ඉන්දීය ප‍්‍රධාන විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 6 වැනි තරගය ලෙස පූනේහිදී අද (07) පැවැති තරගයේදී ඕස්ටේ‍්‍රලියානු හිටපු ප‍්‍රවේගකාරි පිතිකරු ඇඩම් ගිල්ක‍්‍රිස්ට් මෙහෙයවූ කිංග්ස් XI පංජාබ් පිල කඩුලූ 8 කින් ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවූ පූනේ වෝරියස් පිල පරාජය කිරීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් පූනේ පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 4 කදී හතරේ පහරක් සමගින් ලකුණු 4 ක් ලබා සිටියදී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
පූනේ පිල නියෝජනය කරන ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක‍්‍රීඩක යුවරාජ් සිං පිට කොන්දේ ආබාධයකට ලක්වීම නිසා මෙම තරගයෙන් ඉවත්ව සිටියේය.
පූනේ වෝරියස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 99
(රොබින් උත්තප්පා 19, රෝස් ටේලර් 15, අභිෂේක් නයාර් නොදැවී 25, මිචෙල් මාෂ් 15, ප‍්‍රවීන් කුමාර් 31/2, අෂාර් මහ්මූඞ් 19/2)
කිංග්ස් XI පංජාබ් පිල ඕවර 12.2 කදී කඩුලූ 2 ට 100
(ඇඩම් ගිල්ක‍්‍රිස්ට් 15, මන්දීප් සිං 31, මනාන් වෝරා නොදැවී 43)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාවට වැඩ පෙන්නයි... කට්ටිය කලබල නොවී ඉන්න... 100 ගහල වැඩක් නැ. තරගය දිනන්න ඕනේ... එහෙම කීයක් දිනවල දුන්නද ... කට්ටියට අමතකයි... ඇන්ජෙලෝ වෙලාවට වැඩ පෙන්නන කෙනෙක්... නියම නායකයෙක්..(ස).
ඊ ලග තරගෙදීවත් වැඩ දාමු. (නදී)
දැනට අපේ අය නායකත්වය දරපු තරංග සියල්ලම පරාදයි. සංගක්කාරගේ කණ්ඩායම නම් දිනුවා. මේ අයට තියෙන්නේ චකිතය. (නි)
මෙයා ලංකාවේ නායකයා කරපු කට්ටියට අඩන්න වෙයිද දන්නෙ නැහැ. (නි)
මෙයා ලංකාවේ නායකයා කරපු කට්ටියට අඩන්න වෙන්නේ මොකද එක්දින සතකයක් ගහල නැති ලෝකේ එකම නායකයා.(නදී)
පව් වැඩේනේද?
ඔහොම තමය මතෙව්ස් කලබල නොවී ඉමු.(නදී)
මැතිව්ස්ගේ ස්ථානය 05. එහෙම ඇවිල්ලා ශතකයක් ගහන්නේ අමාරුයි. 50 ගහලා කොච්චර මැච් ගොඩදාලා තියෙනවාද. කට්ටියට අමාරු මෙයාගේ ආගම.(නදී)
ඇන්ජෙලෝට මුකුත් කියන්න එපා. එයා අපේ නායකයා ලක්මාල් ගේ අදහසට මාත් එකගයි. අපේ කොල්ලන්ට මුකුත් කියන්න එපා. එයාල රට වෙනුවෙන් කරපුවා දැන් දැන් කට්ටියට මතක නෑ.(නදී)
ආගම් බේද අපිට වැඩක් නෑ. රට වෙනුවෙන් වැඩක් කරලා සල්ලි හම්බ කරන එක හරි. සමහරු නිකන් ඉදල සල්ලි හම්බ කරන්නේ.(නදී)
ඔයා පව් අවිනාශ්.(නදී)