තම 39 හැවිරිද මව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඇගේ දෙවැනි පුතා මෙම මස 27 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස පැල්මඩුල්ල වැඩ බලන මහේස්ත්‍රාත් චමත් සුරවීර මහතා අද නියෝග කෙළේය.
මෙසේ රිමන්ඩ් කරනු ලැබුයේ කුෂාන් මහේෂ් නමැති 18 හැවිරිදි තරුණයෙකි.
පසුගිය 5වැනි දා රාත්‍රී නිවසේ දී චන්ද්‍රානි ස්වරණලතා නම් තිදරු මව ඝාතනය කර තිබිණි.
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අද පෙරවරුවේ රත්නපුර රෝහලේ මානසික විශේෂ වෛදවරයා හමුවට ඉදිරිපත් කර එහි වාර්තාව අධිකරණ වෛද්‍යවරයා හරහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටකෙතන සිදුවූ මිනීමැරීම් වලට වගකිවයුත්තේ කවුද? (නි)
මව මැරීම බුදුදහමට අනුව අනත්තරිය අකුසල කර්මයකි. නමුත් මව මරා දමා ඇත. කොතනද වැරැද්ද? වැරැද්ද නීතිගරුකබව සහ විනයගරුකබව පුරවැසියන්ගෙන් ක්‍රම ක්‍රමයෙන් ගිලිහීයාමයි. විනයගරුකබව, නීතිගරුකබව නැවත ස්ථාපිත නොකළහොත් මේ තත්වය තව තවත් වර්ධනය වේ. පාලකයින් මෙයට ඍජුවම වගකිවයුතුය. (නි)
'කොටකෙතන පුතා' අනේ! මේ නම හොඳ වැඩි නැද්ද? (නි)
අපරාධ සඳහා ටෙලිනාට්‍ය බලපායි. සීමාකිරීම අවශ්‍ය වේ.(බ)
හාමුදුරුවරු දේශපාලනය අතහැරලා තරුණ තරුණියන් හට යහමඟ පෙන්වියයුතු කාලය ඇවිල්ලා. එහෙත් ඔවුන් මේ දවස්වල අවෙනත් දේවල් වලට යොමුවෙලා. ඉතින් කොහොමද මේ මිනිස්සු දහම ඉගෙනගන්නේ? (නි)
මේක පුදුම වැඩක්. පෙම්වතියට තෑගී අරන් දෙන්න සල්ලි නුදුන් නිසා මරලා. මේ පුතා බලාපොරොත්තු වෙන්නේ මැරෙනකම්ම දෙමාපියන් තමන්ව විතරක් නෙවෙයි සහේට ගන්න යන කෙනාත් නඩත්තු කරන්න ඕන කියලා. අපිත් ඔය වයසේ හිටියා. අපේ තාත්ත අකාලයේ නැති වුනාම එවකට 18 හැවිරිදි ලොකු අක්කා තමයි අම්මට මහන්න උදව කරමින් පවුල නඩත්තු කළේ. තරුණ වයසේ සිටීම කියන්නේ අපාගත වෙන අපරාධ කිරීමට දෙන ලයිසන් එකක් නෙවෙයි. (නදී)
දහම නැති නිසා තමයි මේ හැම දෙයක්ම වෙලා තියෙන්නේ වැරැද්ද හාමුදුරුවන්ගේ (බ)
මෙය නව යෞවනයට පත් දරු දැරියන්ගේ ප්‍රශ්න සමාජයේ යටයාම නිසා මතුවූ ප්‍රශ්නයකි. මොහුගේ හැසිරීම ගැන කියවීමේදී ඔහුට යම් මානසික වියවුල්‍භාවයක් ඇති බවද පෙනේ.කරුණාකර මොහුගේ වයස ගැනද, එම වයසේ නව යෞවවනයන්ට ඇතිවන හැඟීම් ගැනද මෙම ප්‍රශ්නයේදී විශේෂයෙන් සළකාබලන ලෙස ඉල්ලා සිටිමි. අප නව යෞවනයට පත් දරුදැරියන් සඳහා පාසලේදී යම් දැනුවත්භාවයක් ලබාදිය යුතු බවද මගේ හැඟීමයි. (නි)
මනු ලොව නසන ජංගම දුරකථන පොදු සතුරාද තාරුණ්‍යය මෙලෙසට අපරාධ කරුවන් කරවන්නෙ (බ)
මිල කළ නොහැකි අම්මාද ජිවිතයට සමු දි මිහිකත තුළ වැලලෙන්නේ ගුණ මකු පුතුනි ඇයි මෙි බව ඔබ නොදකින්නේ? (බ)
අනේ අම්මේ මෙහෙමත් දරුවෝ..පව් පින් දන්නේ නැති මුන් අයිඑස්අයිඑස් එකේ පුහුණුවෙලාද දන්නේ නැහැ. (බ)