කොටි සංවිධානය විසින් මිසයිල ප්‍රහාරයකින් යාපනයේ ඉරණතිව් මුහුදු සීමාවේ වනසා දැමූ ඇන්ටනෝව් 24 ගුවන් යානයේ කොටස් කිහිපයක් වසර පහළොවකට පසු අද පෙරවරු 11.30ට පමණ නාවික හමුදාවට අයත් නැවක දොඹකරයකින් ගොඩ ගනු ලැබීය.
කාර්ය මණ්ඩලය ද, රුසියා ජාතික ගුවන් නියමුවන් හතර දෙනාද ඇතුළු 61 දෙනෙක් මේ අනතුරින් මරුමුවට පත් වූහ.
ගුවන් යානයේ එන්ජිම, මෝටරය, ඉදිරිපස කොටස ඇතුළු කොටස් කිහිපයක් එලෙස ගොඩ ගත් අතර මුහුදේ රළු බව නිසා ඉතිරි කොටස් ගොඩ ගැනීම අපහසු වී ඇතැයි නාවුක හමුදා ආරංචි කියයි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අසංග කරවිට, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහත්වරු ඇතුළු පොලීසියේ හා ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ 250ක් පමණ එම ස්ථානයට පැමිණ සිටිති.
ගොඩ ගත් කොටස් පරීක්ෂා කිරීමට කිලිනොච්චිය දිසා විනිසුරු එම් වයි මහබ්දීන් මහතා පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ්‍රමනියන්, මෙහිදී මියගිය වැඩිහරියක් දමිල මිනිස්සු. එතකොට එල්.ටී.ටී.ඊ. එක වැඩකළේ දෙමල මිනිස්සුන්ටද නැත්නම් වෙන කාටවත්ද කියල අපිට නම් තේරෙන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ. තිබුනා නම්, අදටත් අහිංසක සිංහල දමිල මිනිස්සු තවත් දහස් ගණනක් මැරිලා, නැත්නම් අබ්බගාත වෙලා. කවදා හරි තමුන් වල පල්ලට යන්නේ දමිල මිනිහෙක්ගේ අතින්ම තමයි. මොකද තමුන්ගේ අදහස් ක්‍රියාකාරකම් තවත් අහිංසක දමිල මිනිස්සු දහස් ගණනකගේ ජීවිත බිලිගන්න ඉඩ තියන නිසා. (නි)
ඔහු ත්‍රස්තවාදියෙක් නම්, ඔවුන්ව ත්‍රස්වාදීන් කළේ කවුරුන් විසින්ද? සොයන්න ඉතිහාසය... පැනයට පිළිතුරු බලාපොරොත්තු වෙමි . (නි)
බාල සුබ්‍රමනියම් ඔයාටත් යන්න වෙන්නේ මිනීමරු ප්‍රභා ගිහිපු අපායටම තමයි. වැරදි කල කාටත් එකම ප්‍රතිපලය තමයි. අපේ රටේ අනිත් වැරදි කරන අයටත් ඔය ටිකම තමයි.(නදී)
ලංකාදීප පුවත්පතට ස්තුනියි. ඔබගේ ඡායාරූප ශිල්පියා ඔහුගේ හැකියාව මුළු ලොවටම පෙන්වා තිබෙනවා. ඔබ කළ අනගි සේවයට අපෙන් තුති. මෙය ජාතික සේවයකි.(නදී)
අමිහිරි මතක..... (පින්තුර වලට ස්තූතියි ලංකාදීපෙට!) (නි)
මේ සියලුම දෙනා බෙදී වෙන්වෙමින් තිබු රට එක රටක එක කොඩියක් යටතට ගෙන එන්න දිවි පරිත්‍යග කරපු රටේ වීරයින්. මේ අය අපි සදා මතකයේ තබාගෙන ඉදිරියයටත් රට ආරක්ෂාකරගත යුතුයි. මේ සොයාගත් සියලු දේ කවුතුක භාණ්ඩ හැටියටත් රක්‍ෂණය කරන්න. (නදී)
මේවා කෞතුකාගාරයේ තියෙන්න ඕනෑ දේවල්. මෙපමණ වීර ක්‍රියාවක් එල්ටීටිය කරලා තියෙනවානේ? (නි)
බලසුබ්‍රමනියම්ට ඕවා වීර ක්‍රියා උනාට ලෝකේ හැම කෙනෙක්ටම පෙන්නේ ත්‍රස්තවාදී වැඩ විදියටයි. අහිංසක මිනිසුන් මරණ එක වීර ක්‍රියාවක්නම් ඔබ මා ඉදිරියට එන්න. එතකොට මමත් වීරයෙක් වෙන්නම්.(නදී)
මොකද මේ සමහර මිනිසුන් මේ යුද්දය අවසානයේ මිය ගිය මිනිසුන් ගැන කතා නොකරන්නේ? කරුණාවෙන් බොරු ආඩම්බරකම් නොපෙන්වා සියලු ජාතීන් සමග සාමය ගොඩ නගාගන්න. අපිට පරණ සියල්ල අමතක කරලා ලස්සන ලංකාවක් හදන්න බැරි කමක් නැහැ (නි)
බලසුබ්‍රමනියම්ට විහිළුවක් වුණ වටිනා ජිවිත 61ක්... (නි)
දුක තමයි මියගිය සැමටම අපගේ බලවත් සෝකය.(නදී)
මේ රනිල් කියල අදහස් දාන්නේ කවුද මන්දා? (නි)
ඔව් ඉතින් බාලසුබ්‍රමනියම්ලට,මොහමෙඩ්ලට ඕවයින් වැඩක් නැහැනේ (නි)
මෙය මිය ගිය විරුවන්ටත් කරන උපහාරයක්. පින්තූර ලංකාදීපයට ස්තුතියි.(නදී)
බාල සුබ්‍රමනියම්ගේ මෑණියනුත් ඔය යානාවේ ගියාද දන්නෙ නැහැ (නි)
සමිපත් ඔබ නියම සිංහල කොල්ලෙක්.(නදී)
ජනාධිපතිට පින් සිද්ධ වෙන්න අද මේ විනාශ ඔක්කොම නැවතුනා. (නි)
මේවා ලෝකෙට පෙනන්න හොදයි. මේක ගන්න තිබුනේ ජිනීවා කතාව එන්න එස්සරලා? දැන් ඕක ගොඩ දාන්නේ චන්දයක් ලග එනවා ඇති. ඕවා පෙන්නලා යුද්දය දිනුවා කියන එක පතුරු ගහන්න.(නදී)
ලංකාදීප පුවත් පතේ කැමරා ශිල්පියා දක්ෂ ලෙස ඡායාරූප ගත කර තිබෙනවා.(නදී)
ඇයි අපි මානව හිමිකම් කවුන්සලයට කොටින්ගේ පහත් ක්‍රියාවන් සම්භන්ධව වාර්තාවක් ඉදිරිපත් නොකරන්නේ? ඒවා මානව අයිතීන් උල්ලංගනය කිරීම් නෙමෙයිද ? ප්‍රභාකරන්ගේ පුතාව මැරුන එක විතරද සිංහලයෝ කරපු මානව හිමිකම් උල්ලංගනයට අයත් වෙන්නේ? ඇයි තවත් ප්‍රමාද? (නි)
ඔක්කොම තියෙන සාක්කි ගොඩගන්න මුළු උතුරු මුහුදම හාරලා හරි. අනික ගොඩබිමට අන්‍ය ජාතීන් කරන හානියත් එළිකරන්න. ලෝකෙටම කියන්න. ඔබට ජය! (නි)
සුබ්‍රමනියම්ට මොනවාද හිතුනේ අර කලපුවේ බල්ලෙක් වගේ මැරිලා හිටිය ප්‍රභා අයියව දකිනකොට?(නදී)
