IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කොටකෙතන ද්විත්ව ඝාතන නඩුව කොළඹට

කොටකෙතන පදිංචිව සිටි  කාවිද්‍යා චතුරංගි  සහ නයනා නිල්මිණි යන දියණිය හා මව අමානුෂිය ලෙස ලෙස ඝාතනය කිරීමේ  නඩුව   අද ප්‍රථම වතාවට කොළඹ මහාධිකරණයේදී විභාගයට ගැනිණි.

මින් පෙර  එම නඩු විභාගය පැවතියේ රත්නපුර මහාධිකරණයේය.

ලොකුගම් හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිඳ වන රසිකා චාන්දනී හෙවත් බට්ටි  යන දෙදෙනා  බන්ධනාගාර  නිලධාරීන් විසින් නඩු විභාගය සදහා කොළඹ මහාධිකරණයට රැගෙන ආ අතර ඔවුන් වෙනුවෙන් ජනපති නීතීඥ රියෙන්සි ආර්ස කුලරත්න මහතා පෙනී සිටියේය.

ඝාතනය කෙරුණූ  කාවිද්‍යා දැරියගේ පියා වන රෝහිත සෙල්ලහේවා  සහෝදරයා  චතුරංග සෙල්ලහේවා ඇතුළු පවුලේ  ඥාතීන් කිහිප දෙනකු ද නඩු විභාගය සදහා පැමිණ සිටි අතර  මෙම ඝාතන නඩුවේ  සැකකරුවකුව සිට නිදහස ලැබු හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී  ලොකුගම් හේවගේ ධර්මසිරි නැමැත්තාද තම බිරිඳ සමග පැමිණ සිටි‍යේය.

නඩු විභාගය  දෙසැම්බර් 13වැනිදා විභාග කිරීමටත් ලබන ජනවාරී මාසයේ සිට අඛණ්ඩව පැවැත්වීමටත් මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද තීරණය කළාය.

 

 

 

 



අදහස් (0)

කොටකෙතන ද්විත්ව ඝාතන නඩුව කොළඹට

ප්‍රිය Wednesday, 16 October 2013 02:39 AM

රට මොනතරම් සංවර්ධනය වුණත් වැඩක් නැහැ, රටේ නීතිය හරි නැත්නම්. පොළව උහුලන්නේ නැති අපරාධ කරන අයට නීතිය දඩුවම් නුදුන්නත් දෙවියෝ දෙයි කවදාහරි. තමුන්ටත් දරුවෝ ඉදලා නේද අනුන්ගේ දරුවෙක් මැරුවේ? හරි පුදුමයි මේ ලෝකය. අනේ මගේ ලංකාවට ගිය කලක්! ඉස්සර ලෝකෙන් උතුම් රට ලංකාවලු (නි)

:       0       0

ඉන්ද්‍රා Wednesday, 16 October 2013 02:56 AM

අනුන්ගේ පණ නැසීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? කළ පව එනවා අප පසුපස්සේ... මේ අය දැන් මැරුන අයට වඩා විදවනවා නේද? (නි)

:       0       0

සෙන්තිල් Wednesday, 16 October 2013 03:37 AM

මොවුන්ට නම් සමාවක් නොදිය යුතුය. (නි)

:       0       0

කුමුදු Wednesday, 16 October 2013 03:44 AM

අම්මයි දුවයි ඝාතනය කර, පවුලක් විනාශ කළ මේ මිනීමරුවන්ට ඉක්මනින් අපායේ දොර හැරේවා! (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Thursday, 17 October 2013 06:58 PM

අපි පව් කර ඇද්ද මේ අය දකින්න? කළ පව් වලට රජකාලේ දඩුවම් ඕනෑ නුඹලාට දෙන්න.කල් නොයවා විසදුම දෙන්න. (නි)

:       0       0

උපාලි Wednesday, 16 October 2013 05:08 AM

බන්දු, පිටිගල මිලානෝ, "21 වැනි සියවසේ හාස්කම්" කියලා කවුරුහරි පොතක් ලියනකොට ඔබ දෙදෙනාගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙයි. 'මහා කළු හස්තයක්' හතර මායිමේ තිබුණේම නැහැ කියලා සහතික දීපු උදවිය නම් දැන් ඉන්නවා නොසිතූ තැන්වල. 'අනෙක් පැත්ත පෙරළුන හාස්කම්' කියන පොතේ ඒ ගැන විස්තර ලියයි කවුරුහරි. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 16 October 2013 07:15 AM

නිදහස් වූ අපරාධකාරයා නිදහස් වෙන්න ඇත්තේ මුළු රටම වෙලාගෙන ඇති ධර්මශ්‍රීයේ අනුහසින් වෙන්න ඕනෑ. (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 15 October 2013 06:33 PM

මොවුන්ගේ ඡායාරූප දකිනකොටත් මට අප්‍රසන්නයි (නි)

