විවිධ ග්‍රහචාර විග්‍රහ කරමින් ශ්‍රී ලංකාව තුළ යළි කොටි ත්‍රස්තවාදය හිස ඔසවන බව ජ්‍යෙතිෂය සම්බන්ධයෙන් අනාවැකි කියන එක්තරා ප්‍රසිද්ධ හා ප්‍රවීණ යැයි කියාගන්නා ජ්‍යෙතිෂවේදියකු රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පැවසූ බවත් එය විශාල මුලාවක් බවත් යෝගී සුජිත් නිශාන්ත පවසයි.
එවැනි දෙයක් කියන්නේ නම් එය ජනතාව මුලා කිරීමක් බවත් තමා ඔහු සමග ඕනෑම මොහොතක විවාදයට සූදානම් බවත් සුජිත් නිශාන්ත යෝගීවරයා සඳහන් කරයි. ජ්‍යෙතිෂ ශාස්ත්‍රය නිවැරදිව හදාරන්නේ නැතිව මෙවැනි බොරු කරන අයට නොරැවටෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජ්‍යෝතිෂ අනාවැකි අනවශ්‍ය යි .මහින්ද මයා රැවටුවා.එනිසා රට අවුලක් වුනා.මේ කාලයේ සල්ලිවලට කහින අය හැම තැනම (බ)
පටලව ගන්න එපා. කොටි කොටි කියල. නම මොකක් වුනත් එන්නේ බෙදුම්වාදය....සියලුදෙනාම කල්පනාවෙන් වැඩ කරන්න. අපේ දරුවන්ට රටක් තියෙන්න ඕනේ (බ)
ඔය කතාව කියපු කෙනා කියන්නෙම බොරු අත් දැකීමෙන් මම දන්නවා (බ)
කවුරු මොනවා කිවුවත් ජ්‍යෝතිෂය යනු පුළුල් විෂයක්. එම විෂය සුළුවෙන් දැනගත් පමණින්, මුළු ක්‍ෂේත්‍රයම දැනගත් අයකු වශයෙන් අනාවැකි කියන අයත් සිටිනවා. (නි)
2002 අපිව රැවැට්ටුවා. අායෙත් එ්ක වෙන්න ඉඩ තියෙනවා. (බ)
ලංකාවේ මිනිස්සු මේ වගේ අනාවැකි විශ්වාස කරනවද? (නි)
පොඩ්ඩක් හිතන්න මොකක්ද මේ බෙදුම් වාදය. හැමෝම හිතාගෙන ඉන්නේ හමුදාව යොදල බෙදුම් වාදය නතර කරන්න පුළුවන් කියලද එහනම් මහත්තුරු ඔය ගොල්ලෝ සේරටම වැරදිලා බෙදුම් වාදය හරි මොන වදයක් හරි නවත්තන්න පුළුවන් සමානාත්ම තාවයෙන් විතරයි. (ම)
ග්‍රහචාරය අනුව කොටි එනවානම් මහින්ද බලයට පත්කරා කියලා එයාට බැහැනේ ග්‍රහවස්තු එහාට මෙහාට කරන්න.(ම)
ඊළඟ රජයේ රාජකීය දෛවඥයා වෙන්නද කල්පනාව? (ම)
දැන් අපිට මේ ජ්‍යෙතිෂය කාරයන්ගෙන් ප්‍රවේශම් වෙලා ඉන්න කාලේ ඇවිත්. මේ මිනිස්සු දෙපැත්ත ගිනි තියමින් තමා බඩ වඩා ගන්නේ. වෙන මුකුත් සෙතක් වෙන්නේ නෑ (බ)
නැවත කොටි හිස ඔසවන්නේ නැතිනම් මොකටද ප්‍රභාකරන්ගේ පිළිරුවක් හදන්න යන්නේ. ත්‍රස්තවාදය අපේ රටේ පටන් ගන්න පෙර ඔය කිසි කෙනෙක් සාස්තර බලල කීවේ නැහැ අපේ රටට වෙන්න යන විපත. (ම)
මේ ජ්‍යෝතිෂය ඕනේ නැහැ, දැක්කද වන්නි යූ එන් පී ද්‍රවිඩ අපේක්ෂකයා කියපු දේ. අපේ රට අපේ ජාතියයි. අපේ රටේ රත්තරන් නායකයා ප්‍රභාකරන්. ඔහේ ඉතින් බයිලා කියනවා. (බ)
