ලෝකයේ රටවල් 10 ක ජායාරෑප ශිල්පීන් 41 දෙණකු ඇතුලත් සංචාරකයෝ පිරිසක් වාෂ්ප දුම්රියකින් ගමන්කරමින් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන ජායාරූප හා වීඩියෝගත කරමින් සිටිති .
ඔවුන් පැවසුවේ උඩරට දුම්රිය මාර්ගයේ ඉදල්ගස්හින්න සිට බදුල්ල දක්වා කොටසේ වඩාත් ආකර්ශනීය දසුන් හමුවු බවයි .එවන් සුන්දර ස්ථානයන්හි දුම්රිය නතර කරන අතර ජායාරූප හා වීඩියෝ ශිල්පීහු වාෂ්ප දුම්රියේම රැය ගත කළහ.
ඇල්ල - සහ දෙමෝදර අතර පිහිටි අහස් නමය පාලම ළඟ දිගුකාලයක් ගත කරමින් රූගත කිරිම සිදුවිය. දෙමෝදර විශ්මත දුම්රිය මගද තවත් සිත් ගත් ඉසව්වක්විය.
මෙම කණ්ඩායමට ජර්මනිය, ස්විස්ටර්ලන්තය, බේල්ජියම, ස්කොඩ්ලන්තය, එංගලන්තය, ජපානය, නෙදර්ලන්තය, ප්‍රංශය, කැනඩාව, ඔස්ට්‍රියාව යන රටවල සංචාරකයෝ ඇතුලත්වූහ. .
ගල්අගුරු දහනයෙන් නිපදවන වාෂ්ප බලයෙන් මෙම දුම්රිය ධාවනය වන අතර උඩරට දුම්රිය මාර්ගයේ මෙම දුම්රිය ධාවනය වුයේ වසර 15 කට පසුව බව දුම්රිය නියාමක බී.එස්.එච්.ඒ. රාජපක්ෂ මහතා පැවසීය . පේරාදෙනිය - බදුල්ල දුම්රිය දිස්ත්‍රික් ප්‍රධාන දුම්රිය මාර්ග පරික්ෂක ආනන්ද කරුණාරත්න මහතා ගේ අධික්ෂණය මත සාමාන්‍ය දුම්රිය ධාවනයට බාධාවක් නොවන අයුරින් මෙම දුමිරිය ධාවනය විය . දුම්රිය මග දෙපස විශාල පිරිසක් මෙම දුම්රිය දැක බලා ගැනීමට රුස්ව සිටියහ .
2025 දෙසැම්බර් මස 18
598
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
293
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
"කටුගෙයි දුම්රියෙන්" ලංකාව වටා
අජන්ත Friday, 05 February 2016 11:40 AM
මේ වගේ දසුනක් නරඹන්න පින් කරන්න ඕනේ.(හේ)
ඈන් Friday, 05 February 2016 08:17 PM
ගමේ යන්න වගේ රේල් පාර දිගේ අපේ මිනිස්සු ඇවිදගෙන යනවා දැකලා ඒවත් එහේ ගිහිල්ලා ලියයිද දන්නෙ නැහැ (නි)
අබය Friday, 05 February 2016 09:28 PM
විදේශීය කුමන්ත්‍රණයක් වාගේ. කෝකටත් සෝදිසියෙන් ඉමු (නි)
අබය Friday, 05 February 2016 09:31 PM
අයියෝ! අපේ දකුණට ආවා නම් මීටවඩා සුන්දර ස්ථාන බලන්න තිබුනා. (නි)
දීලීප් Friday, 05 February 2016 12:48 PM
සොදුරු දසුනක්.(හේ)
තිස්ස Friday, 05 February 2016 12:54 PM
ලෝකයට අපව යාකල වාෂ්ප පාලම දිගුකල් රැකගමු එක්සත් වෙමු..!!!(හේ)
නන්දලාල් Friday, 05 February 2016 01:15 PM
ලස්සන දර්ශන රැසක්. බඩු පරණ වුනාට තාම හොඳින් වැඩ කරනවා වගෙයි.....(හේ)
දොන් Friday, 05 February 2016 10:33 PM
විදේශිකයින් අපේ පරිසරයට බොහොම ඇලුම් කරනවා. නමුත් අපි මෙය විනාශ කරනවා. (නි)
රුවන් Friday, 05 February 2016 10:27 PM
මේක තමා නියම යහපාලනය. ජයවේවා! (නි)
ජනහිත Friday, 05 February 2016 10:31 PM
අපි කාකොටා ගන්නේ නැතුව හිටියොත් ලංකාව කොයිතරම් ඉහළට නගීද කියලා මට නම් හිතන්නත් අමාරුයි. හැබැයි එක එක්කෙනා තමගේ ජීවිත භුක්තියට ලංකාව ගන්න හැදුවොත් ඒක තමා අපේ අවාසනාව කියලා මම හිතන්නේ. ඒ නිසා අපේ පහුගිය වාද බේද අතහැරලා අද ඉඳලා එකතුවෙලා රට නඟන්න එකාවන්ව කටයුතු කරමු. ශ්‍රී ලංකාවට ජයවේවා! (නි)
රංග Friday, 05 February 2016 01:24 PM
ඉතාම හොද දෙයක්. .. (හේ)
අමිල Friday, 05 February 2016 01:41 PM
සුද්දෝ මේ රට ඇල්ලුව නිසා බොහෝදේ අපට ලැබුනා නැත්නම් අපි තාම රජෙක් යටතේ. (හේ)
