IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොටි කාලේ ඝාතනයට පොලීසියේ තුනක් රිමාන්ඩ්

පස් වසරකට පෙර ගෝමරංකඩවල පඹුරුගස් වැව කැලේ දර කඩමින් සිටි අඹු සැමි යුවළක් ඇතුළු කිදෙනකු මරා දැමීයැයි සැකපිට පොලිස් පරීක්ෂක රුවන් රත්නායක, සැරයන් මහින්දලාල් හා කොස්තාපල් සුනිල් ප්‍රේමරත්න ත්‍රිකුණාමල අතිරේක මහේස්ත්‍රාත් එස් සතිස්දරන් මහතා විසින් මැයි 13 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.

ගොමරංකඩවල කොටි ක්‍රියාකාරකම් පැවති සමයේ සිදුවූ මේ ඝාතන ගැන රහස් පොලීසිය පරීක්ෂණ ඇරැඹීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

දීපිකා කුමාරි හා ලක්ෂ්මන් ජයවර්ධන යන අඹුසැමි යුවළ ද අසල් වැසියකු වන යූ සමරරත්න කොටි සංවිධානය විසින් මරා දමන්නට ඇතැයි ගැමියන් සිතූ බව පොලීසිය අධිකරණයට දැන්වීය.

 

 



අදහස් (0)

කොටි කාලේ ඝාතනයට පොලීසියේ තුනක් රිමාන්ඩ්

වරුණ Tuesday, 30 April 2013 06:56 AM

ප්‍රබාකරන් තවත් හිටියා නම් තව කී දෙනෙක්ගේ ජීවිත ප්‍රබාකරන්ගේ ගිණුමට බැර කරවන්න තිබුනද? (නි)

:       0       0

පුබුදු Tuesday, 30 April 2013 07:37 AM

ඒ කාලේ කතා නම් එපා

:       0       0

ඇලෙක්ෂැන්ඩ්‍රා Tuesday, 30 April 2013 08:22 AM

සෙන්තිල් ඔබ කොටියෙක්ද? ඇයි සිංහල අය එක්ක ඔච්චර තරහා?(නදී)

:       0       0

සනත් Tuesday, 30 April 2013 08:25 AM

ජිනීවා වලට කියන්ඩ වගවීම පටන්ගත්තා කියලා.(නදී)

:       0       0

ජනක Tuesday, 30 April 2013 08:32 AM

මේවා කරලා තියෙන්නේ ගම් වල මිනිස්සු බය කරලා ගෙවල් ඇතුලෙම තියාගන්න හමුදාවේ උපක්‍රමයක්.(නදී)

:       0       0

නිලංග Tuesday, 30 April 2013 08:53 AM

අනේ මන්දා, කොටි අපිට ගැහුවා. අපි කොටින්ට ගැහුවා. කොටි කොටි මරා ගත්තා. දැන් බැලින්නම් අපි අපිත් මරා ගෙන තියෙනවා.(නදී)

:       0       0

නිමන්ති Tuesday, 30 April 2013 09:58 AM

මමනම් පොලිසියට වැරදි කියන්නේ නැහැ ඔය කාලේ ඔය පැතිවල කලබල තිබුන ඇත්ත නැත්ත උඩ ඉන්න දෙවියෝම බලාගන්න ඕනේ...(ස)

:       0       0

අමිල Monday, 29 April 2013 09:14 PM

අහිංසකයන්ට තමා හයිරම් පෙන්වන්නේ.(නදී)

:       0       0

රජිත් ඉතාලි Monday, 29 April 2013 11:32 PM

එතකොට සිල්වා බබා.(නදී)

:       0       0

ඛාන්, කුවෛට් Tuesday, 30 April 2013 01:32 AM

කළ කළ දේ පල පල දේ. (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 30 April 2013 02:48 AM

අපරාධකරුවන්ව එල්ලුම් ගහට යැවිය යුතුයි. (නි)

:       0       0

පුෂ්පා Tuesday, 30 April 2013 03:22 AM

පොලීසියට මල් මිටක්, මෙම සිද්ධිය නැවත මතුකර සැකකරුවන් අත් අඩංගුවට ගත්තාට. මට එක පාරටම හිතට ආවෙ තවත් මෙහෙම සිද්‍ධි කොපමණ ගානක් කොටින්ගෙ ගිණුමට බැර කරල ඇතිද කියලයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 36 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 833 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 604 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site