)

කටුගෙයි සොරකමේ වාර්තා ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site