1999 දෙසැම්බර 18 වැනි දා කොළඹ නගර සභා පිටියේ දී හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මරාගෙන මැරෙන බෝම්බකාරියක් යොදවා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නේයැයි චෝදනා ලබා සිටි දෙදෙනකු එම චෝදනාවන්ට වැරදි කරුවන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය චෝදනා ලබා සිටි අනික් සැකකාරිය නිදොස් කොට නිදහස් කළාය.
චෝනදා 190ක් යටතේ ඔවුනට නඩු පවරා තිබිණි.
චන්ද්‍රා හට අවුරුදු 300ක සිරඳඩුවම් නියම කළ විනිසුරුවරිය එය අවුරුදු තිහකින් ගෙවන ලෙස ක්‍රියාත්මක කිරීමටත්, උදය රාජා හට අවුරුදු 290ක සිරදඩුවම් වසර තිහකින් ගෙවෙන ලෙස ක්‍රියාත්මක කිරීමට ද නියෝග කළාය.
මෙම සිද්ධියේ මහේ්ස්ත්‍රාත් පරීක්ෂණය හා ලඝු නොවන පරික්ෂණය පවත්වන ලද්දේ කොළඹ හිටපු මහේස්ත්‍රාත් ඩී.ජී.කුලතිලක මහතා විසිනි.
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට මේ සිද්ධියේදී සිය ඇසක් අහිමි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද දන්නේ නෑ දුන්න දඩුවම.....?(ම)
නියමයි. අනෙක් අපරාධකරුවන්ටත් හොඳ පාඩමක් (නි)
මේවගේ නීති කොහෙන් ආපුවද දන්නේ නැහැ. අවුරුදු 300 සහ 260 සමග අවුරුදු 30හේ සම්බන්දය මොකක්ද ? කොහෙද තියෙන්නේ ? (ස)
මෙවැනි කඩිනම් දඩුවම් දෙන්න ඕනේ .. (හේ)
මේගොල්ලන්ට ඔය ඳඩුවම දීල මදි කරපු වැඩේ හරියට කරන්න බැරි වුණාට (ම)
වෛරයෙන් හා ක්‍රෝධයෙන් යුතු කිසිවෙකුට සැනසීම යන්න කවර කලෙකවත් නොලැබේ. (ම)
අරුම පුදුම නීති, මොන පදනමක් මතද ඔය විකාර ශතවර්ෂ ගණන් දිග දඩුවම් දෙන්නේ? (ස)
මෙච්චරද දඩුවම.(හේ)