තම 39 හැවිරිද මව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ දෙවැනි පුතා මෙම මස 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා අද නියෝග කෙළේය.
මෙසේ රිමන්ඩ් කරනු ලැබුයේ කුෂාන් මහේෂ් නමැති 18 හැවිරිදි තරුණයෙකි.
පසුගිය 5වැනි දා රාත්‍රී නිවසේ දී චන්ද්‍රානි ස්වරණලතා නම් තිදරු මව ඝාතනය කර තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද පෙරවරුවේ රත්නපුර රෝහලේ මානසික විශේෂ වෛදවරයා හමුවට ඉදිරිපත් කර එහි වාර්තාව අධිකරණ වෛද්‍යවරයා හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොටකෙතන පුතා 27 තෙක් රිමාන්ඩ්
වසන්ත Saturday, 11 April 2015 09:27 PM
කොටකෙතන සිදුවූ මිනීමැරීම් වලට වගකිවයුත්තේ කවුද? (නි)
අතුල Saturday, 11 April 2015 09:32 PM
මව මැරීම බුදුදහමට අනුව අනත්තරිය අකුසල කර්මයකි. නමුත් මව මරා දමා ඇත. කොතනද වැරැද්ද? වැරැද්ද නීතිගරුකබව සහ විනයගරුකබව පුරවැසියන්ගෙන් ක්‍රම ක්‍රමයෙන් ගිලිහීයාමයි. විනයගරුකබව, නීතිගරුකබව නැවත ස්ථාපිත නොකළහොත් මේ තත්වය තව තවත් වර්ධනය වේ. පාලකයින් මෙයට ඍජුවම වගකිවයුතුය. (නි)
අනුර Sunday, 12 April 2015 01:13 AM
'කොටකෙතන පුතා' අනේ! මේ නම හොඳ වැඩි නැද්ද? (නි)
සුජිත් Sunday, 12 April 2015 04:25 PM
අපරාධ සඳහා ටෙලිනාට්‍ය බලපායි. සීමාකිරීම අවශ්‍ය වේ.(බ)
ඉන්දික Sunday, 12 April 2015 03:23 AM
හාමුදුරුවරු දේශපාලනය අතහැරලා තරුණ තරුණියන් හට යහමඟ පෙන්වියයුතු කාලය ඇවිල්ලා. එහෙත් ඔවුන් මේ දවස්වල අවෙනත් දේවල් වලට යොමුවෙලා. ඉතින් කොහොමද මේ මිනිස්සු දහම ඉගෙනගන්නේ? (නි)
හර්ෂ Sunday, 12 April 2015 05:04 AM
මේක පුදුම වැඩක්. පෙම්වතියට තෑගී අරන් දෙන්න සල්ලි නුදුන් නිසා මරලා. මේ පුතා බලාපොරොත්තු වෙන්නේ මැරෙනකම්ම දෙමාපියන් තමන්ව විතරක් නෙවෙයි සහේට ගන්න යන කෙනාත් නඩත්තු කරන්න ඕන කියලා. අපිත් ඔය වයසේ හිටියා. අපේ තාත්ත අකාලයේ නැති වුනාම එවකට 18 හැවිරිදි ලොකු අක්කා තමයි අම්මට මහන්න උදව කරමින් පවුල නඩත්තු කළේ. තරුණ වයසේ සිටීම කියන්නේ අපාගත වෙන අපරාධ කිරීමට දෙන ලයිසන් එකක් නෙවෙයි. (නදී)
සිරිල් කොඩිතුවක්කු Sunday, 12 April 2015 06:52 AM
දහම නැති නිසා තමයි මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ වැරැද්ද හාමුදුරුවන්ගේ (බ)
අසංක Saturday, 11 April 2015 03:25 PM
මෙය නව යෞවනයට පත් දරු දැරියන්ගේ ප්‍රශ්න සමාජයේ යටයාම නිසා මතුවූ ප්‍රශ්නයකි. මොහුගේ හැසිරීම ගැන කියවීමේදී ඔහුට යම් මානසික වියවුල්‍භාවයක් ඇති බවද පෙනේ.කරුණාකර මොහුගේ වයස ගැනද, එම වයසේ නව යෞවවනයන්ට ඇතිවන හැඟීම් ගැනද මෙම ප්‍රශ්නයේදී විශේෂයෙන් සළකාබලන ලෙස ඉල්ලා සිටිමි. අප නව යෞවනයට පත් දරුදැරියන් සඳහා පාසලේදී යම් දැනුවත්භාවයක් ලබාදිය යුතු බවද මගේ හැඟීමයි. (නි)
අජිත් කලුආරච්චි Saturday, 11 April 2015 03:51 PM
මනු ලොව නසන ජංගම දුරකථන පොදු සතුරාද තාරුණ්‍යය මෙලෙසට අපරාධ කරුවන් කරවන්නෙ (බ)
අජිත් කලුආරච්චි Saturday, 11 April 2015 04:02 PM
මිල කළ නොහැකි අම්මාද ජිවිතයට සමු දි මිහිකත තුළ වැලලෙන්නේ ගුණ මකු පුතුනි ඇයි මෙි බව ඔබ නොදකින්නේ? (බ)
ඉන්දික Saturday, 11 April 2015 04:35 PM
අනේ අම්මේ මෙහෙමත් දරුවෝ..පව් පින් දන්නේ නැති මුන් අයිඑස්අයිඑස් එකේ පුහුණුවෙලාද දන්නේ නැහැ. (බ)