2009 ජුලි 15 වෙනි දාතමින් යුතුව එවකට ජිනීවා නුවර ඇමෙරිකා තානාපති වරයා ලෙස කටයුතු කල ක්ලින්ට් විලියම්සන් විසින් යවන ලද ලිපියක් අනුව "කොටි සටන් කරුවන් විසින් ඔවුන්ගේ ආයුධ රජයේ රෝහල් ඇතුළත සවිකරනු ලැබු බව " හෙළිවී ඇත.
මෙම ආරංචිය තානාපති වරයාට සපයන ලද්දේ ජාත්‍යන්තර රතුකුරුස සංගමයේ දකුණු ආසියා කාර්ය භාර නිලධාරියා ලෙස සේවය කල ජැකී ද මයියෝ විසිනි.
ලෝකයේ විවිධ රටවල රාජ්‍ය තොරතුරු නොමිලයේ එළිදරව් කරනු ලබන "විකිලීක්ස්" නම්වූ අන්තර් ජාල සංවිධානය මෙම විස්තරය එළිදක්වා ඇත.
විකිලීක්ස් වාර්තාව පදනම් කරගනිමින් මෙම තොරතුරු අන්තර්ජාලයට නිකුත්කර ඇත්තේ "කලම්බු ටෙලිග්රාෆ් " වෙබ් අඩවියයි.
අමෙරිකා තානාපතිවරයා යවා ඇති ලිපිය " රහස්‍ය" යනුවෙන් සඳහන්කරන ලද්දක් බවද එම වාර්තාවෙහි දැක්වෙයි.
ජැකී ද මයියෝ මුණගැසුණු අවස්ථාවේදී ඔහු ඇමෙරිකා තානාපතිට හෙළි කර ඇත්තේ " එල් ටී ටී ඊ සටන් කරුවන් අතර පිළිගතහැකි සංයමයක් හෝ අණදීමේ හෝ පිළිපැදීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බව" පෙනී යන බවයි.
ඔවුන් බොහෝ අවස්ථාවල සාමාන්‍යය වැසියන් තම අණසක යටතේ බලහත්කාරයෙන් තබාගෙන සිටින බවත් සාමාන්‍යය වැසියන්හට හිතුමතේ එහෙ මෙහෙ යාමට ඒමට කිසිදු ඉඩක් නොදුන් බවත් හැම තැනකම කොටි සටන් කරුවන් අතර සාමන්‍යය වැසියන් සමුහ වශයෙන් නවතාගෙන සිටි බවත් ඔහු පැවසු බව තානාපති වරයා වාර්තා කර ඇත.
කොටි අණ දෙන්නන්ගේ අදහස වුයේ සාමාන්‍යය වැසියන් සහ සටන් කරුවන් අතර පැහැදිලි වෙනසක් නොපෙනෙන ආකාරයට කටයුතු කිරීම ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රයෝජනවත් විය හැකි බවද යුද්ධයේ අවසන් කාල වකවානුවේ එල් ටී ටී ඊ සටන්කරුවන් බොහෝදෙනා සිවිල් ඇදුමින් සැරසී සිටින්නට පියවර ගෙන තිබුනේ මෙහෙතුවෙන් වියයුතු බවද මයියෝ පවසා තිබුණි.
මේ නිසා එල් ටී ටී ඊ නායකයින් සිවිල් ජනතාව " මිනිස් පලිහක්" ලෙසට පාවිච්චි කිරීම ආරම්භ කරන ලද්දේ කොයි දවසේ සිටද කියා නිගමනය කිරීම අපහසු වූ බවද ඔහු කියා ඇත.
මෙම තොරතුරු ඒ කාලයේදීම ඇමෙරි බලධාරීන් විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයටද සපයා ඇත.
