IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෝටි එක හමාරක රන් දණහිසේ බැඳගෙන ඇවිල්ලා

 රුපියල් කෝටි එක හමාරක් වටිනා රත්තරන් කිලෝග්‍රෑම් තුනක් අඩංගු පාර්සල් දෙකක් තම දණහිස් ආවරණයේ බැඳගෙන ගුවන්තොටුපොළෙන් පිටකිරීමට උත්සහ කළ  මෙරට ප්‍රසිද්ධ ගුවන් සේවා සමාගමක සේවයේ නියුතු පුද්ගලයෙකු  කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ  හුවමාරු පර්යන්තයේ වැසිකිලියක් තුළ සිටියදී අද  අළුයම අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

 මෙම වසරේ  රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබු විශාලතම රන් තොගය මෙය බවත් ඔහු කීවේය.

සැකකරු දෙහිවල ප්‍රදේශයේ නවාතැන් ගෙන සිටින මහනුවර පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

ඔහු  අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ   රන් කැබලි 15 බැගින්  වූ  පාර්සල් දෙකක්  ඔහුගේ දණහිස් වල ගැට ගසා තිබු බව රේගුව කියයි.

රේගු නිලධාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්ණ කිරීමේදී ඔහු පවසා ඇත්තේ සිංගප්පුරුවේ සිට පැමිණි ගුවන් මගියෙකි තමන්ට මෙම  පාර්සල් දෙක  ලබා දුන් බවයි. ගුවන් මගියා සිංගප්පුරු ගුවන් සේවයට අයත් එස්.කිව් 468 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමිණ ඇති බව රේගුව අනාවරණය කරගෙන ඇත.

ගුවන්තොටුපොළ ආරක්ක්ෂක අංශ විසින් ලබා දුන් තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර අදාල ගුවන් මගියා සහ මෙම රත්තරන් රැගෙන යාමට පැමිණි ඇති තැරැව්කරු අත්අඩංගුවට ගැනීම සඳහා රේගුව වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක රංජන් හේවාගම මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන ඩී.එම්.ජී නිමල්තිලක, අමිත් උදයපාල, ෙජ්.කේ ආරියදාස, පියතිස්ස පතිරණ සහ නියෝජ්‍ය රේගු අධිකාරීවරුන්ව අනුර කංකානම්ගේ, පී.එල් වනිගසිංහ, පී.එච්.යු.අයි විෙජ්පාල සහ සහකාර රේගු අධිකාරීවරුන්වන රුවන්වැල්ල අල්විස් සහ එල්.එන් ජයසුන්දර යන නිලධාරීහු සිදු කරති.

 



අදහස් (0)

කෝටි එක හමාරක රන් දණහිසේ බැඳගෙන ඇවිල්ලා

නිරාන් සෞදි Sunday, 28 September 2014 05:24 AM

මේ මිනිස්සු කවදාවත් නොමැරෙන්න ආ අයනේ (දී)

:       0       0

ජීවන් Sunday, 28 September 2014 06:34 AM

අමාරුවෙන් මදැයි හොරකමක් කරන්න හැදුවා (දී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 28 September 2014 08:09 AM

ඔය අල්ල ගන්න රත්තරන් දන්නේ නැහැ ඒවාට මොනවද වෙන්නේ කියල.(දී)

:       0       0

ලකී දොඩන්ගොඩ Sunday, 28 September 2014 10:20 AM

ගුවන් තොටුපළෙන් රන් හෝ වටිනා දේවල් සමග මත් කුඩු එන්නෙත් මේ ක්‍රමයට තමා , ගුවන් තොටුපලේ සේවය කරන කාගේ හෝ උදව්වක් ලබෙන්නම ඕනේ , (දී)

:       0       0

චමින්ද Sunday, 28 September 2014 02:22 AM

ඒ ගොල්ලොත් වැඩේට බැහැලා වගේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site