IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘කටකතා හදාගෙන ජනප‍්‍රිය වෙලා වැඩක් නෑ’

තරුෂිි නයනතාරා ගුණරත්න සමහර විට මේ නම ඔයාලාට හුරු නැතිව ඇති. එහෙම නම් පසුගිය දවස්වල නිමාවට පත්වුන දේදුනු ටෙලි නාට්‍යයෙ දේදුනුගෙ චරිතය රඟපාපු අලූත් නිළියව මතකද....

අන්න එයා තමයි තරුෂි නයනතාරා

 

 

seghdx
star දේදුන්නක් පායල නොපෙනිලා ගිය වගේ තරුෂිටත් දේදුනු නාට්‍යයෙන් පස්සෙ වෙච්චි දෙයක් නෑ  වගේනේ?


”නෑ... නෑ.... එහෙමම නෑ. දේදුනු විකාශනය වෙන කාලෙම තවත් ටෙලි නාට්‍ය කිහිපයකටම කතා කළා. ඒත් මට පසුගිය දවස්වල මගේ වැඩවලට විවේකය අවශ්‍ය වුණා. ඒ නිසා ඒ දේවල් කර ගත්තා”

 


star කියන්න කැමතිද මොනවද ඒ දේවල් කියලා?


මම තාම ආයුර්වේද විද්‍යාලයේ ඉගෙන ගන්නවනෙ. ඉතින් පසුගිය දවස්වල තමයි එග්සෑම් තිබුණෙ. දැන් ඉතින් ඒ බරිනුත් මම නිදහස්.

 


star කොහොමද පළමුවෙනි රඟපෑමට ලැබුණ ප‍්‍රතිචාර?


මමවත් හිතුවේ නැති තරමට ප‍්‍රතිචාර ලැබුණා. සුමති සම්මාන උළෙලෙ ජනප‍්‍රියම නිළියගෙ නම් අතර මගේ නම තුන්වෙනි තැනට ආවා. තාමත් ඒ ප‍්‍රතිචාර අඩුවක් නෑ.

 


star ඒ කියන්නෙ පාරෙ බැහැලවත් යන්න බැරිතරමටද? පස්සෙන් හොයාගෙන එන තරමටද?


(සිනාසෙමින්) ඔව්. එහෙමත් ප‍්‍රතිචාර ලැබුණා. සමහරු ගේ ළඟට සොයාගෙන ආවා. ෆෝන් නම්බර් එක හොයාගෙන. කතා කරපු අයත් හිටියා. ඒ හැම දෙයක්ම මට අලූත් දේවල්.

 


star ෆෝන් එකෙන් කතා කරපු අය වැඩිපුරම කතා කෙරුවේ මොනවා ගැනද?


මගේ රඟපෑම් ගැනත් කතා කෙරුවා. ඒ අනුව තව තව දේවල් ගැන කතා කරන්න හදපු අයත් හිටියා.

 


star තව තව දේවල් කියන්නෙ ආදරය ගැන වෙන්න ඇති නේද?


(සිනාසෙමින්) ඔව්. ඉතින් තරුණ පිරිමි ළමයි එහෙමනෙ.

 


star ඔයා රඟපාන්න යනකොට පෙම්වතියක්ද?


ඔව්. රඟපාන්න යද්දී නම් මම පෙම්වතියක් තමයි. ඒත් දැන්නම් මම පෙම්වතියක් නෙවෙයි.

 


star ඒකට ඔයා නිළියක්වීමත් හේතුවක් වුනාද?


ඔව්. ඒක තමයි ප‍්‍රධානම හේතුව වුණෙ. විශ්වාසය කියන දේ ඇතිකර ගන්න එයාට බැරිවුණා. ඒ නිසාම සුහද විදිහට අපේ සම්බන්ධය නතර කරලා දැම්මා.

 


star තවත් විදිහකට කියනවා නම් ඔයා නිළියක්වෙලා. පාරා වගේ ආදරේ කරපු පෙම්වතාට ”බූට්” එක තිබ්බා නේද?