අහිංසක, සිවිල් ද්‍රවිඩ මිනිස්සු පිරිසක් ඝාතනය කිරීම, එදා එල්.ටී.ටී.ඊ. එක කිරි සප්පයන් පවා කපා කොටා මැරුවා වගේ වීර ක්‍රියාවක් නේද බාලසුබ්‍රමනියම්?අපිට ඔබේ මානසික මට්ටමත් වැටහෙනවා (නි)
මිනිස් ජීවිතවල වටිනාකම නොදන්නා බාලසුබ්‍රමනියම් වගේ ත්‍රස්තවාදීන් මට මුණගැහුනොත් වීර ක්‍රියා මොනවද කියල පැහැදිලිකරලා දෙන්න පුළුවන්. (නදී)
බාලසුබ්බ්‍රමනියම් දේශද්‍රෝභියෙක්.(නදී)
ලංකාදීප පුවත්පතට අනේක වාරයක් ස්තුනියි.(නදී)
මේවායින් දැන් මොනවා කරන්නද? (නි)
මාළු නොවුනත් කන්න හිතෙනවා.ඇඟේ මාළු නටනවා. අපේ සම්පත් ජිවිත ගැන මොකද සද්ද නැත්තේ. අවුරුදු 30 සාපය නේද මේ.. (නි)
බාලසුබ්‍රමනියම් මහත්තයා, ත්‍රස්තවාදීන් කිසිදිනක වීරක්‍රියා නොකරන බවත්, ඔවුන් දන්නේ මිලේච්ච හා සාහසික ක්‍රියා පමණක් බව මතක තියා ගන්න (නි)
සුබ්‍රමනියම් බාල සුබ්‍රමනියම් නමටම ගැලපෙනවා.(නදී)
මේවා පරණ කුණු නොවෙයි. දැන් හොයන්න ඕනෑ මොන රටෙන්ද එල්.ටී.ටී.ඊ. එකට ගුවන් යානා නාශක මිසයිල දුන්නේ කියලා. (නි)
එක පැත්තක පෞරානික මීනි ඔලු ගොඩ ගන්නවා. අනෙක් පැත්තෙන් පෞරානික නිධන්. මේ පැත්තෙන් කොටි බිමදාපු යානා. මේවා පෙන්වමින් බඩුමිල අමතක කිරීමට කටයුතු කරනවා නම්, එය ජනතාව කිසිසේත් අනුමත නොකරන අතර කාලය කාදමන්නා වු මෙවැනි ක්‍රියාවන් ලොවට පෙන්වමින් අද රටේ වෙන දුෂණයන් වසන්කිරීමට බොලද ලෙස උත්සාහ ගන්නේ නම් එයද වතුරට නොබැස ගොඩ සිට පිහිනීමට පුරුදු වන පුද්ගලයෙකුගේ වැඩකට සමානය. (නි)
මානව හිමිකම් කට්ටිය කෝ ඒ මිනිස්සු ඉස්සරහා තමි ඕවා ගොඩ ගන්න තිබ්බේ (දී)
ඇහුනද මේ තමයි ඇත්ත (දී)
මේවා ඔය තමිල්නාඩු නැට්ටුවන්ට පෙන්වන්න. අපේ රටට කරන්න ඕනා හරිය කරලා එනවා මෙතන අපිටම චෝදනා කරන්න.(නදී)
අපේ රටට ජාතියට වින කෙටු අය ගැන ලොවට කියන්න අවස්ථාවක්. රට වෙනුවෙන් දිවි පිදු විරුවන් හදවතින් ම සිහි කළ යුතුයි. ඔවුන්ගේ ජීවිතත් කීයක් නම් මුහුදුබත් වන්නට ඇතිද? (ස)
ලෝකයේ අතිශයින් දක්ෂ ජනතාවක් රට්ටන්න පුළුවන් දේශපාලකයන් ඉන්න රට කුමක්ද? පැනයට පිළිතුරු ලංකාදීප පාටකයන්ට භාරයි. (නි)
එල් . ටි . ටි . ය කරපු අපරාද මුළු ලෝකයටම පෙන්නන්න මේක හොද අවස්ථාවක්. සිවිල් වැසියන් ගාතනය කරපු තවත් අවස්ථා මෙලෙස ලෝකයට ඉදිරිපත් කරන්න.(නදී)
මම හදවතින්ම ගරු කරනවා ලංකාදීපයට ෆොටෝ පළ කළාට. ජනපතිතුමාටත් ගොඩක් පින්... (නි)
