IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කෝටි හතරක මත් ඔරුගොඩවත්තෙන් අල්ලයි

(ටී.කේ.ජී.කපිල)

රුපියල් හාර කෝටි විසි ලක්ෂයක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35 ක් ඔරුගොඩවත්ත රේගු ආදායම් අධීක්ෂණ අංශයේ පරීක්ෂණ අංගනයේ දී  අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

මෙම මත්ද්‍රව්‍ය පාර්සල් 05 ක් ලෙස සකස් කර ඉතාලියේ සිට ගුවන් තැපැල් ඔස්සේ කටුනායක ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි .

පසුව මෙම සැක කටයුතු පාර්සල් ඔරුගොඩවත්ත රේගු ආදායම් අධීක්ෂණ අංශයේ පරීක්ෂණ අංගනය වෙත රැගෙන ගොස් පරීක්ෂා කිරීම සිදු කර තිබේ .

මෙම පාර්සල් නිවෙස වෙතම ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කර දෙන ආයතනයක් වෙත ලැබී තිබූ ඒවා වේ .

මෙම පාර්සල් භාර දිය යුතු ලිපිනයන් නොමැති අතර ඒ සදහා ඇත්තේ එම පාර්සල් හිමිකරුවන්ගේ දුරකථන අංක පමණි .

මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගත් රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

 



අදහස් (1)

කෝටි හතරක මත් ඔරුගොඩවත්තෙන් අල්ලයි

Randula Tuesday, 03 October 2023 05:51 PM

විමර්ශන කටයුතු අවසන් නැතිනම්, එකම හෝඩුවාව දුරකථන අංක නම්, මේ වැටලීම ගැන ප්‍රසිද්ධ කරන එක වරදක් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 985 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site