කොටි හිස ඔසවන බව දැනගන්න ජ්‍යෝතිෂවේදී වෙන්න උවමනා නැහැ. ද්‍රවිඩ ජාතිකයෝ වැඩිපුර සිටින රටක මැරුණු කොටි සමරන මහවිරු දිනයක ටිකක් ඇවිද්දා නම් බලාගන්න පුළුවන් වෙන්නේ මොනවද කියලා. (නි)
කොයි සාත්තර කාරයද කිව්වේ අවුරුදු 30 යුද්දය තියෙනවා කියලා.මහින්ද යුද්ධය නවත්තනවා කියල කිව්වද.(ම)
ජෝතිෂ්‍ය සහ දේශපාලනය යනු වෙනස් විෂයන් වේ (ම)
දේශපාලන විශාරදයින් අනතුරු අඟවන කරුණු ගැන නැහැ කියන්න හදනවද? (නි)
යෝගී සුජිත් නිශාන්ත මහතාණෙනි,මා ඔබතුමා සමඟ 100%ට 100ක්ම එකඟ වෙමි.මාත් ඔය කියන ජ්‍යෝතිෂ වැඩ සටහන බැලුවා.ඕනෑම කෙනෙකුට තේරෙනවා මේ පුරසාරම්.මහින්දට කළගුණ සළකනවා නම් එයාගේ අනුගාමිකයන්ට කියනවා මහින්දට ඡන්දය දෙන්නලු.මා එතැනින්ම රූපවාහිනිය වසා දැමුවා. (නි)
මේ එක දෙයක්වත් මම විශ්වාස කරන්නේ නැහැ (නි)
දැන් රටේ ජනතාව බුද්ධිමත් (නි)
18 වෙනිදට බලමුකෝ (නි)
කව්ද හරි බලමුකෝ (නදී)
ප්‍රදීප් කුමාර ඔබ රට ගැන ඔයිට වැඩියෙන් අවධානය යොමුකරන්න. එවිට සත්‍ය වැටහේවි.(නදී)
මංජුල පීරිස් මහතා හරි අපිට විශ්වාසයි (නදී)
මංජුල පීරිස්ට කඩේ යන අයවලුන්,කරුණාකර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ යසපාල සේනාදිසිංහ මහතාගේ කොළම බලන මෙන් කරුණාවෙන් ඉල්ලීමක් කරනු කැමැත්තමි. (බ)
ජ්‍යෝතිෂය කියන්නේ මොකද්ද කියලාවත් සමහරු දන්නේ නැහැ එදා තරු හා අනෙකුත් ග්‍රහ වස්තුවල බලපෑම නිසා පරිසරයේ වෙනසත් සමඟ වෙනස්වන මනසත් සමඟ වෙන දේවල් ගැන කෙරෙන විස්තරය සටහන්වුණ ඒ පරණ පොත් තාම තිබෙනවා. අද ඒ ග්‍රහ වස්තු එදා තිබුන තැන දැන් නැහැ (නි)
බුද්ධිමත් අයට ඔය කතා තේරුම් ගන්න පුළුවන්. ඕනෑ කෙනෙකුට තේරෙනවා මේ වෙලාවේ ඔය වගේ කතා වලින් වාසිවෙන්නේ කාටද කියන එක. (නි)
අපිට නම් ඇත්ත තේරුම්ගන්න පුලුවන් (නි)
හිටපු ලොක්කට ගෙදර යන්න වුනෙත් සියල්ල දත් ජ්‍යෙතිෂවේදියෙක් පස්සේ ගිහිල්ල. දැන් එතනට තවත් කෙනෙක් ඇවිත් බයිලා ගහනවා. මෙයාල දාහක් කියන කොට කනාපල්ලමේ දහයක් විතර හරියන,ඊට පස්සේ ඒ ගැන තප්පුලනව. නමුත් අර වැරදුන නවසිය අනූව ගැන මීක් නැහැ.මොනවා කරන්නද, රටේ නායකයෝ වෙන්න හදන දෙන්නත් තරගෙට ගස් ගල් වලට වදිමින් කෝවිල් ගානේ යනකොට. (බ)
ග්‍රහ තාරකා වලට පුලුවන් නම් අනාවැකි කියන්න මොන එහෙකෙට යුද්දයක් කලාද ? (නදී)
එතුමාගේ කතාව අපිත් ඇසුවා තව කෙනෙක් වෙනුවෙන් කඩේ ගියා වගේ දෙයක් මට හිතෙන්නේ (නදී)
ප්‍රභාකරන් ඔච්චර මිනිමරනතුරු මොකුත් කරගන්න බැරිවුණ අය දැන් පණ්ඩිත කතා කියනවා. තවත් මිනිස්සු මුලාකරන්න නම් එපා. බුද්ධි වාර්තාවල සඳහන් වෙනවා නේද අවදානමක් ඇති බව?
