යුරෝපා සංගමයේ තහනම් ත‍්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් දෙමළ කොටි ත‍්‍රස්තවාදීන් සහ පලස්තීන හමාස් ත‍්‍රස්ත සංවිධානය ඉවත් කළ යුතු යැයි යුරෝපා සංගම් අධිකරණ උපදේශකවරයෙකු එම අධිකරණයට ප‍්‍රකාශ කර ඇතැයි ඇමෙරිකාවේ ‘‘ද වෝල් ස්ටී‍්‍රට් ජර්නල් ’’ පුවත් වෙබ් අඩවිය පවසයි.
එම සංවිධාන ත‍්‍රස්ත ක‍්‍රියාවලට සහභාගී වූ බවට සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට තරම් ප‍්‍රමාණවත් සාක්කි මෙතෙක් ඉදිරිපත් කර නැතැයි ඔහු කියා තිබේ.
සිය කණ්ඩායම් යුරෝපා සංගම් ත‍්‍රස්ත ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා හමාස් සහ දෙමළ කොටි සංවිධාන නියෝජිතයින් පිරිසක් යුරෝපා සංගම් ප‍්‍රාථමික අධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර වසර කිහිපයක් තිස්සේ ඊට එම නඩු විභාගය පැවැත්වීමෙන් අනතුරුව 2014 වසරේදී අදාළ සංවිධාන දෙකම යුරෝපා සංගම් තහනම් ත‍්‍රස්ත ලැයිස්තුවට ඇතුළත් කිරීමට තීත්දු කරන ලදී.
එම තීන්දුවට එරෙහිව අදාළ ත‍්‍රස්ත සංවිධාන අභියාචනා නඩුවක් ගොනු කර තිබූ අතර යුරෝපා සංගම් අධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී මෙම උපදේශකවරයා මෙලෙස අධිකරණයට කරුණු දක්වා ඇත.
එහෙත් මේ පිළිබඳව තීන්දුවක් දීමට මාස කිහිපයක් ගත වනු ඇතැයි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් බඩුත් දෙකම හාමුදුරුවන්ගේ. කාට කියන්නද මේවා. (නි)
අපේ ආණ්ඩුව කෙතරම් උනන්දුවෙන් කොටින්ගේ ත්‍රස්තවාදී බව ඔප්පු කරන්න සාක්කි ලබා දීලද කියලා පේනවා මේකෙන්. සංහිඳියාව සහ සහජිවනයනේ.
අපේ විදේශ ඇමතිට, විදේශ අමාත්‍යංශයට සහ විදේශ සේවයට අපේ ප්‍රණාමය - තම අරමුණු සාක්ෂාත් කිරීමට එකහෙලා කටයුතු කිරීම පිළිබඳව! (බ)
ඕව මොනවද, ජාත්‍යන්තරය දින්නනේ! (බ)
2017 අවසානයේදී රසායනික අවි කාන්දුවීමෙන් යුරෝපය ජනශුන්‍ය වී සියලු දෙනා ඇමෙරිකාවට සංක්‍රමණය වනබවට මත පළවී තිබේ. මේ තීරණ වලට අනුව කර්මානුකූලව ඔවුන්ට සිදුවන අභාග්‍යක මහත....!! (නි)
ලංකාවට ආවා නම් අපිට ඕනෑතරම් සාක්කි දෙන්න පුලුවන් (නි)
ලංකාවේ ඉන්න සිංහලයෝම තමන්ගේ ජාතියට එරෙහිවෙද්දී ඕවා මොනවද? (නි)
මේ පිළිබඳව ශ්‍රී ලංකාවේත් පූර්ණ සහයෝගය දිය යුතු බව මගේ අදහසයි. සංහිඳියාව නිසිලෙස පලගැන්වෙන්නේ එවිටයි. (බ)