රුපියල් කෝටි පහකට ආසන්න  විදේශ මුදල් තොගයක් ගමන්මල්ලේ සඟවා‍ගෙන ඩුබායි හරහා කටාර් ‍රාජ්‍යයට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම කළ රේගුව එම විදේශ මුදල් තොගය රාජසන්තක කර ඔහු නිදහස් කිරීමට නියෝග කළේය.

මේ පිලිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.පී චන්ද්‍රරත්න මහතා විසින් සිදු කළේය.

පෙර දින අළුයම කටුනායක ජාත්‍යන්තර බණ්ඩාරනායක ගුවන් තොටුපොළේදී ‍ රේගු නිලධාරීහු ව්‍යාපාරිකයා අත් අඩංගුවට ගත්හ.

 026