(ගයාන් සූරියආරච්චි)

එඩේරමුල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ගබඩා මධ්‍යස්ථානයක් වටලා රුපියල් කෝටි 4 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමග සැකකරුවකු අද (26) අත්අඩංගුවට ගත් බව එඩේරමුල්ල පොලිසිය පවසයි.

දැනට ඩුබායි රාජ්‍ය යේ සැගව සිටින මත්ද්‍රව්‍ය හා සංවිධානත්මක අපරාධකරුවකුගේ උපදෙස් මත මෙම සැකකරු මත්ද්‍රව්‍ය ගබඩා මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් ඇති අතර ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට තොග වශයෙන් බෙදා හැර ඇති බව පොලිසිය පවසයි.

කැලණිය දිස්ත්‍රික් II පොලිස් අධිකාරී ප්‍රසාද් සුබසිංහ මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ දූෂණ මර්ධන නිලධාරීන් කණ්ඩායමක්  දීර්ඝකාලයක් තිස්සේ කළ විමර්ශනවලින් අනතුරුව සැකකරු සහ මත්කුඩු තොගය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු එඩේරමුල්ල ප්‍ර දේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වි ඇත්තේ එම මත්ද්‍රව්‍ය දැනට ඩුබායි හි සිට මෙරට මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවනු ලබන පුද්ගලයකුට අයත් බවය.