ලෝකයේ රටවල් 10 ක ජායාරෑප ශිල්පීන්  41 දෙණකු ඇතුලත් සංචාරකයෝ පිරිසක් වාෂ්ප දුම්රියකින් ගමන්කරමින්  ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන ජායාරූප හා වීඩියෝගත කරමින් සිටිති .

ඔවුන් පැවසුවේ උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සිට බදුල්ල දක්වා කොටසේ  වඩාත් ආකර්ශනීය දසුන් හමුවු බවයි .එවන් සුන්දර ස්ථානයන්හි දුම්රිය නතර කරන අතර  ජායාරූප  හා වීඩි‍යෝ ශිල්පීහු  වාෂ්ප දුම්රියේම රැය ගත කළහ.

ඇල්ල - සහ දෙමෝදර අතර පිහිටි අහස් නමය පාලම ළඟ දිගුකාලයක් ගත කරමින් රූගත කිරිම සිදුවිය. දෙමෝදර විශ්මත දුම්රිය මගද තවත් සිත් ගත් ඉසව්වක්විය.

මෙම කණ්ඩායමට  ජර්මනිය, ස්විස්ටර්ලන්තය, බේල්ජියම, ස්කොඩ්ලන්තය, එංගලන්තය, ජපානය, නෙදර්ලන්තය, ප්‍රංශය, කැනඩාව, ඔස්ට්‍රියාව යන රටවල සංචාරකයෝ ඇතුලත්වූහ. .

ගල්අගුරු දහනයෙන්  නිපදවන වාෂ්ප බලයෙන් මෙම දුම්රිය ධාවනය වන අතර උඩරට දුම්රිය මාර්ගයේ මෙම දුම්රිය ධාවනය වුයේ වසර 15 කට පසුව බව දුම්රිය නියාමක බී.එස්.එච්.ඒ. රාජපක්ෂ මහතා පැවසීය . පේරාදෙනිය - බදුල්ල දුම්රිය  දිස්ත්‍රික් ප්‍රධාන දුම්රිය මාර්ග පරික්ෂක ආනන්ද කරුණාරත්න  මහතා ගේ අධික්ෂණය මත සාමාන්‍ය දුම්රිය ධාවනයට බාධාවක් නොවන අයුරින් මෙම දුමිරිය ධාවනය විය . දුම්රිය මග දෙපස විශාල පිරිසක්  මෙම දුම්රිය දැක බලා ගැනීමට රුස්ව සිටියහ .

DSC_0543 DSC05837 DSC05839 DSC05840 DSC05842 DSC05843