සුරාබදු බලපත්‍ර නොමැතිව ඩුබායි හා තූත්තුකුඩියේ සිට ගෙන්වන ලද විදේශීය මත්පැන් බෝතල් 18,125 ක් හා සිගරට් 15,465ක් රේගු ආදායම් අධීක්ෂණ බලකාය ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අද (29) අත් අඩංගුවට ගත්තේය.

රුපියල් කෝටි දෙක හමාරක් පමණ වටිනා මත්පැන් තොගය සහ සිගරට් කොළඹ ව්‍යාපාරික සමාගම් දෙකක් මගින් ගෙන්වා ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.