
(විමුක්ති එස් රුද්‍රිගු)
පිළිකා රෝගය සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කළ කිමෝතෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කළ බවත් ඉදිරි මාසවලදී නැවතත් රාජකීය වැඩකටයුතු සඳහා සීමා සහිතව සහභාගීවීමට බලාපොරොත්තුවන බවත් බ්‍රිතාන්‍යයේ කේට් මිඩ්ල්ටන් කුමරිය ඊයේ(09) වීඩියෝ පණිවුඩයක් තබමින් ප්‍රකාශ කළාය.
තමන් පිළිකා රෝගයෙන් සම්පූර්ණ සුවය ලැබූ බවත් මින් ඉදිරියට නිරෝගීව සිටීමට අවධානය යොමුකරන බවත් ඇය සඳහන් කළාය.
බ්‍රිතාන්‍ය අනාගත රැජිනිය වන 42 හැවිරිදි කේට් මිඩ්ල්ටන් කුමරිය වීඩියෝ පණිවුඩයක් තැබූ දෙවන අවස්ථාව මෙය වන අතර තමාට පිළිකා රෝගය වැළඳී ඇති බවට වෛද්‍යවරුන් සොයා ගත් බව පළමු වරට පසුගිය මාර්තු මාසයේදී වීඩියෝ පණිවුඩයක් තබමින් පැවැසුවාය. ගිම්හාන කාලය අවසාන වීමත් සමඟ කිමෝතෙරපි ප්‍රතිකාරය අවසන් කිරීමට හැකිවීමෙන් ලද සැහැල්ලුව වචනයෙන් කීමට නොහැකි බවත් පසුගිය මාස 9 ක කාලය සිය පවුලට ඉතාමත් අසීරු කාලයක් වූ බවත් කේට් කුමරිය ප්‍රකාශ කළාය.
ජීවිතය ක්ෂණයකින් වෙනස් විය හැකි බවත් එවන් අවස්ථාවකදී නොදන්නා මාවත්වල කුණාටුවලට මුහුණ දෙමින් ගමන් කිරීම සඳහා ක්‍රමයක් සොයාගත යුතු බවත් කේට් කුමරිය පැවැසුවාය. පිළිකා ගමන සෑම කෙනෙකුටම සංකීර්ණ, බියජනක සහ අනපේක්ෂිත එකක් බවද ඇය ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඒ ගැන හරිම සතුටුයි....
පිළිකා රෝගය වැළඳිලා ඉඳලා කවුරුහරි ඒ අසනීපයෙන් සුවය ලැබුවා කියලා අහන්න ලැබුණම හරිම සතුටුයි. ඔබතුමියට තෙරුවන් සරණයි..! දීඝායුෂ ලැබේවා!! අපේ රටේ අහිංසක ජනතාව පිළිකා රෝගය වැළඳිලා මරණයට පත්වන පිරිස ඉතාම ඉහළයි. එම නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා, ඔබතුමිය ලබාගත් ප්‍රථිකාර පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අපට ලබාදෙන්න කියලා. එතකොට අපේ වෛද්‍යවරුන්ට හැකියාව ලැබෙනවා. ඒ අයුරින්ම අපේ අසරණ රෝගීන්ගේ ජීවීත බේරාදෙන්න. එම තොරතුරු ලබාගනන්න කටයුතු කරන්න කියලා මම ඉතාම ගෞරවයෙන් ලංකාදීප ආයතනයෙන් ඉල්ලා සිටිනවා. මේ පුවත පුවත්පතේ ඵලකිරීම සම්බන්ධයෙන් මෙයට අදාල සියලුම මාධ්‍යවේදී මහත්ම මහත්මීන්ට මගේ හදපිරි ගෞරවය පුදකර සිටිනවා. ස්තූතියි...!