පසුගියදා බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව විකාශනය කළ වැඩසටහනේ වැඩි කොටසක් වෙන්කර තිබුනේ ශ්‍රී ලංකා රජයේ හමුදාවන් ආරෝග්‍ය ශාලාවන්ට පහරදුන් බව කීම සඳහාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්ස්ලම් ද සිල්වා, සිංහලයා එකතු වෙලා උද්ගෝෂණ කරලා රට බේරා ගනීවි .ඊට පස්සේ පැත්තක ඉදලා ඔයාලා රටේ කැල්ලක් ඉල්ලනකොට අපි මොකද කරන්නේ? (නි)
අද නුතන ලෝකේ ඇත්තට තැනක් නැහැ. ඕනෑ බොරුකරයෙකුට මොන බොරුවක් හරි අැත්තට කියලා පෙන්වන්න පුළුවන්. චැනල් 4 වැනි දේවල් පෙන්වන්න උදව් කරන අයත් ඒවා බලා අපේ රටට ගරහන අයත් එමටයි. නමුත් එක දේශපාලන කරන අයෙක්වත් සත්‍යයට ගරු කරන්නේ නැහැ. (නි)
අපේ අයට පෙන්නන්න තියෙන්නේ එල්.ටී.ටී.ඊ. හිටපු කාලේ එයාලා කළ වැඩ ගැන. චැනල් 4 එකේ අයට ඒවා පෙනෙන්නෙ නැද්ද? (නි)
මේ වාර්තා ඉංග්‍රීසියෙන් පළකර සමුළුවට ඇවිත් අපිට චෝදනා දාන්න හදන අයට පෙන්නලා ඒ අයගෙන් අහන්න ඕනේ ඇයි ඒවාට නිකම් බලන් හිටියේ කියලා? ඒ කාලේදී සාමකාමී පෙළපාලි ගිහින් මේවා අහන්න මිනිස්සු සංවිධානය වෙන්න ඕනේ. අපේ අර ඇමති තුමාට හොඳ වෙලාව. කැනඩාවෙන් ඉන්දියාවෙන් එහෙම එන්න බයවෙලා ඉන්නේ අපේ ආණ්ඩුව මේවා අහයි විදේශ මාධ්‍ය ඉස්සරහ එතකොට ඔක්කොමලගේ හැටිත් බොරුත් එලිවෙනවානේ? මෙච්චර වියදම් කරන මේ අවස්ථාවෙන් ලැබෙන හැම තැනකදීම ඒ ප්‍රයෝජනේ ගන්න හැම දෙනෙක්ම උත්සාහ කරන්න. දැනටම මැරිච්ච ගැනු කෙනෙක්ගේ නම අල්ලගන විරෝධතා කරන්න ජාති දෙකේම රටට ආදරයක් නැති බටහිර සල්ලි වලට තමන්ගේ ආත්මය විකුනපු මේ මිනිස්සු ලෑස්ති වෙනවා. (ස)
අපේ අයට ප්‍රයෝජනයක් ගන්නවා නම් මේකත් ඇති. ඒත් මම හිතන්නේ නෑ වැඩක් ගනී කියලා. (ස)
සම්පත්, නියමය් ඔයාගේ කියමන්. ඔය මිනිහට (ද සිල්වා) බොහොම අමාරුවක් තියෙනවා බලසේනාව ගැන. මම සම්පුර්ණයෙන්ම එකග වෙනවා ඔබ සමග. ස්තුතියි ඔබට. (නි)
ෆස්රුල්, ගොඩක් අයට නොපෙනෙන, නමුත් මහා සත්‍යයක් ඔයා දැකලා. ඔයා හරි. බටහිර බලන්නේ දැන් කොහොම හරි රට ඇතුලෙන් ලොකු කලබලයක් ඇති කරලා එයාලගේ වුවමනා ඉටු කර ගන්න. අපේ පැත්තෙන් මේ අභියෝගෙට මූණ දෙන්න බැරි අපේ ජනතාවගේ සමගියක් නැතිකම නිසයි. සමගිය බලය වේ. අපේ මිනිස්සු මිත්‍රශීලි අවංකව රටට ආදරේ කරන ජනතාවක් වේවා! (නි)
ඔන්න හාමුදුරුවරුන්ට පාරට බහින්න ඕනෑ වෙලාව. ඇමරිකාව මේවා දැන දැනත් අපිට විරුද්ධව බොරු චෝදනා ගෙනාවට. ආගම් වලට ජාතිවලට විරුද්ධව පාරට බහින එක නවත්තලා මේවට පාරට බැහැලා විරුද්ධ වෙන්න ඕනෑ.එස් මහින්ද හිමිව අාදර්ශයට ගන්න (නි)
කවුරු මොනවා කිවුවත් අපේ රටට විරුද්ධව විවිධ කුමන්ත්‍රණ සිදුවෙලා හා සිදුවෙමින් තිබෙනවා. විශේෂයෙන් ඇමෙරිකාව නොයෙක් නොයෙක් නවීන පන්නයේ උපක්‍රම භාවිත කරන්න ඉදිරිපත්වෙන ජාතියක්. ඒ සදහා ආගමික/ජාතික නායකයින් අවියක් ලෙස භාවිතා කරන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල් අස්ථාවර කිරීමට ඔවුන් මේ වගේ උපක්‍රම භාවිතා කළා. එරට ජාතීන් ලවා එම රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණ. මගේ අදහස නම් අපේ රටේ සිදුවෙන සිදුවීම් සියල්ල සැළකිල්ලට ගෙන අපේ මාතෘ භූමියට අපෙන් විය යුතු වගකීම කුමක්ද කියන එක වටහා ගැනීමයි. ආගම් භේද ජාතිභේද තුරන් කරන ලාංකිකයන් හැටියට සියලු කුමන්ත්‍රණ පරාජය කිරීමයි. (නි)
මේවාට විරුද්ධව අපේ ප්‍රතිචාරය දක්වා යුද ජයග්‍රහණය ලැබ තිබෙනවා. මේ ගැන ක්‍රියා කරන්න ඇමරිකාව මොකටද, අපේ අධිකරණය තිබෙන්නේ ඒ සඳහායි. වැරදි කරුවන් සොයා දඩුවම් දෙමු. (ස)
මේවා සිදුවුණා බව මුළු ලෝකයම දන්නවා. එහෙත් ඔවුන්ට ඕනේ වුනේ යුද්ධය නිම කරන්නට නොවේ. දිගටම ගෙන ගොස් රට බෙදා වෙන්කර ඊළම දෙන්න. එල්.ටී.ටී.ඊ ත්‍රස්තයන් සටන් කරපු ආයුධ සහ අධි තාක්ෂණ උපකරණ ඔක්කොම බටහිර රටවලින් සපයපුවා. යුද්ධය අවසාන දිනවල මිලිබෑන්ඩ් සහ බෙර්නාර්ඩ් කුෂ්නර් පැමිණ යුද්ධය නතර කරන්නට බල කරා. එහෙත් රජය කාටවත් කන් නොදී යුද්ධය නිම කළා. එම නිසා එහි පලිය ගැනිමට තමා මේ සියල්ල. එංගලන්තයේ චැනල් 4 අයිතිකරු තවමත් එම කටයුතු ලංකාවට විරුද්ධව මෙහෙයවනවා. එම අතර අපේ සිංහලන් කිහිප දෙනෙක්ද මේවාට උදව් කරනවා. සමහර බංකොලොත් දේශපාලන පක්ෂ සමඟ. බරහිර රටවල් අපට වඩා බලගතු නිසාත් බොහෝ මුදල් වැය කරන නිසාත් අපට නිහඩව අපේ කටයුතු කරගෙන යාමට සිදුව තිබේ. (ස)
දේ සිල්වා ඔයාටත් පුළුවන්නේ පාරට බහින්න. ඔයගොල්ලෝ වෙන රටක කට්ටියද? (ස)
