IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොටි නැක්සලයිට් හවුලක් ?

ඉන්දියාව කොල්කටා නගරයේදී  කොටි සංවිධානය යළි පිහිටුවීමට උත්සාහ කළැයි සැකපිට උතුරේ ශ්‍රී ලංකිකයින් හය දෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කර සිටී.

එයින් ගුණසේකරන් සහ බාලසිංහම් නැමැත්තන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජ්‍යෙෂ්ඨයින් බැව් පැවසේ.ඔවුන් අත්අඩංගුවට පත්වීමට දින හතරකට පෙර චෙන්නායි සිට කොල්කටා වෙත පැමිණ ඇතැයි ඉන්දීය පොලීසිය හෙළිදරව් කර ගෙන ඇත. සෙසු පුද්ගලයින් සිව් දෙනා කලක් තිස්සේ කොල්කටා නගරයේ රැඳී සිටින්නෝ වෙති.

බටහිර බෙන්ගාලයේ නැක්සලයිට් ගරිල්ලා කණ්ඩායමක් එල්.ටී.ටී.ඊ යේ හිටපු සාමාජිකයින්ගේ සහාය ඇතිව ත‍්‍රස්ත කටයුතු සංවිධාන මෙහෙය වන බවට ඉන්දීය පොලීසියට තොරතුරු වාර්තාවී ඇති අතර ඒ සඳහා ඉන්දීය පොලිස් විශේෂ කාර්ය බලකාය දියත් කළ මෙහෙයුමකදී මොවුන් සය දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මේ අතර මෙම ලාංකිකයින් සය දෙනාගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් නැක්සලයිට් සංවිධානයක් සමඟ සබඳතා පවතින බවට පොලීසිය කළ චෝදනා ද ප‍්‍රතික්ෂේප කර නැතැයිද පැවසේ.  

 



අදහස් (0)

කොටි නැක්සලයිට් හවුලක් ?

නාමල් Monday, 17 August 2015 01:55 AM

කෝලිතගේ කතාව දකිනකොට හිනායනවා. අපේ මිනිසුන්ගේ දැනුමේ තරම තමා... (නි)

:       0       0

මොහොමඩ් Monday, 17 August 2015 06:01 AM

අපිට කල ගුණ මතක නැහැ. ලංකාවට පන ඇති එඩිතර නායකයෙක් අවශ්‍යයි (නදී)

:       0       0

ඇසළ Monday, 17 August 2015 06:16 AM

එල්.ටී.ටී එකත් එක්ක ගිවිසුම් ගගහ යුද්දේ අවුරුදු ගානක් ඇදගෙන ගිය අයට මේවා තේරෙන්නේ නැහැ. තේරෙන කොට පෙරහැර ගිහින් ඉවරයි. අපිට ඉතුරු වෙන්නේ ලංකාවෙන් බාගයයි.(නදී)

:       0       0

ඉන්දික Sunday, 16 August 2015 11:25 AM

අර කවුද කිවුවා නේද කොටි නැගිටින්නේ නැහැ කියලා ? (නි)

:       0       0

ඔෂාන් Sunday, 16 August 2015 12:59 PM

කොටි සංවිධානය යළි හිසඔසවයිද? (නි)

:       0       0

පෙරේරා Sunday, 16 August 2015 03:08 PM

ඔන්න පටන්ගන්න යන්නේ. 18 න් පස්සේ මොනවා වෙයිද? මහජන කැමැත්ත ඒක නම් එහෙමම වුණාවේ. (නි)

:       0       0

කෝලිත Sunday, 16 August 2015 04:55 PM

ලකාවේ ප්‍රශ්න වලට අතදාලා ඉන්දියාව හැමදාම ඉල්ලන් කෑවා. එයාලා තවමත් ලංකාවේ දෙමළ කල්ලි වලට ආධාර දෙනවා. ලංකාවේ තව සන්නද්ද අරගලයක් ආවත් ඒකට මුහුණ දෙන්න හොඳ පන්නරයක් තිබෙන ත්‍රිවිධ හැමදාවක් අපිට ඉන්නවා.ඉන්දියාව කොච්චර ලොකු වුණත් ලංකාවේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න එයාලට තව වසර පනහකටවත් බැහැ. කාපු පරිප්පුව එයාලට එදාට මතක් වේවි. (නි)

:       0       0

අවන්ත Sunday, 16 August 2015 10:16 PM

මොනවද මේ සිද්ධවෙන්නේ? (නි)

:       0       0

රාමන් Sunday, 16 August 2015 11:16 PM

දිනූ රට අනතුරේ. නැවත පැමිණෙනු මැන මහින්ද ජනපතිතුමනි... (නි)

:       0       0

අපොන්සු Sunday, 16 August 2015 11:21 PM

ගොඩනැ‍ඟෙන ත්‍රස්තවාදයට මුනුණදීමට අපේ රටට නැවතත් ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි. මගේ ප්‍රාර්ථනය මහින්දගේ ජයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site