රුපියල් කෝටි එක හමාරක් වටිනා රත්තරන් කිලෝග්‍රෑම් තුනක් අඩංගු පාර්සල් දෙකක් තම දණහිස් ආවරණයේ බැඳගෙන ගුවන්තොටුපොළෙන් පිටකිරීමට උත්සහ කළ මෙරට ප්‍රසිද්ධ ගුවන් සේවා සමාගමක සේවයේ නියුතු පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හුවමාරු පර්යන්තයේ වැසිකිලියක් තුළ සිටියදී අද අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
මෙම වසරේ රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබු විශාලතම රන් තොගය මෙය බවත් ඔහු කීවේය.
සැකකරු දෙහිවල ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටින මහනුවර පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රන් කැබලි 15 බැගින් වූ පාර්සල් දෙකක් ඔහුගේ දණහිස් වල ගැට ගසා තිබු බව රේගුව කියයි.
රේගු නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ සිංගප්පුරුවේ සිට පැමිණි ගුවන් මගියෙකි තමන්ට මෙම පාර්සල් දෙක ලබා දුන් බවයි. ගුවන් මගියා සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇති බව රේගුව අනාවරණය කරගෙන ඇත.
ගුවන්තොටුපොළ ආරක්ක්ෂක අංශ විසින් ලබා දුන් තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර අදාල ගුවන් මගියා සහ මෙම රත්තරන් රැගෙන යාමට පැමිණි ඇති තැරැව්කරු අත්අඩංගුවට ගැනීම සඳහා රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක රංජන් හේවාගම මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඩී.එම්.ජී නිමල්තිලක, අමිත් උදයපාල, ෙජ්.කේ ආරියදාස, පියතිස්ස පතිරණ සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන්ව අනුර කංකානම්ගේ, පී.එල් වනිගසිංහ, පී.එච්.යු.අයි විෙජ්පාල සහ සහකාර රේගු අධිකාරීවරුන්වන රුවන්වැල්ල අල්විස් සහ එල්.එන් ජයසුන්දර යන නිලධාරීහු සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු කවදාවත් නොමැරෙන්න ආ අයනේ (දී)
අමාරුවෙන් මදැයි හොරකමක් කරන්න හැදුවා (දී)
ඔය අල්ල ගන්න රත්තරන් දන්නේ නැහැ ඒවාට මොනවද වෙන්නේ කියල.(දී)
ගුවන් තොටුපළෙන් රන් හෝ වටිනා දේවල් සමග මත් කුඩු එන්නෙත් මේ ක්‍රමයට තමා , ගුවන් තොටුපලේ සේවය කරන කාගේ හෝ උදව්වක් ලබෙන්නම ඕනේ , (දී)
ඒ ගොල්ලොත් වැඩේට බැහැලා වගේ. (දී)