
(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි හතක් වටිනා "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු , ඒවා ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති "හරිත මාවත" (Green Channel) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී අද (07) දින උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු 24 වැනි වියේ පසුවන ජා-ඇළ ප්‍රදේශයේ පදිංචි, මීගමුව, කුඩාපාඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකි.
මොහු මෙම "කුෂ්" මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් රැගෙන ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ, එතැන් සිට ඉන්දීය ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ , කාබන් කොළ වල ඔතා , වායුව කාන්දු නොවන ආකාරයට ( Vacuum Pak) සකස් කර, එවැනි ඇසුරුම් 15 ක් තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07 යි ග්‍රෑම් 070 ක ප්‍රමාණය අසුරා ගෙන , ඒවා මත රසකැවිළි අඩංගු පැකට් විශාල ප්‍රමාණයක් ද දමා සගවා ගෙන පැමිණ තිබුණි .
ඔහුට මෙම මත්ද්‍රව්‍ය තොගය තමන් දන්නා හදුනන , දැනට තායිලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවක විසින් මෙරටට රැගෙන ඒම සදහා භාර දුන් බව රේගුව සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ .
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම මත්ද්‍රව්‍ය තොගය සමග ඒවා රැගෙන ආ ගුවන් මගියා ද කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd