IMG-LOGO

කෝටි 4ක විදෙස් මුදල් රේගුවෙන් පන්නන්න බැරිවෙයි

(ටී.කේ.ජී.කපිල )

රුපියල් හාර කෝටි අට ලක්ෂ හතලිස් දහස් අටසිය අසූ හතරයි ශත තිහක් වටිනා විදේශ මුදල් තොගයක් සිය ගමන් මල්ලේ සගවා ගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද(05 )  අලුයම කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු 45 හැවිරිදි ඉන්දීය ජාතික ව්‍යාපාරිකයෙකු වන අතර ව්‍යාපාරික කටයුතු සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ .

මොහු අද (05)  අලුයම 02.30 ට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව යන ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 1208 දරණ ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

 ඔහු කටුනායක ගුවන් තොටුපළ සංක්‍රමණික ගුවන් මගී පර්යන්තයේ වූ වැසිකිළියක් තුළට , කෙටි කාළසීමාවක් තුළ කීප වාරයක් ම ගොස් පැමිණීම නිසා මෙම ගුවන් මගියා සහ ඔහු රැගෙන පැමිණි ගමන් බෑගය ද සමග ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරී බාරයට ගෙන ඇත.

එහිදී ඔහු රැගෙන විත් තිබූ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී , ඒ තුළ සගවා ගෙන තිබූ කැනේඩියානු ඩොලර් 117,000 ක් සහ යූරෝ 19,000 ක් සොයා ගැනීමට සමත් වී තිබුණි .

පසුව මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන විත් තිබූ විදේශ මුදල් තොගය භාර දී තිබේ .

 



අදහස් (4)

කෝටි 4ක විදෙස් මුදල් රේගුවෙන් පන්නන්න බැරිවෙයි

swiss Sunday, 05 June 2022 05:59 PM

කුඩු ගේනවා... බඩු ගෙනියනවා.... අල්ලනවා .... බාර දෙනවා..! ඉන්දියානුවෝ රටට ඇතුල් වෙන්නෙත් ඔතැනින්ම නේද?

:       0       0

Mohan Sunday, 05 June 2022 06:53 PM

නාගානන්ද මහත්තයා මේ ගැන මේ ලඟදි කිව්වා ලංකාවේ විදේශ මුදල් නැති වෙන්නේ ඒවා බෑග් වලින් ගුවන් තොටුපොළ හරහා ගෙනියනවා කියලා.

:       0       1

මීරා මොහිදීන් Sunday, 05 June 2022 10:24 PM

කස්ටම් නිලධාරීන් ට වටිනාකමෙන් 1/3 ක් ලැබෙනවා. ආරක්ෂක නිලධාරීන් ට හුලං.

:       0       0

arschfikaa Monday, 06 June 2022 02:04 AM

මම මෙම ගුවන්මගියා ගැන අතිශයින්ම කණගාටුවෙමි. කාරණය මේ තාක්කඩි හොර සුරුට්ටු සිංහලයන්ට මේ තරම් විශාල තොගයක් දුන්න නිසා.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 374 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site