මෙතුමා ඔය කියන්නේ මංජුල පීරිස් ගැන. මාත් ඒක දැක්කා. මම නම් එයා කියන ඒවා විශ්වාස කරන්නේ නැහැ.(ම)
අනේ එහෙනම් දෙමල සන්ධානේ, ඩ්යස්පෝරාව මේ බොරුවක් වෙන්න ඇති කොරන්නේ. මේවා ඇස් කන් තියන ඕන කෙනෙකුට පේනවා. (නදී)
මෙවැනි අනාවැකි වලට දායක වීමෙන්, මහජනයා තුල ඇති විශ්වාසය ගිලිහි යා වී දෝ?. (නදී)
ලෝකයේ බිහිවුණ දරුණුම ත්‍රස්තවාදය එල්ටීටීඊ කියලා හැමෝම දන්නවා. ආයේ ඒකේ දෙකක් නැහැ (නි)
මමත් පිළිගන්නෙ නැහැ (නි)
සමානාත්මතාවය තිබෙන රටවල් බොහොම අතළොස්සයි තියෙන්නේ. සිංහල අපට ලැබුණු මේ දිවයින රැකගනිමු . (නි)
මෙවර මහින්ද දිනනවා (නි)
කවුරුවත් කියන්න උවමනා නැහැ දිනන අය දිනනවා (නදී)
නිලාන් -කටාර්, ඔයා දන්න දෙයක් ගැන කතාකරන්න (නි)
හැබැයි රට ගැන සාමන්‍ය දැනීම බින්දුවයි. රට විනාශ කළ ප්‍රභාකරන්ට දෙමළ මිනිස්සු දෙවියන්ට වගේ සළකනවා. හැබැයි අපේ සිංහලයෝ ප්‍රභාකරන් මරපු මහින්දට අද හොරා හොරා කියලා ගරහනවා (නි)
මහත්තයෝ, ජ්‍යෝතිෂය ඕනෑ නැහැ. දැන් රටේ වෙන දේවල් වලින් ඕනෑම කෙනෙකුට පෙනෙනවා කොටි හිස ඔසවනවාද නැද්ද කියලා. (නි)
ශක්ති කරුණාකරලා වන්නි දිස්ත්‍රික්කයට යූ එන් පී එකෙන් ඉල්ලන දෙමල අපේක්ෂකයාගේ කතාව බලන්න අහන්න. (නදී)
දහම්, පටු දේශපාලන අරමුණු සඳහා ජාතිවාදය මතුකරන්න එපා. (නි)
ජාති බේද අවුළුවලා, මිනිසුන්ගෙ හිත් ගිනිතියලා, එකට ජීවත්වෙන්න පුලුවන් ජාතීන් අසමගි කරලා කොටින්ට පාර කපන්න පුළුවන්. නැති කොටි ඇති කිරීමේ අදහස ඒකම තමයි. කොටි ඇති තාමත් හිත්වල. ඒත් රටේ සාමය සහජීවනය තිබේ නම් ජේවීපී වගේම එයාලත් පාර්ලිමේන්තුවට එයි. (නි)
ප්‍රභාකරන් ඔච්චර මිනීමරනතුරු මොකුත් කරගන්න බැරිවුණ අය දැන් පණ්ඩිත කතා කියනවා. තවත් මිනිස්සු මුලාකරන්න නම් එපා. බුද්ධි වාර්තාවල සඳහන් වෙනවා නේද අවදානමක් ඇති බව.මහත්තයෝ, ජ්‍යෝතිෂය ඕනෑ නැහැ. දැන් රටේ වෙන දේවල් වලින් ඕනෑම කෙනෙකුට පෙනෙනවා කොටි හිස ඔසවනවාද නැද්ද කියලා...18 වෙනිදට බලමුකෝ (නි)
ටී සුනිල්, ඔබගේ දැනුවත් කිරීමට තුති. ලෝකයේ උතුම් රට ලංකාවයි කීවාට,බොරු වපුරන, මිත්‍යාවෙන් දෑස අඳ වූ රුපවාහිනිය ඉදිරිපිට පැය ගණන් කාලය කා දමමින් ජෝතීර්වේදීන් කියාගන්නා බොරු කාරයන්ට රැවටෙමින් කාලය ගතකරන,බත් කන හරක් සිටිනා එකම උතුම් රට ලංකාව වේ. මෙවැනි මිනිසුන් දැනුවත් කිරීම, බීරි අලින්ට වීනා ගැයුවා හා සමාන වේ. (නදී)
