කාංචනමාලා මහවිතාන කියන්නෙ අපේ සංගීත ක්‍ෂේත්‍රයේ වගේම රංගන ක්‍ෂේත්‍රයේද දස්කම් පාන ජනප්‍රිය කලා ශිල්පිනියක්. පහුගිය දවසක "අඟුරු සිත්තම්" ටෙලිනාට්‍යයේ ඇගේ රඟපෑමට රයිගම් ජූරි සම්මානයකුත් ලැබුණා. ඒ ගැන එයා හිටියෙ සතුටින්. ඒත් ඒ සතුටට වැඩි ආයුෂක් තිබුණෙ නැහැ.
සම්මානෙ අරං ගෙදර ආපු පහුවදාම කාංචනමාලාගේ ගෙදර බල්ලා එයාව හපා කාලා. එක කකුලක් නම් බැරියැ, කකුල් දෙකම කාලා. ක්‍ෂේත්‍රයේ කට්ටිය නම් ඒ සම්බන්ධයෙන් කතා ගොඩාක් කිව්වට ඒවා අපට අදාළත් නෑ බලං ගියාම. සමහරු කියනවා මෙයා බල්ලට දවස් ගාණක් මස් කන්න දුන්නේ නැති නිසාලු එහෙම වුණේ.
රයිගම් සම්මාන උළෙලට සහභාගි වෙන්න මෙයා ඇඳුමක් හදාගන්න සෑහෙන්න මහන්සි වුණාලු. රුකියාව කරන ගමන් කාලෙ හොයාගන්නවා කියන්නෙත් ලේසි පහසු වැඩක් නෙවෙයිනෙ. කොහොම හරි ඒ නිසා බල්ලගෙ ආහාර පාන ගැන හොයන්න වැඩි වෙලාවක් තිබුණෙ නෑ කියලයි කට්ටියක් කියන්නෙ.
ඒත් අපි දන්න කාංචනමාලා නම් ඕනෙම දේකට කැපවෙලා, මහන්සිවෙලා ඒ සඳහා සැලැස්මක් අනුව කාලෙ හොයාගන්න කෙනෙක්. මේ සිද්ධියෙන් පස්සෙ අපට බල්ලා ගැන තොරතුරක් නම් තාම ලැබුණෙ නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd