කෑගල්ල ඩිපෝවේ බස් සේවකයකුට ප්‍රාදේශීය දේශපාලඥයකු පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර තිබියදීත් නිසි ක්‍රියාමාර්ග නොගත්තැයි රාත්‍රී සේවයේ නිරත කෑගල්ල පොලිසියේ පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් බස් සේවකයෝ දෙදිනක් පුරා වර්ජනය කළහ. ඔවුහු පාරේ ටයර් පුළුස්සමින් ද විරෝධය පෑහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳ තීරණයක් (නි)
තීරණය තවත් වඩා සාධාරණ වේවි ගහපු කෙනාවත් ඇතුළට දැම්මා නම්. (නි)
දැන් ඉස්සර වගේ පොලිසියට සෙල්ලම් දාන්න බැහැ. පොලිස් කොමිසමත් ඇහැගහගෙන ඉන්න හින්ද. මතකයිනේ උද්ඝෝෂණය කරපු කැම්පස් එකේ කෙල්ලන්ටයි කොල්ලන්ටයි ගහල වන්දි ගෙවන්නත් වුණා (බ)
හැමදේටම ඔහොම කරනවානම් හොඳයි (බ)
ගහපු කෙනා නිදහසේ, පොලිසිය හැමතැනින්ම තැලෙනවා.(ම)
ගහපු කෙනා ෂුවර් එකටම දේශපාලුවෙක් හරි ඒ පස්සෙන් ගිහින් කටු කන්නෙක්. (බ)