ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර එංගලන්තයේ පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන අවසන් පූර්ව තරඟයේදී ලංකා කණ්ඩායමට බාධා කිරීමට කොටි හිතවාදීන් සැරසෙතිය ද එය වළක්වන ලෙස ද ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් මහතා ස්කොටලන්යාඩ් පොලීසියට දැනුම් දී තිබේ. කොටි හිතවාදීන් බස් රථ වලින් පැමිණ ක්‍රීඩාංගණය ඉදිරිපිට උද්ඝෝෂණය කිරීමටත් ක්‍රීඩාංගණය ඇතුලේ තරඟය පැවැත්වෙන අවස්ථාවේදී ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳවැටෙන අයුරින් විවිධ පුවරු ප්‍රදර්ශනය කිරීමටත් සැළසුම් කැර ඇතැයි තානාපතිවරයා පොලීසියට, එරට විදේශ අමාත්‍යාංශයට හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය ජනරාල් (එස්.එෆ්.) හා ජනාධිපති දිනුවා තමයි. ඒ සන්නද්ධ යුද්දේ විතරයි. දෙමල ජනතාව දිනාගන්න වැඩ නොකර මැතිවරණ පමණක් දින්නාම ඇති කියල වැඩ කිරීමේ ආශ්චර්‍ය තමයි එය. මේවා තේරුම් ගන්න පාලකයිනේ.(නදී)
ජය අපටයි ජය අපටයි. (නි)
අපේ කොල්ලෝ අද දිනුවත් ,පැරදුනත් කොටි හිතවාදී සත්තුන්ට ගහලා එලවල දාන්න ඕනෑ (නි)
අපි අද ගේම් එකෙන්ම පිලිතුරුදෙමු. (නි)
අපේ අයට බාධා එන්න එන්න තව තව ශක්තිමත්ව කටයුතු කරන්න පුළුවන් (නි)
එයාලට මවුබිමක් නැහැ.හැම රටකටම පැන පැන කරන්නේ ඕක තමයි කරන්නේ.කොටින්ගේ රටක් නැහැ.හැම ජාතියකටම රටක් තියනවා . (නි)
ශ්‍රී ලංකා කොල්ලෝ ෆිට් එකේ ඉන්නේ. අද ඉන්දියාව ඇතිවෙන්න කනවා. ඒ වගේම දෙමළ ඩයස්පෝරාවත් කනවා. (නි)
බස් එකේ නැගල ඔහේ යන්නෙ නැතුව ප්ලේන් එකේ නැගලා ලංකාවට ඇවිත් ඕක කරන්න කියන්නකෝ හයියක් තියෙනවා නම්. (නි)
කොටි හිතවාදියෝ ටික අද ප්‍රථමාධාර පෙට්ටිත් අරන් ආවොත් හොදයි. බස් අයිතිකාරයෝත් ඉන්ෂුවරන්ස් ආයතනවල නියෝජිතයන්ටත් සුදානම්ව ඉන්න කියන්න. (නි)
තුන් වෙනි පන්තියේ දෙමළ අය තමා ශ්‍රීලංකාවට විරුද්ධව යන්නේ. ඒ එයාලට තවත් මේ රටේ ඉන්න ඕනෑකමට. වෙන මොන ප්‍රශ්න තිබුනත් අද ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් ලක්ෂ ගානක් වියදම් කරගෙන, දෙමළ අය සීයට අනුවක්ම සහයෝගය දක්වන්න සුදානම්. මේ මගේ ඇස් දෙකටම පේනවා.අද අපි දිනනවා හොදම දවසක් වහින්නේත් නැහැ ජයවේවා! (නි)
ලංකාවේදී හොදට හිටියට ලංකාවෙන් පිට වුනහම මෙයාලත් ඒ වගේම තමයි.හයිය තියෙන්නේ රටින් පිට වුනාමයි. නායකයෝ තාම හොදින් වැජඹෙනවා පිට රටවල.ඉන්දියාව ඔවුන්ට උදව් කරනවා. (නි)
සිංහයෝ ඔලුව උස්සන්නේ ඕන වෙලාවට, හැමවෙලාවෙම ගොරවන්නේ නෑ, අද දවසේ අපේ පැතුම තරගය ජයගැනීම (ස)
