මින්නේරිය ජාතික උද්‍යානයෙන් ඉවත් කරන කටු උණ ශාකය සිගිරිය අභයභුමියේ දිය කැපිල්ල ප්‍රදේශයේ සාර්ථක විදුලි වැට ඉදිරියෙන් සිටුවීමට යද්දී ප්‍රදේශ වාසිහු විරෝධය පාති .ගම්මුන් පවසන්නේ විදුලි වැටක් ක්‍රියාත්මක තිබියදී ජනතා මුදල් විනාශ කොට විනාශ කාරී ශාකයක් සිටුවීමට ඉඩ නොදෙන බවයි .
මින්නේරිය ජාතික උද්‍යානයේ භාර කාර එච්.ජී. වික්‍රමසිංහ මහතා කිවේ මෙය විනාශ කාරී දෙයක් නොවන බවය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටබැද්දර ජයා, ඩුබායි තිලක්, අර ඇමෙරිකාවේ කියලා කියන නාමල්, තමන්ගේ පක්ෂේ අය කරනවා නම් මිනිමැරීමක් වුණත් හරි. අනෙක් අය කරපු ඕනෑම දෙයක් වැරදියි. තමන් දන්නා දේ ගැන පමණක් ලියන්න. (නි)
ඔව් ඉතින් කටු හිටෙව්වට පස්සේ විදුලි වැට් අස්සෙන් හරක් ගාල් යවන්න, හොරෙන් ගස් කපන්න යන්න බැහැනේ. (නි)
මේකට හේතුව, කටු උණ හිටෙව්වහම ගම්මුන්ගේ හරක් වනෝද්‍යානයට යවන්න තිබෙන මාර්ගය අවහිෙවෙන එක. පුදුම ගම්මු. ඔවුන්ට ඕනෑ අලි එන එක වළක්වන නමුත් හරකුන්ට යන්න පුළුවන් අරුම පුදුම ක්‍රමයක්. (නි)
ගම්මුන් කියන දේත් අහන්න. කටු උන මින්නේරියෙන් ඉවත් කලේ කුමක් නිසාද? වර්ධනය පාලනය කර ගත නොහැකි ලෙස පැතිරුණ නිසා මෙම ගස ඉවත්කළ බැවි මට මතක. මෙම ශාකය සතෙකුටවත් කන්න බෑ. (ර)
මෙම ශාකය වැවීමෙන් යම් විදිහක අනර්ථයක් සිදුවිය හැකී නමුත් මේ ය පවසන පරිදි මේ ශාකය බෝවීම පාලනය කළ නොහැකිනම් එය කිසි අයෙකුගේ පුද්ගලික ඉඩමක සිටුවනවා නෙවේ නේද? වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතයකට මායිම්ව මේ වැට සිටුවීම කරන්නේ අනෙක කිසිම සතෙක් එන්න බැරිනම් අලි මිනිස් ගැටුම පාලනය වෙනවා නේද ? විදුලි වැට නිසි ආකාරයට නඩත්තු නොකළොත් එය අක්‍රීය වෙනවා මේ ශාකය ජනජීවිතයට අනතුරු දයකද? විනාශ කාරීද? යන්න ජෛව විවිධත්ව හා ශාක ගැන පර්යේෂණ කරන විද්වතුන් මේ ගැන ජනතාව ඉක්මනින් දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා (බ)
මම නම් මේ ගැන ඇත්තෙන්ම දැනුවත් නැහැ (නි)
අනේ මිනිසුනේ හැම දේටම විරුද්ධ වෙන්නේ නැතුව කරන දේ හරිද වැරදිද කියල හිතන්න. මෙය පරිසරයට හිතකර ක්‍රමයක්නේ. විදුලිවැට පසුව ඉවත් කළ හැකියි නේ. එතකොට විදුලිය අපතේ යාම වළකිනවා නේද? (ම)
අනේ මන්ද විරුද්ධ වෙනවා කියලා මෙහෙමත් ? යහපත් දෙයකට මොටද විරුද්ධ වෙන්නේ ? (ර)
මේ වැට සිටුවීමෙන් විදුලි වැට ආරක්ෂා වෙනවා නේද එවිට අලින්ට මේ විදුලි වැට කඩා දැමීමට නොහැකි වන නිසා ගම් වලට අලි ඒම නතර වන්නේ යයි මට හැගෙනු ඇත ඇයි මෙකට් ගම්මුන් අකමැති. මේකෙන් මොකක්ද ගමට වන හානිය හොදින් කල්පනා කර මෙය ගැන කටයුතු කරන්න. අලි මිනිස් ගැටුම දැන් විසාල වශයෙන් සිදු වනු ඇත. (ර)
කටු උණ ශාකය ගැනනම් මම දන්නෙ නෑ. ඒත් විදුලි වැටවල් වලට වඩා ජෛව වැටවල් අලි ගම්වැදීම වැළැක්විමේ කාර්යයේදී වැදගත් බව අසා තිබෙනවා. එමෙන්ම වියදම සහ නඩත්තුව අතිනුත් ලාභදායක වෙනවා. (ර)
කොහොමද කටු උණ විනාශකාරී ශාකයක් වන්නේ මෙකනම් එක්තරා මේනියාවක්. (ර)
ඔය මිනිස්සු තමා පෝළිමේ ගිහිල්ලා කතිරය ගහලා මේ රටේ අනාගතය තීරණය කරන්නේ. (නි)