‘කොටි බැංකුවල‘ හා උකස් මධ්‍යස්ථානවල උකස් භාණ්ඩ තබා තිබියදී යුද්ධයෙන් පසු හමුදාව භාරයට ගත් රන් භාණ්ඩ අතරින් හඳුනාගත් අයිතිකරුවන් 1960 දෙනකුට අයත් රන් බඩු නැවත ලබා දීමට නියමිත බව හමුදාපති ලුතිනන් ජනරාල් දයා රත්නායක මහතා පැවසීය.
මෙම රන් භාණ්ඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ලබන මස 04 දින අරලියගහ මන්දිරයේදී හිමිකරුවන්ට බාර දෙන බව කොල්ලුපිටිය ජාතික තොරතුරු මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුවකදී හමුදාපති පැවසීය.
මෙතෙක් කාලයක් මෙම භාණ්ඩ බෙදා දීමට ප්‍රමාද වුයේ මෙම පිරිස සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් බවත් නැවත පදිංචි කිරීමෙන් පසු හමුදාව නිවෙසක් නිවෙසක් ගානේ ගොස් ඔවුන් පිළිබදව තොරතුරු සොයා ලබා නිවැරැදි හිමිකරුවන් සොයා ගැනීම හේතුවෙන් බවද හමුදාපතිවරයා කීය.
යුද්ධය නිම වීමත් සමඟ එල්.ටී.ටී.ඊ. බැංකුවල හා උකස් මධ්‍යස්ථානවල තිබූ පුද්ගලයින් 2379 දෙනෙකුට අයත් රන් භාණ්ඩ හමුදාව භාරයට ගත් බවත් ඉන 1960 දෙනෙකුගේ රන් භාණ්ඩ හමුදාව විසින් දැනට හඳුනාගෙන තිබු බවද පැවසේ.
මෙම රන් භාණ්ඩ අතරින් ඇතැම් රන් භාණ්ඩ හඳුනා ගැනීම පහසු ආකාරයෙන් ඔවුන්ගේ නම් ලිපිනය සහිතව පාර්සල් කොට තිබී ඇති අතර ඇතැම් ඒවා හදුනා ගැනීමට නොහැකි ආකාරයේ කිසිදු සටහනක් දමා නොතිබූ බවද පැවසේ.
එලෙස හඳුනාගත් 1960 දෙනෙකු වෙත ඔවුන්ගේ රන් භාණ්ඩ නැවත භාර දෙන අතර ඔවුන් අතරින් කිලිනොච්චියේ පුද්ගලයින් 1187 දෙනෙකුට ද, වව්නියාවේ 319 දෙනෙකුට ද, මන්නාරම ප්‍රදේශයෙන් 223 දෙනෙකුට ද, මුලතිව් ප්‍රදේශයෙන් 187 දෙනෙකුට ද, යාපනය ප්‍රදේශයෙන් 45 දෙනෙකුටද රන් භාණ්ඩ හිමිවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනත්..ෆොන්සේකා මහතා සියල්ල නිවැරදිව දන්නවා තමයි.නමුත් පසුගිය ජනාධිපතිවරනේදී ඔහු පැවසූ බොරුවල(සුදුකොඩි කතාව වගේ) ප්‍රතිවිපාක ඔහුත් වින්දා අදටත් අපේ රට ඒවා විදවනවා.(අ)
ඒ කාලේ ජනාධිපති තුමා ඇතුළු පවුලේ අයට කොච්චර මඩ ගැහුවද මේ රත්තරන් ගත්ත කියලා. (අ)
මේක හරි කෙළියක්නේ අප්පා. ඡන්දයක් එනවා කියලා ජනාධිපතිතුමා කරන හැම දෙයක්ම මැතිවරණයට වාසි ගන්න කියලා කියනවා නේ. එතුමා මොකුත් නොකර හිටියොත් එත් කෑගහනවා. (අ)
පිටිගල අයියේ හරියටම හරි. සාස්තර කාරයෝ, ඉන්දියාවේ පූසාරියෝ දාලා මේ පව් මකා ගන්න බැහැ. ලෝක සත්‍ය ඒකයි. (අ)
ඇයි ඕක හිතන්න අවුරුදු 5 කුත් ගිහින් ජනාධිපතිවරණ 2 කුත් එනකන්ම හිටියේ ? (නදී)
පිටිගල මිලානෝ. සහතික ඇත්ත. 83 "ජාති ආලයෙන්" අසරණ දමිල මිනිසුන්ගේ දේවල් හොරා කාපු අපේ පැත්තේ කිහිප දෙනෙක් අද වෙනකොට ජිවතුන් අතරත් නැහැ.(නදී)
මෛත්‍රීපාල සිරිසේන මහතාට පින් සිද්ද වෙන්න.(නදී)
මේ මෛත්‍රී නිසා රත්තරන් ටිකත් බෙදන්න උනා. (නදී)
සරත් ෆොන්සේකා මැතිතුමා කිව්ව කතාව සහතික ඇත්ත වුණා එහෙනම්.(නදී)
අර ගුවන් තොටුපොලෙන් දවස ගානේ අල්ල ගත්තුවට මොකද වෙන්නේ ? ඒවත් අසරණ මිනිසුන්ට බෙදල දෙනවද? (නදී)
