කොටි ත‍්‍රස්තවාදීන්ට එරෙහිව පවරා ඇති නඩු කඩිනමින් විභාග කොට අවසන් කිරීම සඳහා රජය විශේෂ මහාධිකරණයක් පිහිටුවා ඇති අතර එම නඩු විභාග කිරීම සඳහා මහාධිකරණ කොමසාරිස්වරියක ලෙස අයිරාංගනී පෙරේරා මහත්මිය පත්කොට ඇත.
විනිසුරුවරියක ලෙස 31 වසරක සේවය කොට ඇති අයිරාංගනී පෙරේරා මහත්මිය ඉනෝකා සෙව්වන්දි හමුදා සෙබළිය ඝාතනය, කැළණි සරසවියේ මධුවන්ති ඝාතනය, ඇතුළු නඩු ගණනාවක මුලික විමර්ශන කළාය.
කොළඔ විශ්ව විද්‍යාලයෙන් නීතී උපාධිය ලබා 1979 වර්ෂයේදී නීතීඥවරියක ලෙස දිවුරුම් දුන් ඇය ප‍්‍රාථමික උසස් විනිසුරුවරියක ලෙස සේවය කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටියනේ උඹල බය වෙන්න එපා (බ)
ඉතා හොඳයි (නි)
භයානක ත්‍රස්තවාදී කොටියෙක් වීම අද ආරක්ෂිතයි නීත්‍යනුකුල රණ විරුවෙක් වුනාට වඩා , මොකද විශේෂ අධිකරණ කොටි නිදහස් කරන්න, විශේෂ අධිකරණ රණවිරුවෝ ඇතුලට ගන්න . වෙනසක් නැහැ . අපි මේවා කිව්වේ අද ඊයේ නොවේ , (බ)
කළු කොටි එළියට , රණවිරුවෝ ඇතුලට . කොහමද වෙනස මාස 4 ට ? (බ)
ප්‍රමාද වී වුවද කොටි ත්‍රස්තවාදීන්ගේ නඩු විසඳීමට වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ගත් තීරණය ප්‍රශංසනීයයි. (නි)