සිළි සිළි නාදයෙන් සෙලවෙන නෙරළු නැතහොත් පොල් රුප්පාවෝ සර සර ගා හඬතලති.
දියමත පාවෙන ඔරු පාරු වලින් අසිරිමත් වු ධීවර ගියක හඬ ගොඩට ඇසෙයි. ඒ මසුන් මරන්නට ඈත දියඹට යන ධීවරයන්ගේ රිද්මයයි.රිටක් බැදි කරුවක නැගි රිටිපන්න ධීවර කාර්මිකයෝ පිත්තෙන් මාළු අල්ලති.
කොග්ගල මෝයෙහි ජලජ පරිසරියේ දුපත් විසි අටකින් තවමත් ඉතිරිව ඇති දුපත් කිහිපයකි. මඩොල්දුව හා කුරුළු දුවද ඈතින් දැකිය හැකිය.
ගුවන්,දුම්රිය, මුහුදු ,මහ පාර,පරණ අඩි පාර එකම නැතක දී දැකිය හැක්කේ කොග්ගල දී සුර්ය දිව්‍ය රාජයාට කැප වු ශ්‍රි ලංකාවේ එකම හිරුගල් දේවාලය ඇත්තේ ද කොග්ගලය.දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර හමුදා ගුවන් තොට පිහිටියේද මේ කොග්ගලය.යුද්ධය හමාරයේ කොග්ගල ගම ද හමාර විය.
හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ ජනකලා කෞතුකාගාරය නැතහොත් කොග්ගල මාර්ටින් වික‍්‍රමසිංහ ජනකලා කෞතුකාගාරයද කොග්ගල පිහිටියේය.එහෙත් කොග්ගල එදා ඉතිහාසය මාටින් වික්‍රමසිංහ කටුගෙයි ඇත.
මෙහිදි ගැමි කර්මාන්ත සජීවි නිරුපණය කැරෙයි.බෞද්ධ ආගමික උපකරණ නොයෙක් දෑ හා භාණ්ඩ නිෂ්පාදනය, පොල්ගස ආශ‍්‍රිත නිෂ්පාදන, සිංහල තෙල් බෙහෙත් වෙදකම, ගොවිපළ හා තොටුපළ, පාරම්පරික කුස්සිය, රස කැවිලි, කැටයම්,වෙස් මුහුණු, පන් ,පැදුරු, වේවැල් ,කුරුඳු ,පාරම්පරික ,ගැමි ගෙදර ,සුන්දර පරිසරය, ගැමි ගමක සුන්දරත්වය ආදි අංග මෙහි දී ඔබට මෙම කෞතුකාගාරයේදී දැකගත හැකියි
මඩොල් දූව
මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය
කොග්ගල අඩිපාර
කොග්ගල
මාර්ටින් වික්‍රමසිහ කෞතුකාගාරය











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඉතිහාසය කොපමන කළක් පවතීද කියලා තමයි කාටත් ප්‍රශ්නාර්ථයක් වෙන්නේ. (නදී)
ලිපිය කියවද්දි ගැමි සුවද ඇඟට දැනෙනවා. මොන තරම් සුන්දරද. තවත් විස්තර ඇතුලත් උනානම් ලිපියේ වටිනාකම තවත් වැඩිවෙනවා. (නදී)
ඉතාමත් දැකුම් කලුයි. නමුත් ආරක්ෂක රැකවරණයක් නම් පෙනුමට නැහැ. කොළඹ කටුගෙටත් රිංගපු එකේ , අපේ අයියලාගෙ වග විශ්වාස නැහැ. වටිනා සංස්කෘතික භාණ්ඩ ඇති නිසා! (නදී)
මෙය ඉතා වටිනා තැනක්. මගේ පොතක මේ කටුගේ ඇති අලි කරත්තය ගැන සටහනක් කර තිබෙනවා. (නි)
මේවා දකිද්දී අපේ අතීතය මතක් වෙනවා.මමත් මේ කෞතුකගරයට ගිහින් තියනවා.ගොඩක් වැදගත්. (දී)