මේ ආණ්ඩුව දැන් කියන,කරන දේවල් දිහා බලද්දී සරත් ෆොන්සේකා නොකියපු දෙයක් බොරුවට ප්‍රචාරය කළ බව තේරෙනවා.(නදී)
ඉන්දියාවේ පූසාරියෝ දාල නිදන් වලින් ගොඩ ගත්තුවට මොකද වෙන්නේ?(නදී)
අර කැළණි ගගෙන් මතු වුණා කියල කිව්වෙත් ගත්තු ලොකු නිදානෙක ටිකක් කියල දැන්වත් පිලි ගන්නවද? (නදී)
එතකොට ඒ පැත්තෙනුත් ඡන්ද ටිකක් හරි නේද?(හේ)
අයිතිකරු තහවුරු කරලා දුන්නා නම් ඉවරයිනේ (නි)
එතකොට ජනාදිපති තුමා යාල් දේවිය විවෘත කරන්න යාපනයේ ගිය වෙලාවේදී ඔය රන් බඩු අයිති කරුවන්ට දුන්නයි කියලා පුවතක් පල උනා නේද. මේ දෙවෙනි පාරටද බෙදන්න හදන්නේ. මෙතන වැඩියෙන්ම කොටින් එක්ක ගනු දෙනු කරලා තියෙන්නේ කිලිනොච්චියේ මිනිස්සුනේ. මේකත් දේශපාලන වාසියක කතා නේද. (නදී)
දුන්නට කමන් නැහැ. හැබැයි ඡන්ද වැටෙන්නේ නැහැ (නදී)
මොන රටේද මෙහෙම කරන්නේ, දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ගෙන් ගත්තු දේවල් දෙන්න වසර 50 ට වැඩිය ගියා, නමුත් අපේ රට ඔවුන්ට ආදර්ශයක්, මේ උත්සවයට පිල්ලේ නෝනටයි එංගලන්තේ අගමැතිටයි එන්න කියන්න ඕනා පිළිවෙත් ඉගෙන ගන්න. (දී)
කී දෙනෙක් මඩ ගැහුවද ජනාධිපති තුමාට මේවා බෙදාගත්තා කියාලා. (නදී)
සරත් ෆොන්සේකා නිසා රත්තරන් දෙන්න උනේ. ෆයිල් එක ෆොන්සේකා ගාව (නදී)
ඒවා හොඳ වැඩ (දී)
සනත් ඔබ හරි. මේවාට උත්තර දෙන්න සඳුනි වැනි අයට සදාචාරාත්මක අයිතියක් නැහැ. සරත් ෆොන්සේකා මහතා නොකිව් දෙයක් එක්තරා පත්තරේක මාධ්‍යෙව්දිනියක් බිය වද්දා එසේ කිව්වා කියා පළ කර මහා කලබගැනියක් කළේ මේ ආණ්ඩුවම තමයි. සරත් ෆොන්සේකා මහත්මයා යුද හමුදාපති හැටියට එල්.ටී.ටී. ඊ. එකෙන් මුදා ගත්ත රත්තරන් කිලෝ 220ක් පමණ ආණ්ඩුවට බාර දුන්නා. ඉන් වසර 3 කට පමණ පසු දිනේෂ් ගුණවර්ධන මහත්තය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා දැන් රජය බාරයේ තියෙන්නේ රත්තරන් කිලෝ 145යි කියල. 2379 දෙනෙකුට අයිතිව තිබු ප්‍රමාණය තමයි ඒ කිලෝ 220 ගණන. දැන් 1960 දෙනෙකුට බෙදා දෙන්නේ "මීයන්" විසින් නොකා ඉතිරි වූ කිලෝ 145. අනේ වාසනාවන්. (ස)
මොකටද මගේ කට? (ස)
සරත් ෆොන්සේකා මැතිතුමාටද මෙහි ස්තුතිය හිමිවිය යුතුයි. එතුමා තමයි ඕවගේ නිවැරදි ගණන් හිලව් දන්නේ. (ස)
මේ රත්තරං ඔකකෝම ජනතාවට දෙනවද?(හේ)
මේ උත්සවේට ඔබාමටත් එන්න කියන්නද ? (ස)
කුමාර් නොදන්නා දේවල් කතා නොකර සිටින්න. ඔබගේ දැනුම වැඩිකර ගැනීමට අන්තර්ජාලයට පිවිස ලංකාව ගැන කියා ඇති දේවල් සියල්ල කියවන්න. (නදී)
දුක් මහන්සියෙන් තම දරුවන් දීග දෙන්න කියා ඉතිරි කරපු සේසත තමයි ඕවා. ඕවයේ අයිති කරුවෝ වැඩි හරියක් හරියට කුසට අහරක් නැති දුගී දුප්පත් අය. කවුරු හෝ කෙනෙක් මේවායින් බිඳක් හෝ සොරා ගෙන ඇත් නම් ඉතින් දිට්ට ධම්ම වේදනීය කර්මයක් ලෙස මේ ආත්මේම විඳින්න වෙනවා ඒකාන්තයි. (අ)
හමුවුණ රත්තරං සියල්ලම ලබා දෙනවද?(හේ)
සනත් ඔබ හරි. (ර)
වැඩේනම් ගොඩක් හොඳයි එත් මෙතරම් ප්‍රමාද.? (ර)
අනේ මගේ රත්රන් නම් ගන්න එපා, මේ අයට බෙදන්න. (හේ)