කොළඹ ජාතික කෞතුකාගාරයෙන් සොරාගත් බව කියන රන් භාණ්ඩ උණුකර රන් බිස්කට් තැනූ බවට සැකකරන පුද්ගලයා සන්තකයේ තවත් රන් පවුම් 500කට අධික ප්‍රමාණයක් තිබී ඇතැයි කොළඹ අපරාධ කෝට්ඨාස ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්ඕවිට මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා වෙත අද දැනුම් දුන්නේය. කඩවත, ඉහළ බියන්වල පදිංචිකරුවකු වන තේනුවර අචාරිලාගේ කැලුම්ගේ නිවෙසින් මීට කලින් සොයාගත් රන් පවුම් 78.75ක් පිළිබඳ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි වාර්තාව ලැබී නොතිබිණි. සැකකරු ලබන 30 වැනි දින තෙක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තං ඇල්ලුවා.....හැබැයි තව අය සම්බන්ධද දන්නෑ
කොහොම වුණත් හොද කතාවක් වගෙයි.සෙනග පිරෙයි බලන්න.
අම්මගේ රත්තරන් හොරකම් කලෙත් මෙයා වෙන්නැති
එතකොට අර ගුටිකාපු ආරක්ෂක නිලධාරියා?
මේක කියවනකොට මට මතක් වෙන්නේ හාවගේ කතන්දරේ..
මම ළගදි ඩුබායි ඉදලා එනවා ලංකාවට.මගේ ළගත් දහඩිය මහන්සියෙන් හම්බ කරපු රං පවුම් ටිකක් තියෙනවා.මාවත් අල්ල ගනීද දන්නේ නැහැ කටුගෙයි හොරකමට.අනේ, අසරණ මට දෙයියන්ගේම පිහිටයි!
මේක නම් මම පිළිගන්නේ නැහැ.මේ අහිංසක මනුස්සයෙක්
දම්මික මම කියන්නෙත් ඔයා කියන දේමයි...
රත්ත්‍රං එක්කම අහු උනා නම් තව මොකද්ද සැක කර කර ඉන්නෙ???? දෙකක් දීලා ඔය මනුස්සයව හිරේට යවන්නැතුව!
ඔච්චර රත්තරං තිබිලත් තවත් මොනවටද සැකකාරයෙක් වෙන්නේ?
මෙච්චර ගේමක් මෙයා තනියෙන් දුන්න වෙන්න බෑ. අනිවාර්යෙන්ම ඇතුලෙන් උදව් ඇති!
මටනම් සැකයි ඒ නියම හොරාද කියලා ??
මේ හොරා අල්ලපු පොලිස්කාරයොන්ව යවන්න තියෙන්නෙ ඇමරිකාවට, එහෙ පොලිස්සියට වැඩ කියලා දෙන්න.
උස්සපු බඩු ඔක්කොම රත්තරන්මද?? වැඩේ වෙන පැත්තකට හරවන්න වගේ ලෑස්තිය..:) නියමයි.. නියමයි...!!
මෙයාව පුලුං පුරෝලා කටුගෙටම කියන්න ඕනෙ.... පරම්පරා ගානකට බලන්න
පුලුං පුරෝලා කටුගෙටම දාන්න ඕනෙ.... පරම්පරා ගානකට බල බල යන්න
අපිද මෝඩයෝ? නැත්නම් මේ අයද?
මෙයා මෙහෙයුවේ කවුද කියලා හොයා ගත්තේ නැද්ද තවම?
එම රත්තරං ඔහුට ලැබුනේ කොහෙන්ද කියලා තවම ප්‍රශ්න කරලා නැද්ද?
එතකොට අහින්සක ලියනගේ
ටික දවසක් යනවිට අමතක වෙනවනේ. එතකොට ඉතින් නිදහස් වේවි. ඒකයි ලංකාවේ සාමාන්‍ය තත්ත්වය. (ස)
හොරා ට කටු ගේ මාරු වෙලාද පොලිසියට හොරා මාරු වෙලාදැයි සැකයක් ඇතිවේ රත්තරන් කෞතුකාගාරෙ ?
රටේ බොහොමයක් රන්කරුවන්ට එන පෙළපත් නාමය ආචාරිගේ යන්නයි. ඒ අනුව මෙයා රන් වැඩ කරන්නෙක් බවට සිතිය හැකියි. රන් වැඩ කරැවන් ගාව පවුම් 500ක් තිබුණා කියන්නේ හාල් තොග වෙළෙන්දෙක් ළඟ හාල් ගෝනි දාහක් හමාරක් තිබුණා කියන එකට සමානයි.නැත්නම් වාහන වෙලෙන්දෙක් ළඟ වාහන හැට හැත්තෑවක් තිබුණාට සමානයි. අපි හොයල බලන්න ඕන මෙයා ඒ සොරකම කළානම් හොරාගත්තු කඩු වල යකඩ රන් බවට පත් කිරීමේ අද්භූත බලයක් මොහුට තිබුණාද කියලයි. නැත්නම් මෙයත් පරම්පරා හතම ගොඩදාන්න යන කෙනෙක් වත්ද දන්නෙ නෑ.
මෙයා මෙහෙයුවේ කවුද කියලා හොයා ගත්තේ නැද්ද තවම?
කොහෙ හරි ඉන්න අහිංසක මනුස්සයෙක් අල්ලගෙන අති දැන්. මේ පොලිස් කරපු හොර කමට අහින්සක මිනිස්සු වන්දි ගෙවන්නේ, මෙහෙමත් රටක් මේ ලොකෙවත් නැහැ.
මම සම්පත්ට එකගයි
පොලෝසියේ ප්‍රකාශ ගෙන අපිට විස්වාසයක් නැති බව පොලෝසියේ මහ තැන්වලට තේරෙන්නේ කවදද ?
ඇයි එහෙනම් කලින් කිවුවේ ඒවා රත්තරං කඩු නෙමෙයි කියලා?
හොරා හොදින් ඉන්නවා.මම දැක්කා ෆොටෝ එකකුත් ළගදි.ඒ නිසා මේ ගැන කතා නොකර අර මෙට්ටේ යටින් හම්බ වෙච්ච කඩුව ගැනවත් කතා කරමුකෝ
අනේ මේ රටට දෙවි පිහිටයි!
ඒත් මෙයා ලග කටුගෙයි භාණ්ඩ කිසිවක් තිබිලා නෑනේ... නිකන් අහිංසකයෙක් කොටු කරගෙන ඇත්ත හොරු බේරන්න හදනවා...
ඇයි හොරු ටික ගියා කිවුවේ පොලිස් කාර් එකකින් නේද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
ම්ම්ම්........... ඔය ඉන්නේ බුවා.කී දෙනෙක්ව සැක කළාද මේකට?