
(සුමිත් ප්‍රේමතිලක)
රුපියල් කෝටියකට ආසන්න වටිනා කමකින් යුත් විශාල මාළු තොගයක් අද වාද්දුව ප්‍රදේශයේ මාදැල් දෙකකට හසුවී තිබේ .
අද පොහොය දින වුවද, මාළු මිලදී ගැනීම සහ සිද්ධිය දැක බලා ගැනීම සඳහා වැල නොකැඩී ජනතාව පැමිණෙන අයුරු දැකගත හැකි විය.
තොග වශයෙන් මාළු මිලදී ගැනීම සඳහා, ලොරි රථ සහ ත්‍රිරෝද රථවලින් වෙළඳුන් ද පැමිණ සිටියහ .
පරව් , කිරලාවා සහ අලගුඩුවා යන වර්ගවලට අයත් මාළු දැල්ලෙට පැටලී ඇතැයි ධීවරයෝ පවසති.
වෙනත් දිනවලට විශාල මුදල්වලට අලෙවි වන මාළු ඉතා අඩු මුදලට අලෙවි වූ අතර , ජනතාව ඉතා උනන්දුවෙන් මාළු මිලදී ගන්නා අයුරු දැකගත හැකි විය



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාළුවල වටිනාකම රුපියල් කෝටියයි කියමුකෝ. පවේ වටිනාකම කොච්චරක් වෙයි ද?
පෝය දවසේ පවක මහත...
මාලු ටිකවත් ලාබෙට හම්බ වෙනවා නම් හොඳයි.