(එම්.සුසිල් පියන්ත)

රුපියල් කෝටි පනහක් පමණ වටිනා මත් කුඩු සහ අයිස් තොගයක් සහ මිලි මීටර් නවයේ පිස්තෝලයට දමන පතුරම් හැටක් සමග සැකකරුවන් සිව් දෙනකු අහුන්ගල්ල සහ අම්බලන්ගොඩදී අත් අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.

මේ සැකකරුවන් සන්තකයේ තිබී මත් කුඩු කිලෝග්‍රෑම් දහතුනක් සහ අයිස් කිලෝග්‍රෑම් දාහතරක් සොයා ගත් බවත් මේවායේ වීදි වටිනා කම රුපියල් කෝටි නමයක් පමණ බවත් පොලීසිය කියයි.රුපියල් කෝටි පහළවක් පමණ වටිනා මත් කුඩු තොගයක් සහ රුපියල් කෝටි පහක් පමණ වටිනා අයිස් තොගයක් සොයා ගත් බව ද පොලීසිය කියයි.

 සැකකරුවන් අතර සිව් දරු මවක් සිටින බවද පොලීසිය කියයි.