කොටි නායක ප්‍රභාකරන්ගේ උපන් ගම වූ යාපනය වැල්වැටිතුරෙයි උඩුප්පිඩ්ඩි ප්‍රදේශයෙන් කොටි සංවිධානයට අයත් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් සොයාගත් බවට වැල්වැටිතුරෙයි පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු කියති.
උඩුප්පිඩ්ඩිහි අතහැර දැමූ ළිඳක යුද උපකරණ තොගයක් ඇති බවට වැල්වැටිතුරෙයි පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඒ බව පේදුරු තුඩුව අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයක්ද සහිතව යාපනය පොලිස් විශේෂ කාර්ය බලකායේ සෝදිසි හා බෝම්බ නිස්ක්‍රීය අංශයේ නිලධාරීන් පිරිසක් අදාල ස්ථානයට ගොස් මෙම යුද උපකරණ තොගය සොයාගෙන ඇත.
එහිදී කොටි සංවිධානය විසින් නිෂ්පාදිත ආගස්ට් 69 වර්ගයේ අත්බෝම්බ 69 ක්, මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් බේම්බ 11 ක්, මිලිමීටර් 60 මෝටාර් පැරා උණ්ඩ 25 ක්, මෝටාර් ෆියුස් කොටස් 4 ක් මෙසේ හමු වී ඇත.
යුද උපකරණ දිරාපත් වීම නිසා පේදුරුතුඩුව අධිකරණ නියෝග මත උඩුප්පිඩ්ඩි ප්‍රදේශයේදීම පුපුරවා විනාශ කර ඇත.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න අපේ අහවල් දේශපාලකයාට අලුත් ආරංචියක් (නි)
ඕකනේ, කවුදෝ දෙමල සංවිධානයේ මන්ත්‍රී කෙනෙක් කියල තියෙන්නේ ප්‍රභාකරන් මළේ නැ කියල, කොහොම වෙතත් විමල් මහත්තයයි, ගම්මන්පිල මහත්තයයි මේ ගැන ප්‍රකාශ නිකුත් කරනකම් මේ ගැන මොකුත් කියන්න අපිටනම් බෑ (බ)
නැතුව ඉතින් ඕවායේ අල බතල හිටෙව්වයැ? (නි)
අපරාදේ මේවා දිරලානේ! නැත්නම් සමහරුන්ට මේවා හොඳ රසවත් පුවත් වේවි (නි)
උතුරෙන් හමුදාව ඉවත් කරන්න කියන්නේ මොකටද කියලා දැන්වත් තේරුම් ගන්න. අපට අසුනොවූ ආයුධ තව කොපමණ ඇද්ද? ද්‍රවිඩයින් උතුරෙන් ඉවත් කළත් හමුදාව නම් උතුරෙන් ඉවත් කරන්න එපා. ගම්මන්පිලලා කියන දේ තේරෙන්නේ නැතිඑක තමයි අවාසනාව (නි)