(ලසන්ත නිරෝෂණ පෙරේරා )
අධික වර්ෂාවත් සමඟ ඇතිවූ ආපදා තත්ත්වය නිසා කෑගල්ල දිස්ත්රික්කයේ පවුල් 200 ක් අවතැන් වී පුද්ගල මරණ දෙකක් වාර්තා වන බව කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා පැවසිය .
කෑගල්ල සහ ගලිගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයන්හී පස් කදු කඩා වැටිම් කිපයක් වාර්තා වි ඇතැයි දිස්ත්රික් ලේකම්වරයා පැවසිය .
ඊයේ රාත්රි ඇතිවු මහා වර්ෂාවෙන් ලේකම් කොට්ඨාසයේ ඉඹුල්ගස්දෙණිය ෆෙයාර්ෆීල්ඩ් ප්රදේශයේ අවුරුදු 48 ක පුද්ගලයෙක් කුඩාඔයේ ජල පහරක ගසාගෙන යාමෙන් මරණයට පත්ව ඇති අතර කෑගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල්දෙණිය ප්රදේශයේ නිවසකට පස් කන්දක් කඩා වැටී අවුරුදු 72 ක කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එමෙන්ම ඉදිරියේ දී ඇතිවන ආපදා තත්තවයන් සඳහා දිස්ත්රික්කයේ ප්රජාව පෙර සූදානමින් සිටීම මේ මොහොතේ අතිශය වැදගත් වන බව කෑගල්ල දිසාපති මහින්ද එස් වීරසූරිය මහතා පැවසිය .
කෑගල්ල හැලමඩ කුඩාඔය පිටාර ගැලිම නිසා පවුල් 30 ක් අවතැන්ව සිටි. එහි ගංවතුර තත්ත්වය අද (16) පස්වරුවේදිත් දක්නට තිබුණි
දිස්ත්රික් ලේකම්වරයා ආපදා සිදු වු ප්රදේශ කිපයක් නිරික්ෂණය කරන ලදි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබාදම් කුමරියගේ සුන්දර ගත දුටුව ... කව් සිත අපගෙ තිබුණේ හොඳහැටි තුටුව ... අපමණ සොඳුරු ඇය කල මේ තරවටුව ... ඉවසිය නොහැක කිසි විටකදී සිත් ඇතුව ...