කෑගල්ලේ පැවැති 66 වැනි නිදහස් උත්සවයේ වැඩ කටයුතු සඳහා කෑගල්ල නගර සභාව මගින් තාවකාලිකව තමාගෙන් ලබා ගත් සතිපොළ නගර සභාවෙන් නැවත තමන්ට නොදෙතියි පවසමින් කෑගල්ල සතිපොළ සංගමයේ නිලධාරීන් චෝදනා කළත් නගර සභාවෙන් එවැනි දෙයක් සිදු කර නැතතැයිද පොළ භූමිය සංවර්ධන වැඩ කටයුතු අවසන් වු පසු නැවත ඒ අවශ්‍ය කටයුතු සුදානම් කැර දීමට සුදානම් බව ද කෑගල්ල නගරාධිපති ජී කේ සමරසිංහ මහතා මහතා කියයි.
වෙළෙන්දන් පවසනුයේ නිදහස් උත්සවයට සමගාමීව ඉවත් කළ සතිපොළෙහි කඩ කාමර 105 ක් සති දෙකක් වසා දමා ඇති බවත් මේ හේතුවෙන් තොග වශයෙන් තමන්ගෙන් එළවළු මිලදී ගැනීමට එන වෙළෙන්දන් මෙන්ම එහි රැකියාව කරන සේවකයින්ගේ පටන් සියළු දෙනාම කබලෙන් ලිපට වැටී ඇති බවයි.
මේ පිළිබඳව විසඳුමක් අපේක්ෂාවෙන් තමන් අද ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශයට පැමිණ බව හා එහිදි බලධාරීන් හමු වී මේ පිළිබඳ පැවසු විට කියා ඇත්තේ බලධාරීන් හා සාකච්ඡා කැර දින හතරක් ඇතුලත විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම අවුල් ජාලයක් (දී)
කෑගල්ලට වෙල තියන දේ කියන්න බය නැති අය හිටිය එක ගැන සතුටුයි.ඒත් පරිස්සමින්. පාරවල් වහල , කඩවල් කඩල දාල ,පාර්කින් නැතිකරල කෑගල්ල තනිකරම අවුලක්. ඒත් කවුරුත් කතා කරන්නෙ නැහ. නූරි වත්තේ වුනු දේ මතකයි නෙ. කෑගල්ල තනිකරම මැරයන්ට යට වුනු නගරයක්. (දී)
ජාතික උරුමයන් කියල කිව්වත් ජාතියට උරුම වෙලා තියෙන්නේ ඇත්තෙන් ම කරුමයක්. අපි හැමදාමත් කියනවා "නිදහස" කියල වසරකට සැරයක් සමරන්නේ ජනතාවගේ ජීවත්වීමේ නිදහස උදුරාගත් පාලකයින් ඔවුනේ නිදහස් සමරන එකයි. මෙතන කරලා තියෙන්නෙත් ඒ රැවටීම පුනරුච්චාරණය කිරීමක්. (දී)
කෑගලු සතිපොළ නැතිනිසා එළවලු ඇතුළු අනෙකුත් දේ ලබාගැනීමට එන වෙළෙන්දෝ සහ පාරිබෝගිකයෝ දැඩි අපහසුතාවයකට පත්වෙලා! නගරාදීපතිතුමනි ඉක්මනටම විසදුමක් දෙන්ඩ කෑගලු සතිපොළ නැතිවීමෙන් එළවලුවල මිලත් වැඩිවීමට ඉඩ ඇත.(නදී)
නිදහස් උත්සවයක් නිසා අර අවුරුදු සිය ගනනක් පරන, පලාතටම සෙවන දුන්නු මාර ගස් දෙකම කැපුවා. දැන් වෙලෙන්දන්ට කඩත් නැති වෙලා. (නදී)
කෑගල්ල සති පොළ තිබ්බ විදිය මුළු නගරයටම අවලස්සනක්. වාහන තදබදය වැඩි වීමට හේතුවක්. මෙය තිබ්බ තැන නැතුව වෙන තැනකට ඉතා අලංකාර ලෙස ස්ථාන ගත කලානම් තම වඩාත් ඔබින්නේ.(දිල්)
අයි අප්පා ජාතික උරුමයන් පිළිඹද ඇමතිවරයා මුන ගැහිලා වැඩක් තියෙනවද? මර්වින් සිල්වා ඇමතිතුමා නේද හම්බවෙන්ට තිබුණේ? වැරදි තැනටමයි මේ ගොල්ලත් යන්නේ.(නදී)