”අනේ අනේ එහෙමනම් කියන්නවත් එපා. එහෙමනම් හිතන්නවත් එපා. සැකය තියාගෙන ආදරය කරන්න බැරි ප‍්‍රශ්නෙකුයි ආවේ. අනෙක මම රඟපාන්න ආසාවෙන් හිටපු කෙනෙක්. මගේ ඒ තත්ත්වය එයා තේරුම් ගත්තනම් මේ මොනවත් නෑ.

 


star නිළිකම ගැන ඔයාට මොනවද හිතෙන්නෙ. ඒක සුන්දර රැකියාවක්ද?


”ඇත්තටම සුන්දරයි. ඒ වගේම කලා ලෝකයට සම්බන්ධ වෙලා. ජනප‍්‍රියත්වයක් ලබන්නත් ලොකු පිනක් තියෙන්න  ඕනෙ කියලයි මට හිතෙන්නෙ.

 


star රඟපාන අතරේ අපේ තරුණ නළුවන්ගෙන් එහෙම ආදර යෝජනා ආවේ නැද්ද?


”නෑ ඒ හැම කෙනෙක්ම මට උදව් කෙරුවා. ඒ ඇරෙන්න වෙන දේවල් සිද්ධ වුනේ නෑ.

 


star දේදුනු නාට්‍යයෙ රඟපාපු සංකේත්, දසුන් වගේ අය ඔයා ගැන විශේෂ උනන්දුවක් දක්වන්න හදනවා කියලවත් දැනුනෙ නැද්ද?


(සිනාසෙමින්) නෑ.... නෑ. එයාල එහෙම නෑ. හරි හොඳයිනෙ.

 


star ඔයා කට කතාවලට බයද?


තමන් ගැන වැරදි කටකතා හැදෙනවා නම් බය වෙන්න  ඕනෙ. තමන් හරියට ඉන්නව නම් වැරදි කටකතා හැදෙන්නෙ නෑනෙ. මට ඒ ගැන හිතන්නෙ එහෙමයි.

 


starහැබැයි කටකතා නිසා ජනප‍්‍රියත්වය වැඩිකර ගන්නත් පුළුවන් නේද?


”ඒ විදියට ලබාගන්න ජනප‍්‍රියත්වයෙ තේරුමක් නෑ. තමන් ජනප‍්‍රිය වෙන්න  ඕනෙ තමන්ගෙ දක්ෂතාවයන්ගෙන.’’.

 


star එතකොට දැන් පෙම්වතෙක් ඇත්තටම නැද්ද?


”ඇත්තටම නෑ. දැන් නෙමෙයි තවත් කාලයක් යනකම් මට පෙම්වතෙක් අවශ්‍ය නෑ කියලා මම හිතන්නෙ.

 


star නිළියක් විදිහට දුර ගමනක් යන්නද දැන් හීන දකින්නෙ.


”නිළියක් වගේම ආයුර්වේද වෛද්‍යවරියක් වෙන්නයි මම හීන දකින්නෙ. ඒ වෙනුවෙන් මම මගේ පුර්ණ කැපවීම කරනවා.

 

m

 



අදහස් (0)

‘කටකතා හදාගෙන ජනප‍්‍රිය වෙලා වැඩක් නෑ’

තරිඳු Saturday, 17 January 2015 02:21 AM

තරුෂි ශීලාචාර කෙනෙක් බව පෙනෙනවා ඇඳුමෙන් සහ කතාවෙන්. එය අගය කළයුතු ගුණයක්. (නි)

:       0       0

සරත් Thursday, 01 January 2015 06:56 AM

එපා කියන අයට ඕන වෙනවා.(හේ)

:       0       0

හශනී Friday, 02 January 2015 01:53 AM

අනේ! අපිට නම් ඔයාගේ පුද්ගලික ජීවිතයෙන් වැඩක් නැහැ. රඟපෑමයි වැදගත්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site