රුපියල් කෝටි පහමාරක් වටිනා රන් කිලේ 5.7ක් සිංගප්පුරුවේ සිට අනවසරයෙන් ගෙන ආ රියැදුරෙක් කටුනායක රේගු විශේෂ කාර්යංශයේ විමැසුම් අංශය විසින් අද අලුයම 2.10 අත්අඩංගවට ගනු ලැබීය මාල, වළලු, බ්‍රේස්ලට්, පෙන්ඩන්ට් ඇතුළු රන් අභරණ ලැප්ටොප් පරිගණක බෑගයක් තුළ ගෙන ආ බව කියන එම රියැදුරා ව්‍යාපාරිකයකු ලෙස සිංගප්පූරුවට ගොස් ඇත. කොළඹ කයිසර් වීදියේ පදිංචි ඔහු දොළොස් වතාවක් සිංගප්පුරුවට ගිය බව ඔහුගේ ගමන් බලපත්‍රය කියයි. නියෝජ්‍ය රේගු අධිකාරී සනත් ප්‍රනාන්දු, රේගු අධ්‍යක්ෂ සනත් ජයසිංහ හා රෝගු නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. පාස්කරන් මහත්වරු පරීක්ෂණ මෙහෙයවති.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගගේ බැහැල හොයන රත්තරංවලට වඩා පරිගණකයෙන් එන ඒවා බර වැඩිද??
ලංකාවේ දැන් රත්තරන් තියෙනව කියල දන්නේ නැද්ද..
අනේ පවු, ලංකාවේ රත්තරං ගිය සතියේවත් ලැබුණනං...
පව් අයියෝ...
මොනද රත්තරං ඔච්චර ගණන්
ඕක ඔය කම්පියුටර් හදපු කම්පැනිය මෙයාව අමාරුවේ දාන්න හිතන් කර වැඩක්..
ලංකාවේ ගංගා වලත් රත්තරන් තියෙන කාලේ.... සිංගප්පුර් රත්තරන් මොකටද රාලේ.........................
රට ගිහින් එන හැම කෙනාම මෙහෙම චෙක් කරනවද ???
පොඩ්ඩලට පටලැවිලා
රේගුවත් 1 දා ගන්න ඕක අල්ලන්න ඇති
දැන් මෙහෙම රත්තරංහමිබවෙනවා. රත්තරංගේනවා. රත්තරං අල්ලනවා. මෙහෙම ගියොත් මොකද වෙන්නේ විදෙශිය රටවල් ලංකාවෙන් ආධාර ඉල්ලයි. එතකොට කාටද රත්තරං ආඩමිබර රත්තරං.
11ස් වතාවක් කොච්චර ගේන්න ඇද්ද....
කස්ටම් එකේ නට්ටියට මේ ගමන සල්ලි දෙන්න අමතක වෙන්න ඇති. මම මේ කතා කරන්නේ වගකීමෙන්.ඕනනම් ඕකේ ඉන්න හොරුන්ගේ නම් ගම් උණත් මට දෙන්න පුළුවන්.ඒත් අල්ලන්න බෑ.ඕක තමයි අද රටේ හැටි