බාල සුබ්‍රමනියම්, චන්ද්‍ර දෙන්නගේම වෙනසක් නැහැ. අපේ රණවිරුවෝ මැරුවේ කොන්ද පන නැති, හැංගිලා ඉදලා අහිංසක මිනිසුන් මරපු, ගහනකොට දුවපු බාල සුබ්‍රමනියම්ට වීරයෝ වුණ ගැරඬි නෙමෙයි. බාල සුබ්‍රමනියම්, තමන්ගේ අම්මට ආදරය කරනවා නම්, උපන් රටටත් ආදරය කරන්න ඉගෙනගන්න. (නි)
මේවා ජිනීවා යවන්න. කැනඩා යවන්න. කැමරුන්ට යවන්න. ජෝන්ට යවන්න. අපේ මානව අයතීන් ගැන සාක්කි.(නදී)
අපේ අයගේ සිරිතක් විදේශ නායකයෙක් රටේ සංචාරයකට ආවත් කියන්නේ නයට දෙන්න, රට සුරකන්න එනව කියලා. උදව් කරන්න හා කරපුවා ගැන හිතන්නෙම නැහැ. කොටි යුද්ධය වෙලාවේ අපේ ගුවන් නියමුවන් පුහුණු කලේ,ප්‍රහාරක යානා වලින් පහර දුන්නේ 61 දෙනා සමග මියගිය නියමුවා රුසියානු ජාතිකයෙක් බව දැන්වත් වටහා ගත්තොත් හොඳා.(නදී)
අහිංසක නිරායුධ මිනිසුන් මැරුවේ. නිවටයින්ට මේවා වීර ක්‍රියා.(නදී)
නේවි එකේ අය සෙරප්පු දාගෙන ඉන්න නිසා දැන් සමහරු කියයිද දන්නේ නැහැ මේ ෆොටෝස් අර කොටින්ගේ ෆොටෝ වගේ රජය අපහසුවට පත් කරන්න දාපු ඒවා කියලා. (නි)
මේවට වගකියන්න ඕනෑ අය රජ සැප විදිනවා. අපි මෙහේ බොරු කතා කිය කියා ලොකු අය වෙන්න හදනවා (නි)
ගාමිණී ඔය හරි.රුසියාව අපට එදා මෙන්ම අදත් ගොඩක් උදව් කරන මිතුරු රටක්.ඔවුන් වෙනස් වුනේ නෑ(ස)
ළඟදීම චන්දයක් එනවා වගේ. ඒකයි පරණ කුණු අවුස්සන්නේ.(නදී)
මිස්සිලේ කොටස් හමුවුනා නම් අහවලාගෙන් අහන්න විකිණුවේ ඇමරිකාවද, ඉන්දියාවද කියලා (නි)
සුබ්‍රමනියම්ව හරියට පුනුරුත්තාපනය කරලා නැහැ වගේ. (නි)
අපිටත් අයිතිය තියෙනවා මගේ ජිවිතය වෙනුවෙන්ත්, මියගිය දහසක් අහිංසක මිනිසුන් වෙනුවෙනුත් හඩ නගන්න, සුබ්‍රමනියම්ලා වැනි නරුමයන්ට එරෙහිව. (නි)
චැනල් 4 මේවා ගැන මොකද කියන්නේ? (නි)
මවට වගකියන්න ඕනෑ අයත් අර අපුරුවට ඉන්න එකනේ හිතට දුක. (නි)
අයියෝ සුබ්‍රමනියම්!(නදී)
සුබ්‍රමනියම් ඕව දකින්නේ වීර ක්‍රියා හැටියට නම් ඔබත් කොටියට ආවඩනවා කියනවා ඇරෙන්න වෙන කියන්න දෙයක් නැහැ (නි)
මෙය මියගිය විරුවන්ටත් කරන උපහාරයක්. පින්තූර වලට ලංකාදීපයට ස්තුතියි! (නි)
වසර පහළොවකට පෙර ද? වසර පහකට පෙර ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
සුබ්‍රමනියම්ලා වගේ මනුස්සත්වයට ආදරය නොකරන අය අම්මට ආදරය කරාවිද ?(නදී)