සිංහල අනාථයන්ට තාම ආපහු යන්න හදල දීල නැහැ කියලා ඒ මිනිස්සු වෙනුවෙන් කතා කරන අය මේ වෙලාවේ ලෝකෙම දැනුවත් කරන්න. සුළු ජාතීන්ට මේ රටේ තරම් සලකන (හේතුව ?) රටක් ලෝකෙම නැහැ. පකිස්තානේ, ඉරාක් වල එහෙම ඇමරිකාවයි එංගලන්තෙයි නිසා අනාත වුන ලක්ෂ ගණන් තාම පාරේ. මරපු ගාන දන්නෙත් නැහැ. මේ රටේ මහ ජාතියේ ඉවසීමට (නොතැකීම) නින්දා දරා ගත්තාට දැන්වත් ප්‍රතිපල තියෙන්න ඕනේ. සාමකාමිව වැදගත් විදියට ඇත්ත පෙන්නලා පිලිතුරු දෙන්න වටහල දෙන්න ලෑස්ති වෙන්න. මේ වෙලාවේ රටට වින කරන මිනිස්සු සිවුරු දාගන ඇවිත් බෞද්ධයන්ට නරක නමක් දෙන්න කලබල කරන්න හදන්නත් පුළුවන්.. ඒ නිසා හොඳට ඇස් කන් ඇරගෙන ඉන්න. අපේ රටට ජාතියට තියෙන අනතුරු වටහා ගෙන කරන විරෝධතා සැලසුම් කරන්න ඕනේ. හාමුදුරුවරු හැමදේම කරයි කියලා බලන් ඉන්න එක වැරදියි. මේවට ඉස්සරහට එන්න ඕනේ කාලගුණ දන්නා මිනිස්සුයි. මරන් කන්න එයාලා හදන විකිලීක්ස් මහත්තයට තුණු රුවන්ගේ පිහිටයි. (ස)
ආනන්දසාගරී කියල තිබුනා එයාට මහනායක හිමිවරු දුන්න තෑගි ගැන යාළුකම් ගැන.. හාමුදුරුවරු 'ජාති' වලට විරුද්ධ වෙලා නැහැ. නමුත් සමහර හාමුදුරුවරු සිංහල බෞද්ධ මිනිස්සුන්ට වෙන දේ ගැන කතා කරනවා. සමහර කොටසක් සිවුරු දාගන ධර්මේ විකෘති කරනවා.? පෙළපාලි යනවා දේශපාලන පක්ෂවලට. මේ සේරම එක විදියට හඳුන්වන්න එපා. ජාතික ප්‍රශ්නෙකදී අනිත් අයට ඇඟිලි දික් කර කර ඉන්න එපා. සමගි වෙන්න. එතනයි බලේ තියෙන්නේ. (ස)
සම්පත් අපි පාරට බහිනවා ලංකාවේ හිටිය නම් අපි මෙහෙ ඉඳගෙන අපේ රට ගැන හරිදේ කියල දෙනවා වැරදිදේ කියන අයට.අපි රටට විදේශ විනිමය උපයන්න 100 ගානක් අපේ රටේ අයට මෙහෙ රැකියාව හොයල දීලා තියෙනවා. රටට මොනවා හරි කලා කියල අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ඔයා මොනවද කරලා තියෙන්නේ. (ස)
ඉන්දික, ඔබ කියනවා වගේ අපේ කට්ටියට මොලය කියල දෙයක් තියෙනවා නම් මේවයින් ප්‍රයෝජන අරන් අපට මඩ ගහන / ගහපු අයට උත්තර දෙන්න පුළුවන්. ඒත් මෙතෙක් එහෙම උපාය ශීලිත්වයක් මම නම් දකල නැහැ. (ශවේන්ද්‍ර සිල්වා කල දෙයක් හැර) (ස)
මොනවද මේ කරන්නේ? දැනටම උතුර ඉන්දියාවට දීලා වගේ. කාගේ නියෝගද ඒවා? ඒ අතරේම කියනවා දකුණේත් බලය අල්ලනවා කියලා. ජාතික සමගියක් ඕනෑ නම් මේ රට බෙදීම නවත්තලා එකතු කරන්න ඕනෑ (නි)
' විකිලීක්ස්' මහත්තයා නිසානේ අපි මේවා දැනගන්නේ. එයාත් රුසියාවට ගිහින් ඉන්න එක් කෙනාත් කරන්නේ ලෝකෙට සේවයක්. අධිරාජ්‍ය වාදය වෙන විදියකට අද ක්‍රියාත්මක වෙන හැටි ජීවිතේ ගැනත් නොතකා හෙළි කලේ ඒ දෙන්නනේ. (ස)