පන්ති බේද නැහැ. දෙමල අයට සේරම එකවගේ වැඩ කරන්නේ. හරිම සමගියි රටින් පිට වුනහම.ඒ පන්ති ඔක්කොම අපේ අය ලග තමයි තියෙන්නේ. (නි)
සනත්, ඔව් ඉතින් මැච් එකක් දිනපුවහම ඔක්කොම හරිනේ නේද?(නදී)
ඔතන සියයට අසුවක් ඉන්නේ දකුණු ඉන්දියානු අය. (ස)
මේ අයට ඕනේ සිංහල කියන්නේ ම්ලේච්ච ජාතියක් කියලා ලෝකෙට පෙන්වන්න. මේ වෙලාවේදී ඉවසීමෙන් සහ වගකීමෙන් කටයුතු කිරීම අද මැච් එක බලන්න එන සිංහල හැමෝගෙම වගකීම.(ස)
කොටි කියන්නේ අපේ රට කපු tiරිසන්නු. උන්ට කවදාවත් අපි නැවන්නේ නැහැ. අපේ කොල්ලන්ට සුභ පැතුම්!(නදී)
කරුණා අම්මාන් වෙනුවෙන් අහිංසක ද්‍රවිඩ තරුණ තරුණියෝ කීදෙනෙක් ජීවිත පුජ කළාද?අද කරුණලා කොහෙද රිංගලා ඉන්නේ?එහෙනම් මේ ඩයස් පෝරාව එරෙහි විය යුතු වන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට නොවේ.....අහිංසකයන් බිල්ලට යවලා අද පාලකයන්ගේ උකුලට වෙලා නැලවෙන කරුණා අම්මාන්ලාට විරුද්දවෛ.(අ)
අපේ කොල්ලන්ට ලෙඩ දාන කොටි නඩේ උන්ගේ පින්තුර සහ නම් ගම් පුලුවන්නම් මගේ විදුලි තැපෑලට එවන්න.එයාලගේ ලංකාවේ ඉන්න ලගම නෑදෑයන් හමුවෙන්න ගිහින් මම බොහෝම..... ආදරෙන්....... කියල දෙන්නම් කරන වැඩේ බරපතලකම සහ එහි විපාක.එතකොට අය වතාවක් එහෙම කරන එකක් නෑ. (අ)
අපේ උත්තමාචාර අපේ කණ්ඩායමට ජය වේවා ! (ස)
ඩෙන්සිල්, අපි දෙමල ජනතාව දිනුවේ නෑ කියන්න එපා. දිනුවේ නැත්තේ කොටි හිතවාදීන් විතරයි. (අ)
දිමුතු, යතාර්ථය අවබෝධකරගන්ඩ.ඔබ සිතනවානම් පිටරටවල් වලත් කොටි අවසානයි කියල ඒක ලොකු වැරදීමක්.පෙනෙන්නේ නැද්ද මුන් ලෝකේ පුරහම ලංකාවට එදිරිව කරන වැඩ? ඒක රට ඇතුලේ කරපු යුද්දෙට වඩා වෙනස් අන්දමක යුද්දයක්.(අ)
කොල්ලනේ අපි ටිකක් ඉවසල ඉමු .සිංහ පැටව් වැඩේ දෙනකල්.ලන්ඩන්වල වෙසෙන සියලුම ලාංකිකයන්ට අද තියනවා ලොකු වගකීමක් අපේ කොල්ලන්වත් ආරක්ෂා කරගෙන රටේ නම්බුවත් රැකගන්න.රංජනීගේ කතාවට මමත් එකඟ වෙනවා .ජයවේවා මා දිනු ශ්‍රී ලංකා.(ස)
කරුණාකර මෙයාලගේ ලංකාවේ පවුල් ගැන හොයලා බලන්න (නි)
බය වෙන්න එපා අපේ අය ඒවා බලාගනී.. මේ පාර තමයි ඊලම හම්බවෙන්නෙ කට්ටියට බඩ කට පුරා. මුන්ගේ මොලවල තරම තමයි. ලංකාවෙ දෙමල අය ඔය යස අගේට ඉන්නෙ . කොටි පුල්ලි තියන උන්ට තමා පුදුම අමාරුවක් තියෙන්නෙ. අ)
අල්ලලා නෙලලා දැම්ම නම් ඉවරයි කොනක ඉඳලා (අ)
