කොටි සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක වූ ‘දයා මාස්ටර්‘ සහ භාෂා පරිවර්තක ‘ජෝර්ජ් මාස්ටර්‘ යන දෙදෙනා පිළිබඳව ගත යුතු ඉදිරි නෛතික පියවර සම්බන්ධයෙන් නීතිපති උපෙදස් සදහා යොමුකර වසර 05ක් ඉක්ම ගියද මෙතෙක් උපදෙස් ලැබී නැතැයි රහස් පොලීසිය අද (14) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැනුම් දුන්නේය.
2014. 10. 06, 2015. 06. 18 සහ 2015. 11. 16 සිහි කැඳවීම් ලිපි යොමුකර තිබිණි.
පේදුරුතුඩුවේ වේලායුධන් දයානිදි හෙවත් ‘දයා මාස්ටර්‘ සහ පේදුරුතුඩුවේ වේළුපිල්ලේ කුමරු පංචරත්නම් නොහොත් ‘ජෝර්ජ් මාස්ටර්‘ අධිකරණයේ පෙනී සිටියහ. ඔවුහු ඇප මත සිටිති.
ඉකුත් 2009 වර්ෂයේ මානුෂීය මෙහෙයුම පැවැති අවස්ථාවේදී ශ‍්‍රී ලංකා යුද හමුදාව මෙම දෙදනා ඕමන්ත පොලිසියට භාරදීමෙන් අනතුරුව මොවුන් දෙදෙනාගේ කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සදහා ඕමන්ත පොලීසිය ඔවුන් රහස් පොලිසියට බාර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කියන්න එපා රකිත මහින්ද මහත්තයට ගොඩක් උදව් කරපු කෙනෙක්නෙ. පොඩි පොඩි එවුන්ට දඩුවම් දෙන එක සමානයි.. ලොකු ලොකු තෝරු මෝරු ඔක්කොම එලියෙනේ..(බ)
කොහොමත් දැන් කොටි නිදහස්. අපේ රණවිරුවන් හිරගෙවල් වල. මේකත් එහෙම වෙයිද දන්නෙ නැහැ (නි)
පව් මේ අහිංසකයන් දෙදෙනාව නිදොස් කර නිදහස් කරන්න මේක අපේ යහපලානේ. මේ අහිංසකයන්ව අත් අඩංගුවට ගත් ආරක්ෂක නිලධාරීන් සිටිනම් රිමාන්ඩ් කරන්න. (බ)
මානව හිමිකම් උල්ලංඝනය කළානම් මෙයාලවත් මරන්න අපේ හමුදාවට තිබුන. නමුත් ඔව්න් එහෙම නොකළ බවට මෙය හොඳ සාක්කියක්. (බ)
ඇසළ කියන දේ ඇත්ත. අද රට යන විදිහට එ්දේත් සිදුවෙන්න බැරි නැහැ (නි)
කොටි සංවිධානයට ආයුධ සැපයීමට අන්තර්ජාතික මෙහෙයුමක් කළ පුද්ගලයාට එරෙහිව කිසිම නඩුවක් තිබේද? නීතිපති උපදෙස් අහලාවත් තිබෙනවද? (නි)