IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කිංග්ස් XI පංජාබ් කඩුලූ 8 කින් මැතිව්ස්ගේ පූනේ පිල පරදවයි

ඉන්දීය ප‍්‍රධාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 6 වැනි තරගය ලෙස පූනේහිදී අද (07) පැවැති තරගයේදී  ඕස්ටේ‍්‍රලියානු හිටපු ප‍්‍රවේගකාරි පිතිකරු ඇඩම් ගිල්ක‍්‍රිස්ට් මෙහෙයවූ කිංග්ස් XI පංජාබ් පිල කඩුලූ 8 කින් ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවූ පූනේ වෝරියස් පිල පරාජය කිරීමට සමත් විය. 

පළමුව පන්දුවට පහර දුන් පූනේ පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 4 කදී හතරේ පහරක් සමගින් ලකුණු 4 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

පූනේ පිල නියෝජනය කරන ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක‍්‍රීඩක යුවරාජ් සිං පිට කොන්දේ ආබාධයකට ලක්වීම නිසා මෙම තරගයෙන් ඉවත්ව සිටියේය.

පූනේ වෝරියස් පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 99

(රොබින් උත්තප්පා 19, රෝස් ටේලර් 15, අභිෂේක් නයාර් නොදැවී 25, මිචෙල් මාෂ් 15, ප‍්‍රවීන් කුමාර් 31/2, අෂාර් මහ්මූඞ් 19/2)

කිංග්ස් XI පංජාබ් පිල  ඕවර 12.2 කදී කඩුලූ 2 ට 100

(ඇඩම් ගිල්ක‍්‍රිස්ට් 15, මන්දීප් සිං 31, මනාන් වෝරා නොදැවී 43)

 



අදහස් (0)

කිංග්ස් XI පංජාබ් කඩුලූ 8 කින් මැතිව්ස්ගේ පූනේ පිල පරදවයි

රොමේෂ් Tuesday, 09 April 2013 10:17 AM

වෙලාවට වැඩ පෙන්නයි... කට්ටිය කලබල නොවී ඉන්න... 100 ගහල වැඩක් නැ. තරගය දිනන්න ඕනේ... එහෙම කීයක් දිනවල දුන්නද ... කට්ටියට අමතකයි... ඇන්ජෙලෝ වෙලාවට වැඩ පෙන්නන කෙනෙක්... නියම නායකයෙක්..(ස).

:       0       0

බුද්ධික Sunday, 07 April 2013 05:24 PM

ඊ ලග තරගෙදීවත් වැඩ දාමු. (නදී)

:       0       0

යොහාන් Sunday, 07 April 2013 05:53 PM

දැනට අපේ අය නායකත්වය දරපු තරංග සියල්ලම පරාදයි. සංගක්කාරගේ කණ්ඩායම නම් දිනුවා. මේ අයට තියෙන්නේ චකිතය. (නි)

:       0       0

අවිනාශ් Sunday, 07 April 2013 06:12 PM

මෙයා ලංකාවේ නායකයා කරපු කට්ටියට අඩන්න වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

අවිනාෂ් Sunday, 07 April 2013 06:04 PM

මෙයා ලංකාවේ නායකයා කරපු කට්ටියට අඩන්න වෙන්නේ මොකද එක්දින සතකයක් ගහල නැති ලෝකේ එකම නායකයා.(නදී)

:       0       0

හිරූ Sunday, 07 April 2013 06:46 PM

පව් වැඩේනේද?

:       0       0

ෂනිත් Sunday, 07 April 2013 07:35 PM

ඔහොම තමය මතෙව්ස් කලබල නොවී ඉමු.(නදී)

:       0       0

ලක්මාල් Monday, 08 April 2013 10:18 AM

මැතිව්ස්ගේ ස්ථානය 05. එහෙම ඇවිල්ලා ශතකයක් ගහන්නේ අමාරුයි. 50 ගහලා කොච්චර මැච් ගොඩදාලා තියෙනවාද. කට්ටියට අමාරු මෙයාගේ ආගම.(නදී)

:       0       0

තත්සරණි Monday, 08 April 2013 04:04 PM

ඇන්ජෙලෝට මුකුත් කියන්න එපා. එයා අපේ නායකයා ලක්මාල් ගේ අදහසට මාත් එකගයි. අපේ කොල්ලන්ට මුකුත් කියන්න එපා. එයාල රට වෙනුවෙන් කරපුවා දැන් දැන් කට්ටියට මතක නෑ.(නදී)

:       0       0

තත්සරණි Monday, 08 April 2013 04:06 PM

ආගම් බේද අපිට වැඩක් නෑ. රට වෙනුවෙන් වැඩක් කරලා සල්ලි හම්බ කරන එක හරි. සමහරු නිකන් ඉදල සල්ලි හම්බ කරන්නේ.(නදී)

:       0       0

කමල් Monday, 08 April 2013 11:38 AM

ඔයා පව් අවිනාශ්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 824 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site