මමත් තරගය බලන්න ගියා. ලංකාවේ සිංහල අය වගේම දෙමළ අයත් ගොඩක් ඇවිල්ලා හිටිය මැච් එක බලන්න. ඒ මිනිස්සු අපිට වඩා හොද සහයෝගයක් දුන්නා අපේ කණ්ඩායමට. එතන හිටපු ගොඩක් සිංහල අය ඒවා දකින්න ඇති. නමුත් එළියේ කොටි 10 විතර තමයි කොඩි තියාගෙන ලංකාවට විරුද්ධ දේවල් කියමින් හිටියේ. මට දැනුන විදියට මෙහෙ ඉන්න සාමාන්‍ය දෙමල මිනිස්සු ලංකාවට ආදරෙයි. කොටියෝ බොරුවට කෑගහන්නේ.උන්ව අපහු ලංකාවට යවාවි කියන බයට වෙන්න ඇති. (නි)
මෙහි ඇති සමහර අදහස් බැලුවම පෙන්නේ මුස්ලිම් අය නොකිය කියනවා අද ලංකාව පරදිනවා කියලා. ලංකාවේ වුනාට ඇඟේ දුවන්නේ පරගැති ලේ වගේ. (නි)
ඉන්දික, ඔයාට පිලිතුරු දෙන්න මට මේ පුංචි ඉඩ මදී. අනිත් එක ඔයා මේ දෙමල ප්‍රශ්නය හරියට වටහා ගෙනත් නැති බව පේනවා.දෙමල ජනයා ගැන අවතක්සේරු කරන්න එපා.අපේ රට ලොකු අනතුරුදායක තැනකට තල්ලු වෙනවා මෝඩ දේශපාලුවෝ නිසා. (නි)
ලංකාව ඇතුලේ කොටි වැඩ අවසන් කියල උදම් අනුවට රටින් පිට වුන් ඒ විදිහටම ලංකාවට විරුද්ද වැඩ එහෙමම කරනවා. (අ)
ඔවුනට දැන් අවශ්‍යවෙලා තිබෙන්නේ අපේ අය ලවා ගස්සවා ගැනීමටයි. එමගින් අප කණ්ඩායමට යම් මානසික පීඩනයක් එල්ල කිරීමටත් ශ්‍රීලංකාවේදී පැවැත්වීමට නියමිත පොදුරදමඩුල්ල කඩාකප්පල් කිරීමත් ඔවුන්ගේ මීළඟ ඉලක්කය බවක් කිව යුතුයි. කොක්කෙන් බැරිවූ දේ කෙක්කෙන් හරි ලබාගැනීම කොටියගේ අරමුණ බව දැන් පැහැදිලියි. කොටීන්ගේ උපායහීලී ක්‍රියාකලාපයන්ට ඉඩ නොදීමට එංගලන්තයේ සිටින තානාපතිවරයා වගබලාගනීවි යනුවෙන් අපි විශ්වාස කරමු. (අ)
පෙරේරා මහත්තයට ලංකාව ඇතුලේ කොටි වැඩ ඉවරයි කියලා පේන්නේ බොම්බ පුපුරන් නැති නිසා වෙන්න ඇති. සම්බන්දන්ලා ඉන්දියාවට යන්නේ ජයලලිතටයි, කරුණානිදිටයි, මංමෝහන්ටයි බත් උයලා දෙන්න වෙන්න ඇති එතකොට.(නදී)
මුන් ආයෙත් අම්බානෙට කන්න අදන්නේ.(නදී)
අද පරාජය නියතයි. (ස)
අපේ කොල්ලෙක් තමා මුන්ට එදා දුන්නේ රිදෙන්න.(ස)
බ්‍රිතාන්‍යයේ නීති තද මදි. ඕවා කරලා අහු උනොත් ආපහු ආපු රටටම පටවනවා කිව්වානම් ඔය ඔක්කොම නිකන් හොර පූසෝ වගේ ඉඳියි.(නදී)
ඔය මොන බාධා ඇතිකලත් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගන්න එක වලක්වන්න බෑ.(නදී)
මොනව කරන්නත් වර්ෂාව බාධා නොකර ඉන්න එපායැ. හැබැයි පුතෝ වර්ෂාව සම්පූර්ණයෙන් තරඟය අවලංගු කළොත් අපි ඉවරයි. ඉන්දියාව තමයි දිනන්නේ හේතුව ඔවුන් පෙර තරඟවලදී අපට වඩා එකක් වැඩියෙන් දිනා ඇති හෙයින්.(නදී)
පෙරේරා මහත්මයට තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් වගේ, පෙරේරාවගේ අය මෙහෙම හිතනවානම් තවත් මොන කතාද, මේ අයගේ කව්රුවත් බෝම්බෙකට අහුවෙලා යුද්දෙන් මැරිලා නැතුව ඇති බුදු සරණින් ඒක තමා මෙහෙම කතා කියන්නේ.(නදී)
