IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුච්චුවේලි සිද්ධිය ගැන නාවික හමුදාව කරුණු පැහැදිලි කරයි

(ගයාන් සූරියආරච්චි)

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, කුච්චුවේලි මුහුදු තීරයේ නීති විරෝධී දැල් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවර බෝට්ටුවක් අත්අඩංගුවට ගෙන ගොඩබිමට රැගෙන එමින් සිටියදී සංවිධාත්මක බෝට්ටු 3 කින් පැමිණි 30 දෙනකුගෙන් යුත් ධීවරයන් පිරිසක් නාවික හමුදා නිලධාරීන්ට පහරදීමට යාමේදී කළ වෙඩි තැබීමකදී එක් ධීවරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නාවික හමුදාව පවසයි.

තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ පිට ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් ඔහුගේ තත්ත්වය එතරම් බලපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග  පවසයි.

එම සංවිධානාත්මක ධීවර කණ්ඩායමෙන් පහර කෑමට ලක්වූ නාවික හමුදා නිලධාරීන් දෙදෙනකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාව ලංකාපටුන, නිලාවේලි ඇතුළු උතුරු මුහුදේ සිදුකළ මෙහෙයුම්වලදී නීති විරෝධී දැල් භාවිත කර ධීවර කටයුතු යෙදුණු බෝට්ටු 11 ක් සහ පුද්ගලයන් 48 ක් ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබුණි.



අදහස් (2)

කුච්චුවේලි සිද්ධිය ගැන නාවික හමුදාව කරුණු පැහැදිලි කරයි

මාලිමාගැත්තා Wednesday, 04 June 2025 08:03 PM

ත්‍රස්තවාදීයාත් නීත්‍යනුකූල හමුදා නිලධාරියාත් නොහඳුනන මංවැනි ජාතකේ විකෘතිතා ඇතිවුන් මේ රටේ නැති එක හොඳයි. ඹවුන් සිටියා නම් ත්‍රස්තවාදීන් හෝ වෙනත් අන්තවාදී කණ්ඩායම් බඩපිනුම් ගසන්නට පෙළඹෙනු ඇත. සාමය රැක ගැනීම උදෙසා මේ අන්තවාදී කණ්ඩායම් ගරු නාවික හමුදාව සමඟ සටන් වැදී ඇත. දැන් දැන් උතුරු නැගෙනහිර අලුත් සෙල්ලම් එළිදැක්වෙනු ඇත. ඊට හේතුව මං වැනි නිවටයින් සිටිනා වග ඔවුන් දන්නා බැවිනි.

:       0       0

Sda Wednesday, 04 June 2025 10:12 PM

කලින් තිබ්බා වගේ, යන්න කලින් චෙක් කරලා යවන්න තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site