ශ්‍රිමාල් Friday, 05 February 2016 01:40 PM
නැගණිය ඔබේ සුන්දර සිනහව අගය කළෙමු (හේ)
ඉන්දික Friday, 05 February 2016 01:48 PM
අපේ දෙමෝදර පාලම දැකල සුද්දන්ට පිස්සු හැදෙන්න ඇති. (කෞ)
රන්ජිත් Saturday, 06 February 2016 01:24 AM
පරණ බඩු කොහොමත් හොඳයි නේද? (නි)
රොක්සි Saturday, 06 February 2016 02:02 AM
මගේ රට ගැන ආඩම්බරයි (නි)
ඉන්දික Friday, 05 February 2016 02:41 PM
අපේ දෙමෝදර පාලම දැකලා සුද්දන්ට පිස්සු හැදෙන්න ඇති (හේ)
ඉන්දික Friday, 05 February 2016 02:34 PM
කොච්චර සුන්දර පළාතක්ද?(හේ)
කෝලිත Friday, 05 February 2016 03:28 PM
මේ වගේ දේවල් වලින් විදේශිකයින්ට මේ ගැන ආසාවක් ඇති වෙනවා.(හේ)
අනුර Saturday, 06 February 2016 03:28 AM
සුද්දා හදපු පාලමේ අපිට හුණු ටිකක්වත් ගාගන්න බැරි හැටි (නි)
ටෙනිසන් Saturday, 06 February 2016 05:01 PM
අනුර, සුද්දෝ ඔය පාලම් හැදුවේ ඔවුන්ගේ අම්මාගේ අප්පාගේ බූදලෙන්වත් ශ්‍රමයෙන්වත් නොවෙයි (නි)
නෙළුම් Saturday, 06 February 2016 03:25 AM
සුද්දන්ට උදේ රෑ වඳින ගාථාවක් තියෙනවා. ඕනෑ කෙනෙක් ඉන්නවා නම් ඉල්ලන්න (නි)
කේ. පෙරේරා Friday, 05 February 2016 04:10 PM
අමිල, ඔයා හරි. සුද්දෝ අපේ රට ඇල්ලුවට අපිට ගොඩක් හොඳ දේවල් කරලා තමා ගියේ. තවමත් සුද්දෝ හිටියා නම් අද මේ තිබෙන හොරකම්, දුෂණ, අපචාර, නොමැති ලෝකයේම දියුණු රටවලින් එකක් ලංකාව (නි)
සමන්ත Friday, 05 February 2016 10:05 AM
ගොඩක් ලස්සනයි (හේ)
චතුර Friday, 05 February 2016 04:14 PM
ලංකාවේ නියම ලස්සන දකින්නේ අපි නෙමෙයි, විදේශීය සංචාරකයෝ (නි)
පාලිත Tuesday, 09 February 2016 12:14 AM
අතිවිශිෂ්ට වැඩක්. සංවිධායකවරුනි, අපිටත් දුම් කෝච්චියෙන් යන්න අවස්ථාවක් ගන්න පුලුවන්ද? (නි)
රිහාන් Saturday, 06 February 2016 04:01 AM
ඉන්දියන් සාගරයේ මුතු ඇටයයි අපේ ශ්‍රී ලංකාවයි
සුපුන් Saturday, 06 February 2016 04:09 AM
සුද්දන්ට විතරක් නෙමේ ලංකාවේ අයටත් චාන්ස් එකක් දුන්නනම් වටිනවා නේද (කෞ)
කුමාර් Friday, 05 February 2016 05:35 PM
සුද්දෝ පොඩ්ඩක් දීලා ගොඩක් දේවල් කරගන්න ජාතියක් (නි)
පිටබැද්දර ජයා Friday, 05 February 2016 10:47 AM
මේගොල්ලො නම් පරිසරයට වශීවෙලාද කොහෙද? ආඩම්බරයි නේද ශ්‍රී ලාංකිකයකු වීම ගැන (නි)
අමල් Saturday, 06 February 2016 05:04 AM
අයියෝ ඇයි මේගොල්ලන්ව අපේ කඩේට අරගෙන අවේ නැත්තේ? පන්සියේ ආප්ප ඉතුවෙලා තියෙනවනේ.(කෞ)
උපුල් Friday, 05 February 2016 11:02 AM
මම උඩරට කොච්චි පාරට ගොඩක් ආදරෙයි (හේ)
ලලිත් Friday, 05 February 2016 10:57 AM
සුන්දර දසුනක්.(හේ)
බන්දුල Friday, 05 February 2016 11:09 AM
දුං සහතිකේ ගත්තද ?(හේ)
සුනිල් Friday, 05 February 2016 11:33 AM
මේ දුම්රිය දකින්නත් ආසයි! තවමත් හොඳින් මේ එන්ජිම දුවනවා නම් එක ලොකු දෙයක්. (හේ)
සේනක Friday, 05 February 2016 06:54 PM
විශිෂ්ටයි! මෙම චාරිකාව සංවිධානය කළ මහත්වරුනි, මෙම කණ්ඩායම නුවර - මහියංගනය පාරේ වංගු 18 පෙන්වීමටත් එක්කරගෙන යන්න. ලෝකයේ කිසිම රටක මා දන්නා තරමින් මෙවන් මාර්ගයක් නොමැත. (නි)
උදය Friday, 05 February 2016 07:20 PM
මගේ ලස්සන ලංකා! (නි)
වර්ණසිංහ Friday, 05 February 2016 11:46 AM
මේ අය ගත් ඡායරූප අපටත් බලන්න පුළුවන් නම් (හේ)