ඉෂාර, එයාලා බත් උයන්න යන්නෙත් ලංකාවෙන් පිට බව අමතකද? (නි)
70% චාන්ස් එකක් තියෙනවා සෙල්සියස් 17 උෂ්ණත්වයට... සෙල්සියස් 12 තිබ්බොත් චාන්ස් එක වැඩියි. මධ්‍යම රාත්‍රී තරග නම් අවාසියි (නි)
අපි සාමකාමිව ඉදිමු. වහින්න එපා දෙයියනේ.ටොස් එක දිනන්නත් ඕනෑ. (නි)
අර 13ට විරුද්ධ කට්ටියට කියමු මෙයාලා ගැන බලාගන්න කියලා. (නි)
අපි අද දිනමු. ජය ශ්‍රී! (නි)
ක්‍රිකට් සහ ද්‍රවිඩ ප්‍රශ්නය පටලව ගන්න එපා.ප්‍රබාකරන් පරාද කළාට අපිට දෙමල ජනතාව දිනාගන්න බැරි වුන එක මේ ප්‍රශ්නයට මුල කියලා හිතලා වැඩ කරමු. (නි)
නියමයි. යු .කේ. පොලෝසියට දැන් නිකන් ඉන්න බැහැ. කොල්ලනේ, පෙන්නාපල්ලා සෙල්ලම් (නි)
ක්‍රීඩකයන් ගොඩක් පරිස්සම් විය යුතුයි! (නි)
මොනවා දුන්නත් මේ ගොල්ලන්ගේ කරදරය ඉවර වෙන්නේ නැහැ. (නි)
ලංකාවේ කොටින්ට කරපු දේම මේ කොටින්ටත් කරන්න ඕනා.(නදී)
කොට්න්ගේ තියෙන වෛරයේ තරම. ලෝකේ හැමතැනම ඉන්න දෙමළ ජාතිකයින් පවා හිතන්න ඕනේ ඒ කාලේ වුන දේවල් සහ දැන් තත්වය. එයාලගේ දරුවොත් බලෙන් අරන් ගිහින් නැති කළා. දැන් බලතන්හාව නැති හැමෝම සතුටින් ඉන්නවා. බල තන්හාව තියෙන හැම ජාතිකයම අතර මේ වෛරය තියෙනවා. පක්ෂ පාට ආගම් බේද වලින් අයින් වෙලා අපි හැමොම් සමගි වෙමු. අපේ කොල්ලන්ට ජයවේවා!. තෙරුවන් සරණයි.(නදී)
ජය නියතයි.(නදී)
අපි දිනනවා මැච් එක, ඒක මට ෂුවර් (නි)
ලාංකිකයෙක් වශයෙන් හෙලා දකින අතර රජයක් වශයෙන් මෙවැනි තත්වයන්ට ගන්න පියවර මොකක්ද? රටේ සැබෑ සාමය ස්ථාපිත කළා නම් හොදයි නේද? වංශලා, චම්පිකලා වගේ නැටි කපා දමලා සාධාරණ තීරණ වලට යන්න. බහුතර ජනතාව රජය සමගම සිටීවි.(නදී)
මේ පිටරට ඉන්න අයට තමයි තියෙන්නේ මේ ඊළාම් ප්‍රශ්නේ (නි)
කොටි හිතවාදීන් බටහිර රටවල් හා ඉන්දියාවයි එකතු කරගෙන මට පෙනෙන්නේ ලංකාවට ආර්ථික සම්බාදක පනවන සෙල්ලමකට දැන් යන්න හදන්නේ. (ස)
වරෙල්ලකෝ කොඩිය එහෙම උස්සාගෙන... (නි)
වැස්සත් ඕවර 26 මැච් එකක් හරි ගහන්න ලැබේවායි පතමි. ජයවේවා!! වැඩි වාසිය අපිට. (නි)
ලැජ්ජා නැතුව එනවනේ මෙතෙන.නෙලන්න ඕනෑ කොනක ඉඳලා.අපි ලංකාවේ කොල්ලෝ. අපි දිනන්නේ අපේ හයියෙන්. ඒක නවත්තන්න ඉඩ දෙන්නේ නැහැ. (නි)
මෙයාලට ලංකාවේ හමුදා කොල්ලෝ ටික කන්න දීපු කෑම මදිවගේ. මේ දගලන්නේ, තව කන්න ඕනෑ වෙලා වගේ. (නි)
මේක පුදූම වැඩක් එංගලන්තයේ වගේම යුරෝපයේමත් තහනම් සංවිධානයක් වෙන කොටින්ට විතරක් මෙහෙම එයාලගෙ ලාංඡන සහ කොඩි පෙන්නාගෙන නටන්න නිදහස ලැබෙන්නේ කොහොමද ? අනිත් තහනම් සංවිධානයක හෙවනැල්ළක් අහුඋනත් ගෙනියන්නේ වොන්තනාමෝ කදවුරට.(නදී)