(ඩි.ජී.සුගතපාල)
 

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල නායකයකු වන  කංජිපානි ඉම්රාන් ගේ පියා ඇතුළු  පුද්ගලයින් 6 දෙනා තව දුරටත් ලබන මස 9 වැනි දින   දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද  (25))නියෝග කළේය.
 

බන්ධනාගාරයේදී  කංජිපානි ඉම්රාන්ට   කෑම බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් දිමට තැත්කිරිම සම්බන්ධයෙන්  ඔවුන් අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
කංජිපානි ඉම්රාන්ගේ පියාවන මොහොමඩ් ඉම්රාන් මොහොමඩ් නසීම්(65)සද්ධර්ම මාවත කොළඹ 10,මොහොමඩ් නසිම් අබ්දුල් ෆාසිස්(28 ) .මොහොමඩ් කුකුබ්දින් මොහොමඩ් වසිම්දීන්(28)  , මොහොමඩ් ඉස්තිකාර් මොහොමඩ් සෆ්රාස්(23) මොහොමඩ් ඉල්හාම් මොහොමඩ් අෆ්රිඩින් (28 ) මොහොමඩ් සරූක් මොහොමඩ් ෆායිස් යන සැකකරුවන් හය දෙනා මෙලෙස නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
   
කංජිපානි ඉම්රාන් ගංජා ලඟ තබා ගැනිමේ චෝදනාවට වරදකරුවි  කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත  වසර හයක සිර දඩුවම් නියම කොට  සිටින විත්තිකරුවෙකි.