ශ්‍රී ලංකා යුධ බුද්ධි අංශය තිබෙනතුරු නැවතත් කොටියාට අපේ රට තුළ ක්‍රියාත්මකවීම සිහිනයක් පමණි (නි)
ථෙරවාදී බුදුදහම තිබෙන රටේ බොදුනුවන් ජෝතිශයට වහල් වීම මටනම් ප්‍රහේලිකාවක්. හේතුව බුදුන් දේශනා කර තිබෙන්නේ අන්ධ භක්තිය පිළිනොගෙන මනසට මුල්තැන දී අප්‍රමාදීව කටයුතු කරන්න කියා. අප කරන්නේ කුමක්ද අතේ තිබෙන සල්ලි ටික ජෝතිශයට පුජා කරලා ඔවුන් කියනා සම්ප්‍රප්පලාප පසුපස ගොස් ජීවිතයේ සාර්ථකත්වය අහිමි කර ගන්නා එක නේද ? මම කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේවා ප්‍රතික්ෂේප කරන්න. සත්වයෙකු මව් කුසට පැමිනි දා සිට මැරෙන මොහොත දක්වා ඔහුට තිබෙන්නේ සැපට වඩා දුක් පැත්ත. ඔබට අපලයි කියා ජෝතිෂ්‍ය කියන්නේ මෙන්න මේ දුකයි. ඉතින් මේ දුක දැනගන්න මොකටද ඔබ ඔබේ මුදල් නිකරුනේ ජෝතිෂ්‍ය කරුවන්ට පුජා කරන්නේ ? ඔබ හොඳට ආර්ය අෂ්ටාංගික මාර්ගය හදාරන්න. එයිනුත් සම්මා සතිය පිළිබඳව අධ්‍යනය කරන්න. ඔය ජෝතිෂ්‍ය කරුවන් අපල තිබෙනවා කියා දෙන ප්‍රතිකර්ම වෙනුවට සම්මා සතිය ඔබට පෙන්වා දෙනවා. ජීවිතය වරද්දා ගන්නේ නැතිව අපල වලින් මිදී ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය බුදුන්ගේ අන්තිම අවවාදය පිළිබඳව සිත යොමු කරන්න. අප්පාමාදේන සම්පාදේත. මේ වදන තුල ජෝතිශයට ,රාහු කාලයට ඉඩක් නැත්තේය (නදී)
අවශ්‍ය ප්‍රශ්නයට අවශ්‍ය විසදුම් නොසොයා තාවකාලික පැලැස්තර දමන්න ගියොත් කොටි නොවෙයි නරි උනත් හිස ඔසවන්න පුළුවන්. (නදී)
ජ්‍යෝතිෂ කතාව අමතක කරන්නකෝ.උතුරේ දේශපාලකයෝ බෙදුම්වාදයකට සැරසෙනවා දිනු රට රැකගන්න. අපිට නිර්භීත නායකත්වයක් ඕනෑ. (නි)
නැති ගෝනි බිල්ලෙක් මවාපාගෙන දේශපාලන වාසි ගන්න හදනවා. මංජුල පීරිස් ජෝතිශයේ නාමයෙන් කාටද කඩේ යන්නේ කියා ඉතා පැහැදිලයි. පුරාන සෘෂි වරුන් ලොවට පහන් සිතින් දායාද කළ උතුම් ජෝතිෂ්‍ය සාස්තරය ජරා දේශපාලනයේ නාමයෙන් නොකෙලෙසන මෙන් ඉල්ලා සිටිමි. (නදී)
යුද්දේ තියෙද්දී ප්‍රබාකරන් මැරෙනවද නැද්ද කියල ඔය සාත්තරේට අහුවුනේ නැද්ද? (නදී)
සමහරුන්ට නම් හොඳටම රිදිලා (නි)
එතකොට ටී සුනිල්, අර දිවස් තියෙන යෝගී තුමා කියන එක ගැන ඔබ මොකද කියන්නේ.(නදී)
