රුපියල් හය කෝටි හතලිස් ලක්ෂයක් වටිනා මැණික් ගල් සහ රත්තරන් කැබලි අඩංගු පෙට්ටි 02 ක් නීති විරෝධී ලෙස ඉන්දියාවට යැවීමට සුදානම් කර තිබියදී අද උදෑසන කටුනායක ගුවන් බඩු ගම්මානයේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නීති අංශයේ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
ගාල්ල ප‍්‍රදේශයේ මැණික් අපනයනකරුවෙකු විසින් රුපියල් එක්කෝටි දස ලක්ෂයක් වටිනා මැණික් බවට රේගුවට ලියකියවිලි ප‍්‍රකාශ කර අදාල පෙට්ටි දෙක ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යැවිමට ගුවන් බඩු ගම්මානයට ගෙනවිත් තිබු බව රේගුව කියයි.
අත් අඩංගුවට ගනු ලැබූ මැණික් අතර විවිධ වර්ග වල නිල් මැණික්, කිරිංචි,ගෝමේද, අග්නි සහ චන්ද්‍රකාන්ති පාෂාන තිබු බව රේගුව කියයි.
තහඩු වලින් නිමවා තිබු මෙම පෙට්ටි දෙක ගැන සැක කළ රේගු නිලධාරීන් විසින් එක් පෙට්ටියක් විවෘත කර බැලීමේදී ගෝමේද මැණික් ගල් අතර සගවා තිබූ රන් කැබැලි අටක් ද සොයාගෙන ඇත.
පසුව රේගු මැණික් තක්සේරු නිලධාරීහු, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් සමග එක්ව පරීක්ෂා කර බැලීමේදි රන්කැබලි වල බර ග‍්‍රෑම් තුන්දාහස් හාරසිය හතක් බවත් එහි වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක්ද, මැණික් ගල් වල වටිනාකම රුපියල් හාර කෝටි හැත්තෑ ලක්ෂයක් බවට ගනන් බලා ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් ආචාර්‍ය දිලිප් කුමාරතිලක මහතාගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරීවරුන් වන ඩබ්ලිව්.ඞී රත්නසිරි, භාතිය අබේරත්න සහ රේගු මැණික් තක්සේරු අංශයේ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන චන්න ශාන්තප‍්‍රිය, අජිත් සිරිවර්ධන සහ ජී.එම් රත්නායක යන නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටෙන් පිට හොරෙන් පිට කරන මැණික් සහ රත්රන් ප්‍රමාණය කොපමණද කියා කීමට නොහැක. එහෙත් මෙතන සිට අපේ දක්ෂ රේගු නිලධාරීන් කොටසක් කරනා මෙම වැටලීම් සහ පරික්ෂා වලින් රටට ලැබෙන ආදායම ඉමහත්ය. අපේ අවංක රේගු නිලධාරින්ට තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට අරාක්ෂාව ලැබේවා. (ස)
මෙම මැණික් තොගය වීදුරු කැට හෝ බාගයක් වීමට පුළුවන්. අපේ රටේ වෙන්නේ මේ වගේ දේවල්නේ. (ස)
කොච්චර ආදායම් ලැබුවත් මොකටද, බලන්න බඩු මිළ, බස් ගාස්තු, විදුලි බිල දිහා (නි)
සුද්දගේ කාලෙටත් ඉස්සර ඉඳලාම කළේ හොඳ ටික රට පටවලා රොඩ්ඩ අපට දීපු එකනේ.නැත්තම් කෝ අපේ රටේ තිබුණු සම්පත්? (නි)