මානව හිමිකම් සුරක්ෂිත කිරීමේ ප්‍රඥප්තිය හා උගත් පාඩම් හා සංහිදියා කොමිසම ඇති කළේ අන්තර්ජාතික බලපෑම් නිසා නොව කරුණාව,මෛත්‍රීය,දයාව මුල් කැර ගෙන බව මොහාන් පිරීස් අග විනිසුරු අනුරාධපුරයේදී ප්‍රකාශ කළේය.
ත්‍රස්තවාදී නඩු පමණක් විභාග කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම මහාධිකරණය අනුරාධපුරයේ විවෘත කරමින් අග විනිසුරු එසේ කීවේය.
ළමයින්ට එරෙහි අපරාධ වැඩිම වාර්තාවෙන්නේ උතුරු මැදින් බව කී අග විනිසුරු උසාවියට පමණක් එවැනි ක්‍රියා නතර කළ නොහැකි බවත් ඒ සඳහා පාසලට ,ගෙදරට හා සමාජයට ද ලොකු මෙහෙවරක් ඇති බව පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහම් පාසැල් නැති කරන්න ඕනේ.(නදී)
කරුණාව, දයාව, මෛත්‍රිය අපි ළඟ තිබුනට කොටි ළඟත් කොටි පුල්ලි තියෙන අනික් අය ළඟත් නැති බව කව්රු කව්රුත් තේරුම් ගත්තොත් හොඳයි. වැඩේ වරදින්න කලින්. (නි)
අර ටියුෂන් පන්ති ගුරුවරයා කිව්වේ දහම් පාසැලෙන් අපචාර වෙනවා වැඩියි කියලා. ඉතින් කොහොමද ළමුන් දැනුම්වත් කරන්නේ.(නදී)
වැදි බන අහල අහලා එපාවෙලා. ජනමාධ්‍යට ලොකු ඔය වගේ පම්පෝරි විතරයි. උසාවි ගානේ පොඩි මිනිස්සු රස්තියාදු වෙන ඒවා ගැන පෙනෙන්නේ නැහැ. මුලින් ආපු කනට වැඩිය පස්සේ ආපු අංග ලොකුවෙලා.(නදී)
ත්‍රස්තවාදීන්ට දඩුවම් කරනකොට ඔවුන්ට විදාන දුන් ත්‍රස්තවාදී නායකයන්ටත් දඩුවම් කරන්න, හිටපු ලොකු ලොකු කොටි අද රජ සැප විදිනවා. (නි)
සමහර අය ඉලක්ක ගත ප්‍රදේශවලට රිංගලා විවිධ අපචාර කරනවා. දුප්පත්කම සහ නොදැනුවත් කම නිසා බොහෝ අය ගොදුරු වලට ලක් වෙනවා. බොහෝ නිලදාරීන් මහා පොළොවේ පය ගහලා ප්‍රශ්න හදුනා ගන්න විසදුම් දෙනවාට වඩා මාධ්‍ය සංදර්ශන තියන්න දක්ෂයි. ඒ නිසා සමාජය මිට වඩා අවදිවිය යුතුයි. අරයට මෙයාට දොස් කියා කියා ඉන්නේ නැතිව සමාජය විසින්ම සංවිධාන හදා ගත යුතුයි. දැන් බලන්න කොයි තරම් වෙන වෙන නාඩගම් වෙනුවෙන් උද්ඝෝෂණ තියනවාද කියලා. ඒත් සමාජයේ ඔවැනි කරුණු වලදි මොන උද්ඝෝෂණ එකක්වත් නැහැ. මොකද ඉතින් ජිනිවා වලින් ඩොලර් ලැබෙන්නේ නැහැනේ.(නදී)
ඇයි මේ කොටින්ට විතරක් සැළකිලි? (නි)
නියමයි සර්, අපේ සුභ පැතුම්.(නදී)
ඇත්තටම බැරිද ඔය උසාවි වල විනිසුරු සංචිත පිහිටුවන්න? (නි)
මීට කලින් ඕව පිහිටෙව්වා නම් ඔබතුමා කියන දේ ගැන සලකල බලන්න තිබුනා. ඒක ඇත්තද? බොරුද කියලා.(නදී)