(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි 15 කට වඩා අධික වටිනාකමකින් යූත් රත්තරන් කිලෝ ග්‍රෑම් 20 ක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද (31) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම ඉන්දීය ජාතිකයා අද (31) ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි
ඉන්දීය ජාතිකයා සිය සිරුරේ පිටපස සහ උදර ප්‍රදේශයේ කිලෝ ග්‍රෑම් 01 බැගින් වූ රත්තරන් කුට්ටි 20 ක් සඟවා ගෙන සිටි බව පොලීසිය සඳහන් කළේය.
සැකකාර ඉන්දීය ජාතිකයා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්තරන් තොගය වැඩිදුර පරීක්ෂණ සදහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් බාරයට පත් කර තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම රාජ සන්තකයි නේද? හොරවදක් කිරීමට හොඳ බුද්ධියක් තිබෙන්න ඕනේ.