බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග හා ප්‍රධාන නිලධරයන් තිදෙනෙකු පළාත් සභා මුදල් හත්කෝටියක් අවභාවිතා කළැයි බස්නාහිර විපක්ෂ නායක මංජු ශ්‍රි අරංගල ඇතුළු මන්ත්‍රීවරු 30 දෙනෙකුගේ පැමිණිල්ලක් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරික්ෂණ අරඹා ඇත.

එම ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක එම් ඩී ඩී පී ගුණතිලක මහතා අද (22) අරංගල ඇතුළු පළාත් සභා මන්ත්‍රීන් හය දෙනෙකුගෙන් කට උත්තර ලියා ගත්තේය.

දැනටම තවත් 15 දෙනෙකුගේ කට උත්තර ලබා ගෙන ඇතැයිද ප්‍රධාන ඇමැතිවරයා කොළඹ, ගම්පහ හා කළුතර ව්‍යාපෘති 333ක් මෙම මුදල් යොදා ඇතැයිද දැන ගන්නට ඇත.