ඉන්දියාව කොල්කටා නගරයේදී කොටි සංවිධානය යළි පිහිටුවීමට උත්සාහ කළැයි සැකපිට උතුරේ ශ්‍රී ලංකිකයින් හය දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කර සිටී.
එයින් ගුණසේකරන් සහ බාලසිංහම් නැමැත්තන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජ්‍යෙෂ්ඨයින් බැව් පැවසේ.ඔවුන් අත්අඩංගුවට පත්වීමට දින හතරකට පෙර චෙන්නායි සිට කොල්කටා වෙත පැමිණ ඇතැයි ඉන්දීය පොලීසිය හෙළිදරව් කර ගෙන ඇත. සෙසු පුද්ගලයින් සිව් දෙනා කලක් තිස්සේ කොල්කටා නගරයේ රැඳී සිටින්නෝ වෙති.
බටහිර බෙන්ගාලයේ නැක්සලයිට් ගරිල්ලා කණ්ඩායමක් එල්.ටී.ටී.ඊ යේ හිටපු සාමාජිකයින්ගේ සහාය ඇතිව ත‍්‍රස්ත කටයුතු සංවිධාන මෙහෙය වන බවට ඉන්දීය පොලීසියට තොරතුරු වාර්තාවී ඇති අතර ඒ සඳහා ඉන්දීය පොලිස් විශේෂ කාර්ය බලකාය දියත් කළ මෙහෙයුමකදී මොවුන් සය දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර මෙම ලාංකිකයින් සය දෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් නැක්සලයිට් සංවිධානයක් සමඟ සබඳතා පවතින බවට පොලීසිය කළ චෝදනා ද ප‍්‍රතික්ෂේප කර නැතැයිද පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝලිතගේ කතාව දකිනකොට හිනායනවා. අපේ මිනිසුන්ගේ දැනුමේ තරම තමා... (නි)
අපිට කල ගුණ මතක නැහැ. ලංකාවට පන ඇති එඩිතර නායකයෙක් අවශ්‍යයි (නදී)
එල්.ටී.ටී එකත් එක්ක ගිවිසුම් ගගහ යුද්දේ අවුරුදු ගානක් ඇදගෙන ගිය අයට මේවා තේරෙන්නේ නැහැ. තේරෙන කොට පෙරහැර ගිහින් ඉවරයි. අපිට ඉතුරු වෙන්නේ ලංකාවෙන් බාගයයි.(නදී)
අර කවුද කිවුවා නේද කොටි නැගිටින්නේ නැහැ කියලා ? (නි)
කොටි සංවිධානය යළි හිසඔසවයිද? (නි)
ඔන්න පටන්ගන්න යන්නේ. 18 න් පස්සේ මොනවා වෙයිද? මහජන කැමැත්ත ඒක නම් එහෙමම වුණාවේ. (නි)
ලකාවේ ප්‍රශ්න වලට අතදාලා ඉන්දියාව හැමදාම ඉල්ලන් කෑවා. එයාලා තවමත් ලංකාවේ දෙමළ කල්ලි වලට ආධාර දෙනවා. ලංකාවේ තව සන්නද්ද අරගලයක් ආවත් ඒකට මුහුණ දෙන්න හොඳ පන්නරයක් තිබෙන ත්‍රිවිධ හැමදාවක් අපිට ඉන්නවා.ඉන්දියාව කොච්චර ලොකු වුණත් ලංකාවේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න එයාලට තව වසර පනහකටවත් බැහැ. කාපු පරිප්පුව එයාලට එදාට මතක් වේවි. (නි)
මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)
දිනූ රට අනතුරේ. නැවත පැමිණෙනු මැන මහින්ද ජනපතිතුමනි... (නි)
ගොඩනැඟෙන ත්‍රස්තවාදයට මුනුණදීමට අපේ රටට නැවතත් ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි. මගේ ප්‍රාර්ථනය මහින්දගේ ජයයි. (නි)