කොටකෙතන පදිංචිව සිටි කාවිද්‍යා චතුරංගි සහ නයනා නිල්මිණි යන දියණිය හා මව අමානුෂිය ලෙස ලෙස ඝාතනය කිරීමේ නඩුව අද ප්‍රථම වතාවට කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනිණි.
මින් පෙර එම නඩු විභාගය පැවතියේ රත්නපුර මහාධිකරණයේය.
ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිඳ වන රසිකා චාන්දනී හෙවත් බට්ටි යන දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් නඩු විභාගය සදහා කොළඹ මහාධිකරණයට රැගෙන ආ අතර ඔවුන් වෙනුවෙන් ජනපති නීතීඥ රියෙන්සි ආර්ස කුලරත්න මහතා පෙනී සිටියේය.
ඝාතනය කෙරුණූ කාවිද්‍යා දැරියගේ පියා වන රෝහිත සෙල්ලහේවා සහෝදරයා චතුරංග සෙල්ලහේවා ඇතුළු පවුලේ ඥාතීන් කිහිප දෙනකු ද නඩු විභාගය සදහා පැමිණ සිටි අතර මෙම ඝාතන නඩුවේ සැකකරුවකුව සිට නිදහස ලැබු හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ලොකුගම් හේවගේ ධර්මසිරි නැමැත්තාද තම බිරිඳ සමග පැමිණ සිටියේය.
නඩු විභාගය දෙසැම්බර් 13වැනිදා විභාග කිරීමටත් ලබන ජනවාරී මාසයේ සිට අඛණ්ඩව පැවැත්වීමටත් මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද තීරණය කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට මොනතරම් සංවර්ධනය වුණත් වැඩක් නැහැ, රටේ නීතිය හරි නැත්නම්. පොළව උහුලන්නේ නැති අපරාධ කරන අයට නීතිය දඩුවම් නුදුන්නත් දෙවියෝ දෙයි කවදාහරි. තමුන්ටත් දරුවෝ ඉදලා නේද අනුන්ගේ දරුවෙක් මැරුවේ? හරි පුදුමයි මේ ලෝකය. අනේ මගේ ලංකාවට ගිය කලක්! ඉස්සර ලෝකෙන් උතුම් රට ලංකාවලු (නි)
අනුන්ගේ පණ නැසීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? කළ පව එනවා අප පසුපස්සේ... මේ අය දැන් මැරුන අයට වඩා විදවනවා නේද? (නි)
මොවුන්ට නම් සමාවක් නොදිය යුතුය. (නි)
අම්මයි දුවයි ඝාතනය කර, පවුලක් විනාශ කළ මේ මිනීමරුවන්ට ඉක්මනින් අපායේ දොර හැරේවා! (නි)
අපි පව් කර ඇද්ද මේ අය දකින්න? කළ පව් වලට රජකාලේ දඩුවම් ඕනෑ නුඹලාට දෙන්න.කල් නොයවා විසදුම දෙන්න. (නි)
බන්දු, පිටිගල මිලානෝ, "21 වැනි සියවසේ හාස්කම්" කියලා කවුරුහරි පොතක් ලියනකොට ඔබ දෙදෙනාගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි. 'මහා කළු හස්තයක්' හතර මායිමේ තිබුණේම නැහැ කියලා සහතික දීපු උදවිය නම් දැන් ඉන්නවා නොසිතූ තැන්වල. 'අනෙක් පැත්ත පෙරළුන හාස්කම්' කියන පොතේ ඒ ගැන විස්තර ලියයි කවුරුහරි. (නි)
නිදහස් වූ අපරාධකාරයා නිදහස් වෙන්න ඇත්තේ මුළු රටම වෙලාගෙන ඇති ධර්මශ්‍රීයේ අනුහසින් වෙන්න ඕනෑ. (නි)
මොවුන්ගේ ඡායාරූප දකිනකොටත් මට අප්‍රසන්නයි (නි)
මේ වගේ නඩු වලටත් මෙපමණකල් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ අපේ රටේ තිබෙන දුර්වල නඩු ඇසීමේ ක්‍රමය නිසයි (නි)
බලමු මොකද වෙන්නේ කියලා (නි)
ස්වාමිනි, මොවුන්ට දියහැකි උපරිම දඩුවම නියම කර ක්‍රියාත්මක කරන්න. (නි)
මනුෂ්‍ය ලොව තුළ සිටින අමනුෂ්‍යයින්... (නි)
මෙවන් අයට නැවත කිසිදා මිනිස් ආත්මයක් නොලැබේවි (නි)
මේක මහා පුදුමාකාර රටක් (නි)
මේ වගේ මිනිස්සු නිදහස් වුණොත් අපි මොකක්ද විශ්වාස කරන්නේ? (නි)
කොහොමද මිනීමරුවන් ඉන්න ලස්සන? ඉක්මනට මේ නඩුව ඉවර කරලා මේ අයට නිසි දඩුවම් දෙන තුරු අපි බල ඉන්නවා. (අ)
මිනීමරු ධර්මසිරි නිදහස් කළා වගේ 'මහා කළු හස්තය' අනෙත් අයවත් ගළවා ගනීද? (නි)
මෙම චුදිතයන් නොබෝ කලකින් ඉහළ දේශපාලක තනතුරු දරන්නන් වීමේ හැකියාවද ඉතා ඉහළය. (නි)
පව් දෙයියනේ..! (නි)
ඔය කරපු එකා ලස්සනට ඉන්න එළියේ . අනිකටත් සමව ලැබෙයි. ලෝකෙන් උතුම් රට ලංකාවයි, ශ්‍රී ලංකාවයි. (ස)
ධර්මසිරි ගොයියා නිදහස් උනේ කොහොමද? (අ)
මිනී මරුවෝ නිදහස් කරන ශ්‍රී ලංකාවට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න බැහැ..නේද ..?ඒ උනාට ධර්ම ද්වීපය ...? (ස)
වැරදි කරා නම් දඩුවම් විඳින්නම වෙයි. (ස)
මට නම් මේ සිදුවීම සහ නීතිය ක්‍රියා කල ආකාරය දිහා මානසිකව දකිද්දී ..? මගේ රටට පය ගහන්න වත් හිත දෙන් නැහැ ..මගේ හිත ඒ තරමට කලකිරිල ...? ලංකාවේදී මගේ ජීවිතේට මෙහෙම දෙයක් උනොත් ඒත් ඔය ටිකම නේද... කරන්නේ බලවත්තු? කියල හිතෙනවා ...?මේ හේතුන් නිසයි ලෝකය අපිව නොපිලි ගන්න හේතුව ...? දවසින් දවස අපිට මීටත් වඩා දේවල් අහන්න ලැබෙනවා දැන් ..ඒ නීතියක් නැතිකමයි රටට ...?පිට රට්ටුන්ට බැන..බැනාම..සේරම ඉන්නවා ...පිට රටවල නීති හොඳයි, හැදියාව හොඳයි ..මනුෂ්‍යත්වයට ගරු කරන මිනිසුන් සිටිනවා ...?...????? (ස)
සුදු ඇදගෙන ඉන්න ලස්සන? කළ අපරාධය අමතක වෙන්න පෙර නියම තැනට යවන්න ඕනෑ. (නි)
ඕනෑම දෙයක් කර ඒ අයට නිදහස් විය හැක.සාමාන්‍ය ජනතාව හෝ රජයේ සේවකයෙක් අතින් යම් වැරැද්දක් වූවවොත් ඔවුන්ට නම් මේ ආත්මයේවත් ගැළවීමක් නැත. (නි)