:       0       0

ජූඩ් Wednesday, 16 October 2013 08:05 AM

මේ වගේ නඩු වලටත් මෙපමණකල් බලාගෙන ඉන්න වෙලා තියෙන්නේ අපේ රටේ තිබෙන දුර්වල නඩු ඇසීමේ ක්‍රමය නිසයි (නි)

:       0       0

කමල් Tuesday, 15 October 2013 06:38 PM

බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ගුණේ Tuesday, 15 October 2013 06:44 PM

ස්වාමිනි, මොවුන්ට දියහැකි උපරිම දඩුවම නියම කර ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

ටි‍රෝන් Tuesday, 15 October 2013 06:48 PM

මනුෂ්‍ය ලොව තුළ සිටින අමනුෂ්‍යයින්... (නි)

:       0       0

මහි Tuesday, 15 October 2013 06:48 PM

මෙවන් අයට නැවත කිසිදා මිනිස් ආත්මයක් නොලැබේවි (නි)

:       0       0

ජනිත Tuesday, 15 October 2013 07:24 PM

මේක මහා පුදුමාකාර රටක් (නි)

:       0       0

කුමාර Tuesday, 15 October 2013 07:31 PM

මේ වගේ මිනිස්සු නිදහස් වුණොත් අපි මොකක්ද විශ්වාස කරන්නේ? (නි)

:       0       0

රනිල් Tuesday, 15 October 2013 07:34 PM

කොහොමද මිනීමරුවන් ඉන්න ලස්සන? ඉක්මනට මේ නඩුව ඉවර කරලා මේ අයට නිසි දඩුවම් දෙන තුරු අපි බල ඉන්නවා. (අ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 15 October 2013 07:44 PM

මිනීමරු ධර්මසිරි නිදහස් කළා වගේ 'මහා කළු හස්තය' අනෙත් අයවත් ගළවා ගනීද? (නි)

:       0       0

දර්ශන් Tuesday, 15 October 2013 08:14 PM

මෙම චුදිතයන් නොබෝ කලකින් ඉහළ දේශපාලක තනතුරු දරන්නන් වීමේ හැකියාවද ඉතා ඉහළය. (නි)

:       0       0

බිමල් Tuesday, 15 October 2013 08:21 PM

පව් දෙයියනේ..! (නි)

:       0       0

ගුණේ Wednesday, 16 October 2013 10:42 AM

ඔය කරපු එකා ලස්සනට ඉන්න එළියේ . අනිකටත් සමව ලැබෙයි. ලෝකෙන් උතුම් රට ලංකාවයි, ශ්‍රී ලංකාවයි. (ස)

:       0       0

බන්දු Tuesday, 15 October 2013 08:48 PM

ධර්මසිරි ගොයියා නිදහස් උනේ කොහොමද? (අ)

:       0       0

රූපවතී Wednesday, 16 October 2013 10:55 AM

මිනී මරුවෝ නිදහස් කරන ශ්‍රී ලංකාවට එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න බැහැ..නේද ..?ඒ උනාට ධර්ම ද්වීපය ...? (ස)

:       0       0

නිලූ Wednesday, 16 October 2013 10:57 AM

වැරදි කරා නම් දඩුවම් විඳින්නම වෙයි. (ස)

:       0       0

රූපවතී Wednesday, 16 October 2013 11:08 AM

මට නම් මේ සිදුවීම සහ නීතිය ක්‍රියා කල ආකාරය දිහා මානසිකව දකිද්දී ..? මගේ රටට පය ගහන්න වත් හිත දෙන් නැහැ ..මගේ හිත ඒ තරමට කලකිරිල ...? ලංකාවේදී මගේ ජීවිතේට මෙහෙම දෙයක් උනොත් ඒත් ඔය ටිකම නේද... කරන්නේ බලවත්තු? කියල හිතෙනවා ...?මේ හේතුන් නිසයි ලෝකය අපිව නොපිලි ගන්න හේතුව ...? දවසින් දවස අපිට මීටත් වඩා දේවල් අහන්න ලැබෙනවා දැන් ..ඒ නීතියක් නැතිකමයි රටට ...?පිට රට්ටුන්ට බැන..බැනාම..සේරම ඉන්නවා ...පිට රටවල නීති හොඳයි, හැදියාව හොඳයි ..මනුෂ්‍යත්වයට ගරු කරන මිනිසුන් සිටිනවා ...?...????? (ස)

:       0       0

ලසන්ත Tuesday, 15 October 2013 11:09 PM

සුදු ඇදගෙන ඉන්න ලස්සන? කළ අපරාධය අමතක වෙන්න පෙර නියම තැනට යවන්න ඕනෑ. (නි)

:       0       0

ආරියසේන Tuesday, 15 October 2013 11:18 PM

ඕනෑම දෙයක් කර ඒ අයට නිදහස් විය හැක.සාමාන්‍ය ජනතාව හෝ රජයේ සේවකයෙක් අතින් යම් වැරැද්දක් වූවවොත් ඔවුන්ට නම් මේ ආත්මයේවත් ගැළවීමක් නැත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site