(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම රත්මල්යාය ප්‍රදේශයේ රහසිගතව ගබඩා කර තිබූ රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුතු මුහුදු කූඩැල්ලන් තොගයක් අද (2) ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ විමර්ශන අංශය හා පුත්තලම සහකාර අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් එක්ව කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත.
මුහුදු කූඩැල්ලන් තොගය ගබඩා කර තිබූ ස්ථානයේ භාරකරු ධීවර නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
යාපනය හා මුලතිව් ප්‍රදේශයේ සිට රහසිගතව රැගෙනවිත් ශීතාගාර ගබඩාවක ආරක්ෂිතව සඟවා තිබූ මුහුදු කුඩැල්ලන් කිලෝ 2000 ප්‍රමාණයක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබිණි.
එම මුහුදු කූඩැල්ලන් තොගය විදේශ රටවලට යැවීමේ අරමුණින් සඟවා තිබී ඇතැයි අනාවරණය වූ බව නිලධාරීහු පවසති.
මෙය 1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තු පනතේ 49 / 5 වගන්තිය උල්ලංඝණය කිරීමක් බවද ඔවුහු පවසති.
මුහුදු කුඩැල්ලන් ඇල්ලිමේදී කිලෝවකට 180 කට අඩු ප්‍රමාණයක් තිබිය යුතු නමුත් අත්අඩංගුවට ගත් තොගයේ කිලෝවකට 250 කට අධික ප්‍රමාණයක් තිබූ බවද ඔවුහු කියති.
අත්අඩංගුවට ගත් සැකකරු හා කූඩැල්ලන් තොගය හෙට (03) කොළඹ අංක 03 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දන්නේ නෑ අත්අඩංගුවට ගන්නේ. නාවික හමුදාවෙන් තමයි බලපත්‍ර දෙන්නේ. මේක ඉතා වැදගත් විදේශ විනිමය ගේන ආදායම් මාර්ගයක්. කොහොමද මේ කිමිදුම්කරුවෝ මුහුද යට කිලෝ එකට 100ක්, නැත්නම් 200ක්, නැත්නම් 300ක් කියලා මනින්නේ. ගන්නකොට වැලිත් එක්ක තමයි තියෙන්නේ. පුළුවන් තරම් ඉක්මනට ඔය මුහුදු කූඩැල්ලෝ ටික අල්ලලා එන්න තමයි බලන්නේ. සමහර විට ඒ කිමිදුම්කරුවෙක් මාළුවෙක් ගිලින්නත් පුළුවන්. ජීවිත් වෙන්න උත්සාහ කරන අයට උදව් කරනවා වෙනුවට, අපේ අමාත්‍යාංශ කරන මේ වැඩ හරි සවුත්තුයි....
මේවා මහා මොංගල් වැඩ. ඇත්තටම මේවට මෙච්චර ඉල්ලුමක් තියෙනවනම් ක්‍රමානුකුලව හරි විදියට ආදායම් මාර්ග සලසාගන්න රටක් විදියට අපොහොසත් ඇයි? මේක හැමදාම තුන්වන ලෝකයේ රටක් විතරක් නෙවෙයි, තුන්වෙනි පන්තියේ රටක්.