
(යොහාන් භාසුර)
රුපියල් කෝටි 18 කට ආසන්න වටිනාකමින් යුත් රත්තරන් කිලෝ 8 කට ආසන්න ප්‍රමාණයක් සමග ශ්‍රී ලංකන් කේටරින් සේවකයකු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
කිලෝ 7 යි ග්‍රෑම් 700ක එම රත්තරන් තොගයට රන් බිස්කට් 66ක් ඇතුළත්ව තිබූ බවත් එම රත්තරන් තොගයේ වටිනාකම රුපියල් මිලියන176 ලෙස තක්සේරු කර ඇති බවත් ඒ මහතා කීය.
අත්අඩංගුවට පත්ව සිටින සැකකරු වයස අවුරුදු 35 ක පුද්ගලයකු වන අතර රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ශ්‍රී ලන්කන් කිව්වොත් හොරුම තමයි.අපේ ආදිම මුත්තා විජය කුමාරයාගේ ඉඳලා වත්මන් ජනාධිපති දක්වාම හොරුනේ.කාටද ආඩම්බර ? මේ කස්ටම් කාරයෝ අපේ ඉතිහාසේ දන්නේ නැහැනේ.