වසර කිහිපයකට පෙර පස්යාලේ සිට වරකාපොල දක්වා නුවර පාරේ ගමන් ගන්නා විට කජුගම කා අතරත් අවධානය දිනාගත් ප්‍රසිද්ධ ග්‍රාමයකි. කුඩා කුටිවල සිට නුවර පාර අයිනේ කජු විකිනු සුන්දර ලලනාවන් අද එහි නොමැත. ගරා වැටුණු කුටිවල සිට ජිවන අරගලය උදෙසා කජු පැකට්ටුවක් විකිනීමට වෙර දරන මැදිවියේ කාන්තාවන් එහි දක්නට ඇත. කජු ගමේ නවතම තොරතුරු සොයා පසුගියදා එසැණ එහි ගියවිට තවත් අපුරු තොරතුරක් අපට දැනගන්නට ලැබුණි. අගේ නම මැයිනෝනාය. වයස අවුරුදු 90කි. නුවර පාර දෙපස කජු වෙළදාමේ යෙදුනු මුල් අය අතරින් මේ වනවිට ජීවත්ව සිටිනා එකම තැනැත්තිය ඇයැයි. එදා දවස ගැන ඇය අප සමග මෙසේ කීවාය.
‘මමයි තව ගැනු ළමයි පස් දෙනෙක් කජු විකුනන්න පටන් ගත්තා. ඒ කාලේ අද වගේ නෙමෙයි. පාර අයිනේ හිටියට අත වන්නේ නැහැ. බඩ පෙන්න අදින්නෙත් නැහැ. මම මේ ළමයිට කියන්නෙත් එහෙම අදින්න එපා කියලයි. මම කියන දේ මේ ළමයි අහනවා. මට ගොඩක් ගරු කරනවා. ඒ දවස්වල ගැනු ළමයි විතරයි කජු වික්කේ. දැන් පිරිමි අයත් විකුණනවනේ. සුදු මහත්තුරු ලෝබ නැතිව කජු ගන්නවා. දැන් එන සුදු මහත්තුරු කුණු ලෝබයෝ කියලයි ළමයි කියන්නේ. ඒ දවස්වල ආවා පන්ජාබ් කියලා ජාතියක් එයාලා ගෑණු ළමයිට හරියට කරදර කරනවා. අපි එයාලගෙන් බේරිලා තමයි කජු වික්කේ. අපිට කජු විකුණන්න රජයෙන් නොමිලේ කුඩ දුන්නා. හැබැයි දැන් මේ ළමයින්ට රජයෙන් කිසිම දෙයක් දෙන්නේ නැහැ. මේ ළමයින්ට ගොඩක් අඩුපාඩු තියෙනවා. මට ගොඩක් දුකයි‘
අප සමග ඉතා අපහසුවෙන් කතා කළ මැයිනෝනා මාතාව එසේ කීවාය. කජු ගමේ කජු විකුණන මිනිසුන් තමන්ගේ ගැටළු ගැන එසැණ සමග කිව් දේ ඉදිරි දිනකදී බලාපොරොත්තු වන්න.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මේ, ඔබට නිරෝගී සුවය පතමි! (නි)
ආර්. ප්‍රේමදාස මහත්තයාගේ කාලයේ කජුගම පාරෙන් ඇතුළට කරලා හැදුව එකෙන් ඔවුන්ට ව්‍යාපාර අඩුවුණා. (නි)
මේ අම්මාට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ඔබට දීර්ඝායුෂ පතනවා අම්මේ! (නි)
විකුම් හරි. එනිසා තමයි කජුගමට කණකොකා අඬන්න පටන් ගත්තේ (නි)
විකුම්, පිටිගල, එතුමා එදා කළේ මෙයාලට උදව්වක්. නමුත් කෙළින් නුවර පාරේ යන මිනිස්සු ගොඩාක් මේ ඇතුළට එන්න අකමැතියි. ඒ වගේ නොවෙයි ,මතකද ඔය කෙළින් පාරේ කජු වෙළාඳාමේදී වුණ රිය අනතුරු ගැන? (නි)
මේ අම්මාට දීර්ඝායුෂ ලැබේවා! (නි)