කොටින්ගේ ක්‍රියාකාරකම් ගැන කිවේ අපි නෙමෙයි.ඇමරිකාවෙන් ,ලෝකයේ හොඳම බුද්ධි අංශය තියන රට. යහාපලනයට මේක තේරුම් ගන්න තාමත් බැරිවෙලා. මහත්වරු ඇවිත් ඇත්ත වහන් කරන්න හදනවා, දේශපාලුවන්ට කඩේ යනවා .මෙවැනි දේ මිනිසුනට අතරට යොමුකොට රටට ද්‍රෝහිවෙන්න එපා මහත්තයෝ (ම)
ජ්‍යෝතිෂය මාත් විශ්වාස කරන්නේ නැහැ. එ්ත් රටේ තත්ත්වය බලද්දී කොටි කතාව බොරුවක් කියන්න බැහැ. (නි)
දහම්,යෝගී තුමා ඉල්ලා සිටින විදිහට මංජුල පීරිස්ට ප්‍රසිද්ද විවාදයකට සහබාගි වී කරුණු පැහැදිලි කිරීමට බැරි ඇයි? කෙලින් කොන්දක් තියේ නම් බාර ගන්න කියන්න අබියෝගය. අපිත් බලාගෙන ඉන්නම්. (නදී)
මහින්ද දිනන්නේ නැහැ (නි)
එතුමාගේ අනාවැකිය මේ කාල වකවානුවේම ප්‍රකාශ කලේ මොකද ? ජනතාව රවට්ටන්න නම් හිතන තරම් ලේසි නෑ මොකද කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්දියෙන් ඇසුවොත්. (නදී)
කොටි ඔලුව උස්සන්නේ කොහෙද ? (නදී)
ඔය කවුරු මොනවා කීවත් වැඩේ තියෙන්නේ අපේ අතේනේ. 18 වෙනිදාම බලා ගන්න පුළුවන්.ඔය කතා කියන අයට මොනවා කියන්න බැරිද. (බ)
ශක්ති, පටු හරි පුළුල් හරි දේශපාලනේ කරන්න හරි නොකරන්න හරි ජීවත් වෙන්න එක රටක් තියෙන්න ඕනේ. ඔයා ම බලන්න ඒ වීඩියෝ එක. වන්නි යූ එන් පී අපේක්ෂකයා එහෙම කියනවද නැද්ද කියල. දෙමල පක්ෂෙක කෙනෙක්නම් තව කමක් නැහැ කියමුකෝ. මේ යූ එන් පී අපේක්ෂකයමනේ.අපි ජාතිවාදීන් නෙමේ. හැබැයි මේ අය ජාතිවාදී. ඒක පිළිගන්න. අපට තිබෙන්නේ මේ රට පමණයි. ඒක අමතක කරන්න එපා. දේශපාලනෙට වඩා වටින්නේ රට. (බ)
කොටින්ට සල්ලි දුනේ මහින්ද කේ පී ට රජ සැපදුන්නේ මහින්ද පීල්ලයාන් ට සැප දුනේ මහින්ද කරුණ අම්මාන් ශ්‍රීලනිප නියෝජ්ජ ලේකම් කම දුන්නේ මහින්ද 2004 සුනාමි - ප්‍රබාකරන් එක්ක ගිවිසුම අත්සන් කළේ මහින්ද ඉතින් මහින්ද 58 ලක්ෂයක් ගොනාට අන්දනවා (බ)
යෝගී බෙරිහන් දීමකට අභියෝග කරන්න සමතෙක් තුන්ලොවම නැත. ඕනෑ කෙලියක් කොරන්න නිවහල් නිදහස් රටක් තිබිය යුතු බව නොදන්නා හරකුන්. (බ)
හැමදාම මිනිස්සු බය කරලා උතුර දකුණ පටු අදහස් වලින් වෙන් කරලා කතා කරනකම් කොටි ඉන්නවා එහෙම නැතිව එක රටක් විදියට හිතන්න මිනිස්සුන්ට ඉඩ දෙන්න කියල පටු බලලෝබි හරක්ට කියමු මේ පාර ඡන්දෙදි (බ)
එහෙම කිවුවා කියමු. ඒත් ඒ කියන විදියටද රට පාලනය වෙන්නෙ? හිතනවද ඊළාම් අදහස් ඉක්මනින් අවසන්වේ යැයි කියලා? (නි)
මේ මනුස්සයට කොලොප්පන්ද කොහෙද ජෝතිෂ්‍ය හින්දා ඇස් පේන්නෙත් නෑ කන් ඇහෙන්නෙත් නෑ (ම)