IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝටි ලක්ෂයක ණය එකතු කර නෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි ලක්ෂයක බදු එකතු කර නැතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී අද  (15) පැවසීය.

බදු ආදායමෙන් එකතු වන්නේ  සියයට 50 ක් පමණක් බවද ඔහු සඳහන් කළේය.

රණවක මහතා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

පාඨලී චම්පික රණවක මහතා මෙසේද පැවසීය.

දැනට බදු  ට්‍රිලියනයක් එකතු කරල නැහැ. ඒ බදු  නිවැරදි කර ගන්නැතුව බදු වැඩි කිරීමෙන් මහජනයා සමාජමය වශයෙන්  පිපිරීමකට යනවා. ආර්ථිකය සංකෝචනය වෙනවා. මාර්ග ඉදිකිරීම් මේ රටට දරාගන්න බෑ. ණය වශයෙන් ඩොලර් මිලියන එක්දහස්  හයසිය පනහක් බලාපොරොත්තු වෙනවා. මේවා ලැබෙන්න නම් මූල්‍ය අරමුදල ලේඛනය සම්පූර්ණ කරන්න වෙනවා. සැප්තැම්බර් ණය වාරිකය අපිට ලැබුණේ  නෑ. රජය මුලින් කළ යුත්තේ විදේශ ණය ප්‍රතිව්‍යුගත කිරීමයි. මේ ඉලක්කම්  මෙතන දැම්මට මේවා යථාර්ථවාදී නෑ. ජනතාව අද ජීවත් ජීවත් වන්නේ අපහසුවෙන්. දේපළ  උකස් කරලා  ජීවත් වෙන්නේ. වෘත්තීයවේදී ප්‍රාග්ධනය රටින් පලා යනවා. විශ්ව විද්‍යාල හදනවා  කියනවා.ඒත්  ආචාර්යවරුන් වෛද්‍යවරුන් රට යනවා. මානව ප්‍රාග්ධනය ප්‍රාග්ධනය  නැතිවෙලා. මානව කාන්තාරයක් බවට පත්වෙනවා. මේවා හදන්නේ නැතුව පටු දේශපාලන කතා පවත්වනවා. රට ගොඩ ගන්නා විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වැඩපිළිවෙල මහා පොළොවේ ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොකළහොත් ඉදිරියේදී  තව අරගල මතු වෙන්න නියමිතයි. මේවා පාලනය නොකළොත් ඊළඟ අවුරුද්දේ පළමු වැනි  මාසෙ ඇතුළත සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න බැරි අසහනකාරී තත්ත්වයක් ඇතිවෙනවා. සමාජමය  පිපිරීමක් ඇතිවීම  වළක්වන්න බැහැ.



අදහස් (3)

කෝටි ලක්ෂයක ණය එකතු කර නෑ

saranga Wednesday, 15 November 2023 05:08 PM

මේ රට අද මේ තත්වේ තියෙන්නේ රනිල්ලාගේ, මහින්දලාගේ රාජ්‍ය පාලනයේ තියන නොහැකියාව නිසා... මෙයාලා හැමදාම කරේ රටේ නියම ප්‍රශ්න මගඇරලා බොරු තාවකාලික පැච් දාලා ඒවා වහගෙන තමන්ගේ පාලන කාලේ ඇදගෙන ගියපු එකයි..!

:       3       29

ලසන්ත Wednesday, 15 November 2023 07:28 PM

ජනතාව අතර පිළිගැනීමක් තියෙනවා ලොකු මාලු කන්න එපා හාල් මැස්සො සාලයො හුරුල්ලො වගේ කටු සහිත කුඩා වර්ගවල මාලු ගොඩක් ගුණයි ඒවා කන්න කියලා ඉතින් ධීවරයො වැඩියෙන් කටු සහිත මාලු තමයි වැඩියෙන් අල්ලන්නේ ජනතාව පෝෂණය කරන්න කියලා තේරුම් ගන්න බැරිද

:       0       0

Rata Perata Wednesday, 15 November 2023 11:43 PM

මේ දෙපාර්තමේන්තු වල මහ පුටු අල්ලාගෙන ඉන්න දේශපාලුවන්ට නැමෙන නාකි අලුතින් වැඩක් කරන්න පුළුවන් පිරිසක් පත් කර ගත යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 793 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site