කොටි.සංවිධානය යළි කිසිම දිනක මේ රටේ හිස ඔසවන්නේ නැති බවත් දෙමළ ජනතාව යළි යුද්ධයක් කෙරෙහි තල්ලු වන්නේ නැති බවත් යුද්ධයක අවශ්‍යතාව ඇත්තේ දකුණේ ඇතැම් දේශපාලන බලවේගවලට බවත් උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.සිවඥාණම් යාපනයේදී පැවසුවේය.
එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් විසින් භාවිත කරනු ලබන මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් සහ යුද උපකරණ රැසක් පසුගිය දින යාපනයේදී හමුවීම පිළිබඳව විමසීමේදී මාධ්‍යට අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.
‘එල්.ටී.ටී.ඊ.නායකයා වූ ප්‍රභාකරන් තනි මතයකට අනුව ගෙන ගිය අරගලය ''කරිෂ්මාවක්'' බවත් ඔහු මිය යාමත් සමගම යළි එම සංවිධානයට පණදීමට කිසිවෙකුත් නෑ. ලෝකයේ වෙනත් රටවල එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සිටින නමුත් ප්‍රභාකරන් නොමැති පරිසරයක යළිත් ආයුධ සටනක් සංවිධානය කිරීමට කවරෙකුටවත් හැකි වන්නේ නෑ. ප්‍රභාකරන්ගේ තනි මතවාදය දැන් අවසන් වී ඇති බැවින් දෙමළ ජනතාව යළිත් එවැනි අරගලයක් කෙරෙහි හෝ ආයුධ සටනක් කෙරෙහි කෙසේත් විශ්වාසය තියන්නේ නෑ‘ යැයිද සභාපතිවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇත්තමද ? (බ)
එහෙනම් කොහොමද අර ආයුධ ගෙනාවේ ? (බ)
ආයුධ අහුවුන නිසා මෙහෙම කියනවා!(හේ)
කොහොමද හරියටම කියන්නේ.(හේ)
මේවාට මොනවා කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)
ඔබේ ප්‍රකාශයේ සත්‍යතාවයක් තිබෙනවා.දේසපාලන වාසිලබාගැනීම යුද්දයක් යලි ඇවිලෙන තුරු බලාසිටින කොටසක් ඉන්න බව ජනතාව කියනවා. (හේ)
බලමුකෝ. අපිත් ඉන්නේ මෙහෙනේ.(හේ)
දී කිරට බළල්ලුත් සාක්කිලු....(හේ)
බය වෙන්න එපා එක තමයි ඇත්ත. හැබැයි සමගිය වෙනුවට එක එක වැඩ කරලා ඒ මිනිස්සු පිඩාවට පත් කරොත් ප්‍රශ්න ඇතිවෙයි (කෞ)
ඔච්චරටම විශ්වාසද (බ)
කොහොමද ඔබතුමා හරියටම කියන්නේ.(හේ)